2023 ජාතික ශූරතා මල්ලවපොර තරඟාවලිය පසුගිය 18 හා 19 දෙදින පැවැත්වුනා, මෙහිදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සුරංග කුමාර මහතාගේ පුහුණුකාරිත්වය යටතේ සිටින නිපුනි වාසනා හා චමෝද්‍යා කේශනී ක්‍රීඩිකාවන් දෙපල සමත් වූ අතර නෙත්මි අහිංසා මේ වන විට ඊජිප්තු තරඟ සංචාරයකට සහභාගිවී සිටින හෙයින් මෙවර ජාතික ශූරතාවලියට සහභාගී වූයේ නැහැ.
මෙම ශුරතාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගැනීමට නිපුනි වාසනා සමත්වුණා ඒ වගේම 50kg බර පන්තියේ රන් පදක්කම දිනගත්තේද නිපුනියි. තවමත් 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් වන නිපුනි මේ තරගාවලියේ සිටි ලාබාලතම ක්‍රීඩිකාවද වීම තවත් විශේෂත්වයක්. මෙහිදී අත්දැකීම් බහුල යුධ, ගුවන්, නාවික හමුදා සංචිත වල ක්‍රීඩිකාවන් සහ අනෙකුත් ක්‍රීඩා සමාජ වල ක්‍රීඩිකාවන් ඉදිරියේ ඇය ක්‍රීඩා කල ආකාරය මල්ලවපොර ප්‍රවීණයන්ගේ අවදානයට හා පැසසුමට ලක්වුණා.
එමෙන්ම චමෝද්‍යා කේශනී ක්‍රීඩිකාවද කාන්තා 53kg ඉසව්වේ රන් පදක්කම දිනාගත්තා. එමෙන්ම සමස්ත ශුරතාවලියේ අනුශුරතාවය දිනාගැනීමට නෙත්මි, චමෝද්‍යා සහ නිපුනි සාමාජිකත්වය දරන පුහුණුකරු සුරංග කුමාර මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකවන චැලේන්ජර්ස් ක්‍රීඩා සමාජයට හැකියාව ලැබුණා.
අවම පහසුකම් යටතේ තමා සතුව පවතින සීමිත සම්පත් ප්‍රයෝජනයට ගනිමින් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩිකාවන් තිදෙනෙක්ම බිහිකිරීම පහසු කටයුත්තක් නෙමෙයි නමුත් සුරංග කුමාර මහතාගේ අප්‍රතිහත කැපකිරීම හා ඔහුගේ ක්‍රීඩිකාවන්ගේ තිබෙන උනන්දුව මත අද ඔහු මේ ජයග්‍රහණයට හිමිකම් කියනවා. ජයග්‍රහණය ලැබූ ක්‍රීඩිකාවන්ට වගේම පුහුණුකාර සුරංග කුමාර මහතාටත් අපේ උණුසුම් සුබ පැතුම් !
2022 සමස්ත ලංකා ටයිකොන්ඩෝ ශුරතාවලියේ කිලෝ ග්රෑම් 54 බරපන්තියේ රන් පදක්කම දිනාගනිමින් එම ශුරතාවලියේ දක්ෂතම ක්රීඩකයාට හිමි සම්මානය දිනාගත් Crysbro Next Champ තරින්ද මන්දාරට අපේ උණුසුම් සුබ පැතුම්!
2022 සමස්ත ලංකා ටයිකොන්ඩෝ ශුරතාවලියේ අවසන් තරඟයේ දී Crysbro Next Champ තරින්ද මන්දාර (රතු ) දැක්වූ සටන්කාමී ක්රීඩා විලාශය.
ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 2500 ලබාගත් පළමු ශ්‍රී ලාංකික චෙස් ක්‍රීඩකයා ලෙස කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසාල් ද සිල්වා මෙරට චෙස් ක්‍රීඩා ඉතිහාසයට එක්විය.
එමෙන්ම ජාත්‍යන්තර ශ්‍රේනිගත ලකුණු 2500 ලබාගත් මෙරට පළමු පාසල් චෙස් ක්‍රීඩකයා වන්නේද ඔහුය.
අඩ සියවසක් වන් චෙස් ක්‍රීඩා ඉතිහාසයක් ඇති මෙරට එවැනි සමාර්තකමක් දැක්වීමට සුසාල් ද සිල්වා හැර කිසිදු චෙස් ක්‍රීඩකයෙකුට මෙතෙක් හැකියාවක් නොලැබි තිබිණ.
විදෙස් තරග සංචාරවලදී සුසාල් ද සිල්වා ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු වැඩි චෙස් ක්‍රීඩකයින් පරදවා නැතහොත් ඔවුන් සමග තරග ජය පරාජයෙන් තොරව නිමාවට පත්කර ගෙන මේ ඉලක්කයට ලගාවී තිබේ.
වත්මන් ජාතික චෙස් ශුරයා වන සුසාල් ද සිල්වා මේ වනවිට ජාතික ශුරතාව දෙවරක්ම හිමිකර ගෙන ඇත්තේය.
මේ වසරේ මාලදිවයිනේ පැවති බටහිර ආසියානු චෙස් තරගාවලියේදී වයස 18න් පහල විවෘත ශුරතාවද සුසාල් ද සිල්වා දිනා ගත්තේය. ඔහු ශ්‍රී ලංකා ජාතික චෙස් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකි.
News Source : wijeya.lk