එක රැයකින් මුළු රටක්ම ආදරයයෙන් වැළඳගත් ලොවක් දිනූ නමක් “නෙත්මි අහිංසා”

නෙත්මි අහිංසා පෝරුතොටගේ. මීට මාස ගණනකට පෙර අප ඇතුළු කිහිපදෙනෙක් පමණක් දැන සිටි මේ නම අපි කාලයක් තිස්සේ බලාපොරොත්තු වෙච්ච විදියටම ලංකාවටම මතක හිටින විදිහේ නමක් බවට පත් වුණේ පසුගිය දිනක නිමාවට පත්වුණු පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගත් පළමු කාන්තා මල්ලවපොර පදක්කම දිනාගනිමින් ශ්‍රී ලාංකික මල්ලවපොර ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටවීමට සමත්වීම සමඟයි.මෙම තරගයේදී ඇය සමඟ තරග වැදුණු ඔස්ට්‍රේලියාවේ අයිරින් සයිමන්ඩ්ස් ක්‍රීඩිකාව සම්බන්ධයෙන් බොහෝ විචාරකයන් මත පල කර සිටියද අහිංසා එම සියලු මත බිඳ දමමින් ලෝකඩ පදක්කම මව්බිම වෙනුවෙන් දිනා ගත්තාය. ඒ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පදක්කමක් දිනාගත් ලාබාලතම ලාංකික ක්‍රීඩිකාව ලෙස තම නම ඉතිහාසයට එක් කරමිනි.


කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙල්පල්ල ගම්මානයේ ජීවත් වන ඇය පවුලේ දෙවෙනියාය. ඇයට සහෝදර සහෝදරියන් තුන් දෙනෙකි. කුඩා කල සිට විවිධ කම් කටොලු මැද ජීවත්වූ ඇයට මල්ලවපොර ක්‍රීඩා පුහුණු කටයුතු ද සුන්දර වුණේ නැහැ. ලී කුඩු, මෙට්ට මත තම පුහුණුවීම් කටයුතු වල නිරත වූ නෙත්මි ඇතුළු පිරිසට ක්‍රීඩා පුහුණුවීම් වෙනුවෙන් ස්ථිර ස්ථානයක්ද නොමැති විය. කෙසේ නමුත් ඒ කිසිවක් ඔවුන්ගේ සාර්ථකත්වයට බාධාවක් වුණේ නැහැ පළාත් හා ජාතික මට්ටමින් විවිධ ජයග්‍රහණ ලබාගැනීමට නෙත්මිට හැකියාව ලැබුණා, ඒ සියලු ජයග්‍රහණ පසුපස සිටියේ නෙත්මිගෙ පුහුණුකරු සුරංග පුෂ්පකුමාර මහතායි.

නෙත්මිගෙ මේ ජයග්‍රහණත් සමඟ ජාතික ඔලිම්පික් කමිටුවේ අවදානය නෙත්මි සහ ඇගේ පුහුණුකරු සුරංග පුෂ්පකුමාර මහතා වෙත යොමු වුණා එහි ප්‍රතිපලයක් ලෙස Crysbro හා ජාතික ඔලිම්පික් කමිටුව එක්ව දියත් කරන Crysbro Next Champ වැඩසටහනට සුදුසුකම් ලැබීමට නෙත්මිට හැකියාව ලැබුණා. මේ වැඩසටහනට නෙත්මි ඇතුළු යෞවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසි දෙදෙනෙකු තෝරාගත් අතර ඔවුන්ගේ පෝෂණ හා මුල්‍ය අවශ්‍යතා වෙනුවෙන් වාර්ෂිකව මිලියන 20ක මුදලක් Crysbro ආයතනයේ අනුග්‍රහයෙන් වෙන් කරනු ලැබුවා. එම මුදල් සෑම මසකම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව හරහා පිරිනමනු ලැබුවේ ඔවුන්ගේ තිබූ බොහෝ ගැටළු වලට අස්වැසිල්ලක් ලබා දෙමින්.

නෙත්මි Crysbro Next Champ වැඩසටහනේ ආරම්භයේ පටන්ම කැපී පෙනෙන දස්කම් දක්වන ක්‍රීඩිකාවක් වුණා, ඇගේ දැඩි කැපවීම හා දක්ෂතාවය මත මීට මාස කිහිපයකට පෙර හංගේරියාවේ පුහුණු සැසියකට සහභාගිවීමේ භාග්‍ය ඇයට හිමි වුණා, ඇය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුකම් ලබාගත් පණිවිඩයද ඇයට ලැබෙන්නේ ඒ පුහුවීම් අතරතුරයි. හංගේරියාවේ සිටම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වෙත ගිය ඇය නැවත අපේ මව්බිමට පැමිණියේ  ඉතිහාසගත පදක්කමකින් ඇගේ ගෙල සරාසගෙනයි. නෙත්මි යනු වසර 22ක් තිස්සේ අපි මඟ බලන මීළඟ ඔලිම්පික් පදක්කමේ හීනය යථාර්තයක් බවට පත්කළ හැකි මට්ටමේ ඉතාමත් දක්ෂ, තරු ගුණයෙන් යුත් ක්‍රීඩිකාවක්. Crysbro Next Champ අපේ අරමුණද නෙත්මි එය යථාර්තයක් කරනු දැකීමයි. ඒ වෙනුවෙන් නෙත්මි ඇගේ උපරිම කැපවීම කරන බව අපි දන්නවා ඒ වගේම ඒ කැපවීමට හයියක් වෙන්න Crysbro Next Champ අපිත් අයත් සමඟම සිටිනවා. නෙත්මි ඔබට ජය !

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x