2023 ජාතික ශූරතා මල්ලවපොර තරගාවලියේ දී Crysbro Next Champ නෙත්මිගේ කණ්ඩායම සුපිරි දක්ෂතා අතරට.

2023 ජාතික ශූරතා මල්ලවපොර තරඟාවලිය පසුගිය 18 හා 19 දෙදින පැවැත්වුනා, මෙහිදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සුරංග කුමාර මහතාගේ පුහුණුකාරිත්වය යටතේ සිටින නිපුනි වාසනා හා චමෝද්‍යා කේශනී ක්‍රීඩිකාවන් දෙපල සමත් වූ අතර නෙත්මි අහිංසා මේ වන විට ඊජිප්තු තරඟ සංචාරයකට සහභාගිවී සිටින හෙයින් මෙවර ජාතික ශූරතාවලියට සහභාගී වූයේ නැහැ.

මෙම ශුරතාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගැනීමට නිපුනි වාසනා සමත්වුණා ඒ වගේම 50kg බර පන්තියේ රන් පදක්කම දිනගත්තේද නිපුනියි. තවමත් 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් වන නිපුනි මේ තරගාවලියේ සිටි ලාබාලතම ක්‍රීඩිකාවද වීම තවත් විශේෂත්වයක්. මෙහිදී අත්දැකීම් බහුල යුධ, ගුවන්, නාවික හමුදා සංචිත වල ක්‍රීඩිකාවන් සහ අනෙකුත් ක්‍රීඩා සමාජ වල ක්‍රීඩිකාවන් ඉදිරියේ ඇය ක්‍රීඩා කල ආකාරය මල්ලවපොර ප්‍රවීණයන්ගේ අවදානයට හා පැසසුමට ලක්වුණා.

එමෙන්ම චමෝද්‍යා කේශනී ක්‍රීඩිකාවද කාන්තා 53kg ඉසව්වේ රන් පදක්කම දිනාගත්තා. එමෙන්ම සමස්ත ශුරතාවලියේ අනුශුරතාවය දිනාගැනීමට නෙත්මි, චමෝද්‍යා සහ නිපුනි සාමාජිකත්වය දරන පුහුණුකරු සුරංග කුමාර මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකවන චැලේන්ජර්ස් ක්‍රීඩා සමාජයට හැකියාව ලැබුණා.

අවම පහසුකම් යටතේ තමා සතුව පවතින සීමිත සම්පත් ප්‍රයෝජනයට ගනිමින් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩිකාවන් තිදෙනෙක්ම බිහිකිරීම පහසු කටයුත්තක් නෙමෙයි නමුත් සුරංග කුමාර මහතාගේ අප්‍රතිහත කැපකිරීම හා ඔහුගේ ක්‍රීඩිකාවන්ගේ තිබෙන උනන්දුව මත අද ඔහු මේ ජයග්‍රහණයට හිමිකම් කියනවා. ජයග්‍රහණය ලැබූ ක්‍රීඩිකාවන්ට වගේම පුහුණුකාර සුරංග කුමාර මහතාටත් අපේ උණුසුම් සුබ පැතුම් !

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x