ක්‍රිස්බ්‍රෝ නෙක්ස්ට් චෑම්ප්
වයස අවුරුදු 7දී ජිම්නාස්ටික් ක්‍රීඩාව ආරම්භ කළ නදිල නෙත්විරු
April 29, 2021

වයස අවුරුදු 7දී ජිම්නාස්ටික් ක්‍රීඩාව ආරම්භ කළ නදිල නෙත්විරු, පිරිමි ළමුන් 5 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලායි, කොළඹ බොරැල්ල ප්‍රදේශයෙන් ජාතියට බිහිවුණ දක්ෂ ජිම්නාස්ටික් ක්‍රීඩකයෙකු වන නදිල 2019 වසරේ ජාතික කනිෂ්ට ජිම්නාස්ටික් ශූරයා වේ එමෙන්ම 2019 ජාතික ජිම්නාස්ටික් ශූරතාවලියේ රන් පදක්කම්ලාභියායි. තවමත් 16 හැවිදිරි නදිල Parallel bars, Horizontal bar, Pommel horse, Vault යන අංශ වලින් දස්කම් දක්වයි.දැඩි කැපවීමකින් තම පුහුණුවීම් කටයුතු කරන නදිලගේ එකම බලාපොරොත්තුව ශ්‍රී ලංකා මාතාව ඔලිම්පික් රනින් බැබලවීමයි.

අනාගත ඔලිම්පික් තරුවකගේ තරු ලකුණු පෙන්වන නදිල ක්‍රිස්බ්‍රෝ සහ ජාතික ඔලිම්පික් කමිටුව එක්ව දියත් කරන Next Olympic Hope වැඩසටහනටද සුදුසුකම් ලැබූ තවත් එක් දක්ෂ ක්‍රීඩකයෙකි. නදිලගේ ඔලිම්පික් සිහිනයට හයියක් වන්නට ක්‍රිස්බ්‍රෝ සහ ජාතික ඔලිම්පික් කමිටුව ඔහුගේ පෙරගමන්කරුවන් ලෙස නිරතුරුවම රැඳී සිටියි. නදිල ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්.

Read More
මහනුවර අකුණු සැරය සෙනේකා
April 8, 2021

සෙනේකා ගුණරත්න කොළඹ ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන තවත් එක් දක්ෂ මලල ක්‍රීඩිකාවක්. 2019 වසරේ ජෝන් ටාබට් ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත් සෙනේකා මීටර් 100, 200, සහ 400 ඉසව්වලින් දක්ෂතා පෙන්වන අතර ඇය මහනුවරින් බිහිවූ තවත් දක්ෂ ක්‍රීඩා තරුවක්, වලල ඒ රත්නායක විදුහලේ ප්‍රධාන ක්‍රීඩා පුහුණුකරුවන සුසන්ත ප්‍රනාන්දු මහතා යටතේ පුහුණුවීම් ලබන සෙනේකාගේ මීළඟ සිහිනය ලක්මව ඔලිම්පික් රන් පදක්කමෙන් බැබලවීමයි.

සෙනේකා ක්‍රීඩිකාව ක්‍රිස්බ්‍රෝ සහ ජාතික ඔලිම්පික් කමිටුව එක්ව දියත් කරන Next Olympic Hope වැඩසටහනට සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවක් වන අතර ඇය මීළඟ ඔලිම්පික් පදක්කමක ශ්‍රී ලංකා බලාපොරොත්තුවකි, සෙනේකා, ඔබට අපේ උණුසුම් සුභ පැතුම්.
Profile: https://www.nextolympichope.com/athlete/seneka-gunaratne

Read More
මාතර කඹුරුපිටිය ඉඳන් ඔලිම්පික් හීනෙ දකින නෙත්මි නිම්තෙරා
March 20, 2021

මාතර කඹුරුපිටිය ඉඳන් ඔලිම්පික් හීනෙ දකින මේ දිරිය ක්‍රීඩිකාව නමින් නෙත්මි නිම්තෙරා. දක්ෂ බොක්සින් ක්‍රීඩිකාවක් වන නෙත්මි 2020 කාන්තා හා පිරිමි බොක්සින් ශුරතාවලියේ ශුරතාවය සහ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ලබා ගන්නවා එමෙන්ම 2019 වසරේද එම ඉසව්වේම ශුරතාවය සහ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ලබා ගන්නත් ඇය සමත් වෙනවා. ක්‍රීඩිකාවට මෙන්ම අධ්‍යාපනයට එකසේ දස්කම් දක්වන නෙත්මිගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව ලක්මව වෙනුවෙන් පදක්කමක් දිනාගැනීමයි.

නෙත්මි ක්‍රීඩිකාව ක්‍රිස්බ්‍රෝ සහ ජාතික ඔලිම්පික් කමිටුව එක්ව දියත් කරන Next Olympic Hope වැඩසටහනට සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවක් වන අතර ඇය මීළඟ ඔලිම්පික් පදක්කමක ශ්‍රී ලංකා බලාපොරොත්තුවකි, නෙත්මි, ඔබට අපේ උණුසුම් සුභ පැතුම්.

Read More
තවත් කෙනෙක්ගේ හීනයක් තමන්ගේ හීනයක් කරගත්ත ප්‍රදීප් ජයසිංහ
March 15, 2021
තවත් කෙනෙක්ගේ හීනයක් තමන්ගේ හීනයක් කරගෙන ඒ වෙනුවෙන් කැපවෙන්න හැමෝටම බැහැ නමුත් අපේ ජීවිතේ එවැනි චරිත කිහිපයක්ම අපට හමුවෙනවා ඒ එක චරිතයක් තමයි අපේ ආදරනීය ගුරුවරුන්. තම ශිෂ්‍යන්ගේ හීන තමන්ගේ හීන කරගෙන ඒ වෙනුවෙන් කැපවෙන ආදර්ශමත් ගුරුවරයෙක් එහෙමත් නැත්තම් ක්‍රීඩා පුහුණුකරුවෙකු අපට මුණගැහුණා ඒ තමයි මාතර කඹුරුපිටිය ක්‍රීඩා නිලධාරියෙකු වශයෙන් සහ බොක්සිං පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කරන ප්‍රදීප් ජයසිංහ මහතා.

ඔහු යටතේ පුහුණුවීම් ලබන නෙත්මි නිම්තෙරා ක්‍රීඩිකාව Next Olympic Hope වැඩසටහනට සුදුසුකම් ලැබූ ඉතාමත් දක්ෂ ක්‍රීඩිකාවක් වන අතර ඇයගේ පුහුණුවීම් කෙරෙහි ප්‍රදීප් ජයසිංහ මහතා කරන කැප කිරීම අපි මෙසේ අගයන අතර මීළඟ ඔලිම්පික් පදක්කමේ හිමිකාරිය හෝ හිමිකරු බිහි කිරීමට ඔබට හැකියාව ලැබේවායි සුවහසක් ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් අපි ප්‍රර්ථනා කරන්නෙමු.
Read More
කනිෂ්ට ජෝන් ටාබට් තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූ දිනාරා
November 5, 2020

ලෝකයේ ඉන්න ඕනෑම දක්ෂ ක්‍රීඩකයෙක් ක්‍රීඩිකාවක් ලෝක ශුරයෙක් ඔලිම්පික් පදක්කම් ලාභියෙක් පසු කරපු නිශ්චිත අවධියක් තිබෙනවා ඒ තමන්ගේ ළමා අවධිය තමාගේ කුඩාකාලය පසු නොකර පැමිණි කිසිම ක්‍රීඩක ක්‍රීඩිකාවක් මේ ලෝකයේ ජයග්‍රහණ ලබලා නැහැ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශේෂත්යනම් ඔවුන් කුඩා කාලයේදීම තමන් අනාගතයේ ජයග්‍රහණය ලබන බව ඔවුන්ගේ හැසිරීම සහ දක්ෂතාවලින් පෙන්වා තිබීමයි.

වැදගත්ම දේ නම් ඔවුන්ගේ එම දක්ෂතාවයන් හඳුනාගත් මිනිසුන් ඔවුන්ව නිවැරදිව ජයග්‍රහණය දක්වා මෙහෙයවා තිබෙනවා ඒ නිසා අද දවසේ ජයග්‍රහණය යනු ඊයේ දවසේ මහන්සියක ප්‍රතිපල බව අපි මතක තබාගත යුතුයි. වෙනදා මෙන්ම අදත් අපි සුදානම් වෙන්නේ හෙට දවසේ බිහිවීමට නියමිත දක්ෂයෙක්ගේ කතාව ඔබ වෙතට ගෙන එන්නයි.

අපි බලමු මේ ක්‍රීඩිකාව පිළිබඳව ඔබ දන්නවද කියලා

 

 

Read More