ක්‍රීඩාවේ තාක්‍ෂණය
අදියරෙන් අදියර පිහිනුම් ක්‍රීඩකයෙකු පුහුණු කරන්නේ කෙසේද? – Sumith Perera
August 10, 2020

swimming ක්‍රීඩාව ගැන හැඳින්වීමක් කලොත්?

swimming ක්‍රීඩාව කියන්නේ අපේ ජිවිතයට ඉතාම වැදගත් දෙයක්, මේක ලොකු කුඩා හැමෝටම තමන්ගේ ශරීර සෞඛ්‍යට හොඳ ව්‍යායාමයක් වෙනවා වගේම හැමෝටම කරන්න පුළුවන් හොඳ ක්‍රීඩාවක්.

swimming පුහුණුවීම් කටයුතු සිද්දවෙන්නේ කොහොමද?

අපි ඉස්සෙල්ලම කරන්නේ ක්‍රීඩකයන්ව ජලයට හුරු කරන එක, මොකද ජලයත් එක්ක අපිට ඕන ඕන විදියට රාජකාරි කරන්න බැහැ ඒකට ජලය හොඳට හුරුවෙන්න ඕනේ, අනික ක්‍රීඩකයෙක් පුහුණු කිරීමේදී හොඳ පුහුණුකරුවෙක් හොයාගන්න ඕනේ ඒ වගේම එම පුහුනුකරුටත් හොඳ හැකියාවක් තියෙන්න ඕනේ.

මේක දැන් ලෝකයේ ජනප්‍රිය ක්‍රීඩාවක් ඒ වගේම swimming වලට දැන් නව තාක්ෂනය පවා භාවිතා වෙනවා. අපිට මේ හැම තාක්ෂනයක්ම නැති උනත් අපි හරි දේ හරි විදියට පුහුණු උනොත් අපිට ඔලිම්පික් දක්වා ගමනක් යන්න පුළුවන් වේවි.

Read More
ක්‍රීඩාවෙන් ජයග්‍රහණ කරා යන ගමනේදී නිවැරදි ලෙස තාක්ෂණය භාවිත කරන්නේ කෙසේද?
February 3, 2020

ඔබ ක්‍රීඩා පිලිබඳ උනන්දු පුද්ගලයෙක් නම් ඔබ දන්නවා ඇති, කුමන බාහිර සාධක නිසියාකාරව තිබුනත් ක්‍රීඩාවට අදාල තාක්ශණය නිවැරදි ලෙස භාවිත නොකලහොත් ඔබගේ ක්‍රීඩා දිවියේ ජයග්‍රහණ සදහා එය ලොකු බලපෑමක් ඇති කරන බව.

ඉතින් අද ක්‍රිස්බෝ නෙක්ස්ට් චෑම්ප් වැඩසටහනින් ඔබගේ ක්‍රීඩා දිවියට වැදගත් යමක් ඉදිරිපත් කිරීමටයි මේ උත්සාහය, ක්‍රීඩාවෙන් ජයග්‍රහණ කරා යන ගමනේදී නිවැරදි ලෙස තාක්ෂණය භාවිත කරන්නේ කෙසේද?
මේ පිලිබඳව අද අප දැනුවත් කරනු ලබන්නේ, ජාතික ක්‍රීඩා විද්‍යාතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල් මහතා

අප මුලින්ම කතා කලොත් ධාවන ඉසව් වලදී තාක්ෂණය භාවිතය කෙසේද?

ධාවන ඉසව්වක මූලික පියවර සාමාන්‍ය පියවර හා අවසානය වශයෙන් කොටස් තුනක් තිබෙනවා.
කෙටි දුර ධාවන ඉසව් වලදී ආරම්භය ඉරියව් තුනකින් සමන්විත වනවා. එලෙසම මැදි දුර හා දිගු දුර ඉසව් වල ආරම්භය අදියර දෙකකින් සමන්විත වනවා.

දිගු දුර ඉසව් වලදී ආරම්භය ලබා ගන්නේ කෙසේද?

මෙම ඉසව් වලදී සැරසෙන් වෙඩි හඩට ධාවන ආරම්භ කරනු ලබනවා.
මෙම ආරම්භක අවස්තාවේ දී තමයි අප තාක්ෂණික උපක්‍රම යොදා ගන්නේ.

එහි දී ක්‍රීඩිකාවන් භාවිත කරන තාක්ෂණය ගැන පැහැදිලි කිරීමක් කලහොත්,

මෙම සැරසෙන් කියන අවස්තාවේ දී ආරම්භක රේඛාවට පිටුපසින් තමන්ගේ ශක්තිමත් පාදය තබා අනෙක් පාදය පිටුපසට තබා ඊට විරුද්ධව අත් තබාගෙන සූදානම් වේ.

අධ්‍යක්ෂතුමනි සියලුම ධාවන ඉසව් වලදී මූලික පියවර ඔබතුමා ඉහත සදහන් කල ආකාරයටමද සිදු වන්නේ?

නැහැ එය ඉසව්වෙන් ඉසව්වට වෙනස් වනවා. එහිදී කෙටි දුර ඉසව් වල මූලික පියවර වශයෙන් හදුන්වන්නෙ 30m පමණ දුරක් ද,  විශේෂයෙන් ම මැදි දුර ඉසව් වල මූලික පියවර වශයෙන් 800m ඉසව්වේ දී 100m ද, 1500m ඉසව්වේදී 80m ද, වනවා.මෙලෙස තාක්ෂණය විවිධාකාරයෙන් භාවිත වීමට හේතුව වන්නේ තරග ආරම්භ කරන ස්ථානයයි.

අධ්‍යක්ෂතුමනි, දැන් අපගේ අවධානය සාමාන්‍ය පියවර වෙත යොමු කලොත්, එහිදී භාවිත තාක්ෂණික උපක්‍රම මොනවද?

ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින අවස්තාව  සාමාන්‍ය පියවර ලෙස හදුන්වනු ලබනවා. මෙහිදී, වැදගත් වන්නේ තත්පරයකට තබන පියවර සංඛ්‍යාව එනම් (Frequency ) හා පියවර අතර දුර ප්‍රමාණය එනම් (Straight Length).

කෙටි දුර ධාවන ඉසව් වලදී වැදගත් වන්නේ තත්පරයකට තබන පියවර ප්‍රමාණයයි.
එලෙසම මැදි දුර හා දිගු දුර ඉසව් වලදී මෙම frequency හා straight length යන දෙකෙහිම සංයෝජනයක් දක්නට ලැබෙනවා.

මෙම සංයෝජනය නිසියාකරව පවත්වා ගැනීමට නම් යෝග්‍යතාවයන් ඉහල මට්ටමකට පුහුණුකිරීමට සිදු වනවා. එම යෝග්‍යතාවයන් ලෙස වේගය දරා ගැනීම, වේගය, සම්බන්ධීකරණය, ශක්තිය වැනි ප්‍රධාන ශාරීරික යෝග්‍යතා පුහුණු කිරීම සිදු වනවා.

ධාවන ඉසව්වක අවසාන පියවර වන්නේ ඉසව්ව අවසන් කිරීමයි. මේ පිලිබඳව දැනුවත් කිරීමක් සිදු කලහොත්,

ඉසව්වක අවසානය ඉතාමත් වැදගත්. සාමාන්‍යයෙන් අවසානය නිවැරදිව සිදු කරනු ලබන්නේ ඉහල කද පෙදෙස ඉදිරියට නමා තරගය නිමා කරනු ලැබේ.

ඉතින් මෙම තාක්ෂණික උපක්‍රම නිසියාකාරව භාවිතය මගින් අපගේ ක්‍රීඩා ගමන සාර්ථකව පවත්වාගෙන යාමට හා ජයග්‍රහණය කරා යෑමද ඉතාමත් පහසු වනවා.

Read More