ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 2500 ලබාගත් පළමු ශ්‍රී ලාංකික චෙස් ක්‍රීඩකයා ලෙස කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසාල් ද සිල්වා මෙරට චෙස් ක්‍රීඩා ඉතිහාසයට එක්විය.
එමෙන්ම ජාත්‍යන්තර ශ්‍රේනිගත ලකුණු 2500 ලබාගත් මෙරට පළමු පාසල් චෙස් ක්‍රීඩකයා වන්නේද ඔහුය.
අඩ සියවසක් වන් චෙස් ක්‍රීඩා ඉතිහාසයක් ඇති මෙරට එවැනි සමාර්තකමක් දැක්වීමට සුසාල් ද සිල්වා හැර කිසිදු චෙස් ක්‍රීඩකයෙකුට මෙතෙක් හැකියාවක් නොලැබි තිබිණ.
විදෙස් තරග සංචාරවලදී සුසාල් ද සිල්වා ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු වැඩි චෙස් ක්‍රීඩකයින් පරදවා නැතහොත් ඔවුන් සමග තරග ජය පරාජයෙන් තොරව නිමාවට පත්කර ගෙන මේ ඉලක්කයට ලගාවී තිබේ.
වත්මන් ජාතික චෙස් ශුරයා වන සුසාල් ද සිල්වා මේ වනවිට ජාතික ශුරතාව දෙවරක්ම හිමිකර ගෙන ඇත්තේය.
මේ වසරේ මාලදිවයිනේ පැවති බටහිර ආසියානු චෙස් තරගාවලියේදී වයස 18න් පහල විවෘත ශුරතාවද සුසාල් ද සිල්වා දිනා ගත්තේය. ඔහු ශ්‍රී ලංකා ජාතික චෙස් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකි.
News Source : wijeya.lk
නෙත්මි අහිංසා පෝරුතොටගේ. මීට මාස ගණනකට පෙර අප ඇතුළු කිහිපදෙනෙක් පමණක් දැන සිටි මේ නම අපි කාලයක් තිස්සේ බලාපොරොත්තු වෙච්ච විදියටම ලංකාවටම මතක හිටින විදිහේ නමක් බවට පත් වුණේ පසුගිය දිනක නිමාවට පත්වුණු පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගත් පළමු කාන්තා මල්ලවපොර පදක්කම දිනාගනිමින් ශ්‍රී ලාංකික මල්ලවපොර ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටවීමට සමත්වීම සමඟයි.මෙම තරගයේදී ඇය සමඟ තරග වැදුණු ඔස්ට්‍රේලියාවේ අයිරින් සයිමන්ඩ්ස් ක්‍රීඩිකාව සම්බන්ධයෙන් බොහෝ විචාරකයන් මත පල කර සිටියද අහිංසා එම සියලු මත බිඳ දමමින් ලෝකඩ පදක්කම මව්බිම වෙනුවෙන් දිනා ගත්තාය. ඒ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පදක්කමක් දිනාගත් ලාබාලතම ලාංකික ක්‍රීඩිකාව ලෙස තම නම ඉතිහාසයට එක් කරමිනි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙල්පල්ල ගම්මානයේ ජීවත් වන ඇය පවුලේ දෙවෙනියාය. ඇයට සහෝදර සහෝදරියන් තුන් දෙනෙකි. කුඩා කල සිට විවිධ කම් කටොලු මැද ජීවත්වූ ඇයට මල්ලවපොර ක්‍රීඩා පුහුණු කටයුතු ද සුන්දර වුණේ නැහැ. ලී කුඩු, මෙට්ට මත තම පුහුණුවීම් කටයුතු වල නිරත වූ නෙත්මි ඇතුළු පිරිසට ක්‍රීඩා පුහුණුවීම් වෙනුවෙන් ස්ථිර ස්ථානයක්ද නොමැති විය. කෙසේ නමුත් ඒ කිසිවක් ඔවුන්ගේ සාර්ථකත්වයට බාධාවක් වුණේ නැහැ පළාත් හා ජාතික මට්ටමින් විවිධ ජයග්‍රහණ ලබාගැනීමට නෙත්මිට හැකියාව ලැබුණා, ඒ සියලු ජයග්‍රහණ පසුපස සිටියේ නෙත්මිගෙ පුහුණුකරු සුරංග පුෂ්පකුමාර මහතායි.
නෙත්මිගෙ මේ ජයග්‍රහණත් සමඟ ජාතික ඔලිම්පික් කමිටුවේ අවදානය නෙත්මි සහ ඇගේ පුහුණුකරු සුරංග පුෂ්පකුමාර මහතා වෙත යොමු වුණා එහි ප්‍රතිපලයක් ලෙස Crysbro හා ජාතික ඔලිම්පික් කමිටුව එක්ව දියත් කරන Crysbro Next Champ වැඩසටහනට සුදුසුකම් ලැබීමට නෙත්මිට හැකියාව ලැබුණා. මේ වැඩසටහනට නෙත්මි ඇතුළු යෞවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසි දෙදෙනෙකු තෝරාගත් අතර ඔවුන්ගේ පෝෂණ හා මුල්‍ය අවශ්‍යතා වෙනුවෙන් වාර්ෂිකව මිලියන 20ක මුදලක් Crysbro ආයතනයේ අනුග්‍රහයෙන් වෙන් කරනු ලැබුවා. එම මුදල් සෑම මසකම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව හරහා පිරිනමනු ලැබුවේ ඔවුන්ගේ තිබූ බොහෝ ගැටළු වලට අස්වැසිල්ලක් ලබා දෙමින්.
නෙත්මි Crysbro Next Champ වැඩසටහනේ ආරම්භයේ පටන්ම කැපී පෙනෙන දස්කම් දක්වන ක්‍රීඩිකාවක් වුණා, ඇගේ දැඩි කැපවීම හා දක්ෂතාවය මත මීට මාස කිහිපයකට පෙර හංගේරියාවේ පුහුණු සැසියකට සහභාගිවීමේ භාග්‍ය ඇයට හිමි වුණා, ඇය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුකම් ලබාගත් පණිවිඩයද ඇයට ලැබෙන්නේ ඒ පුහුවීම් අතරතුරයි. හංගේරියාවේ සිටම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වෙත ගිය ඇය නැවත අපේ මව්බිමට පැමිණියේ ඉතිහාසගත පදක්කමකින් ඇගේ ගෙල සරාසගෙනයි. නෙත්මි යනු වසර 22ක් තිස්සේ අපි මඟ බලන මීළඟ ඔලිම්පික් පදක්කමේ හීනය යථාර්තයක් බවට පත්කළ හැකි මට්ටමේ ඉතාමත් දක්ෂ, තරු ගුණයෙන් යුත් ක්‍රීඩිකාවක්. Crysbro Next Champ අපේ අරමුණද නෙත්මි එය යථාර්තයක් කරනු දැකීමයි. ඒ වෙනුවෙන් නෙත්මි ඇගේ උපරිම කැපවීම කරන බව අපි දන්නවා ඒ වගේම ඒ කැපවීමට හයියක් වෙන්න Crysbro Next Champ අපිත් අයත් සමඟම සිටිනවා. නෙත්මි ඔබට ජය !
ලොව විවිධාකාර ක්‍රීඩා උළෙලවල් අතුරින් තවත් පැරණිම සහ අති උත්කර්ශවත් මුහුණුවරක් ගන්නා තරගාවලියක් වන්නේ මෙම ආසියානු ක්‍රීඩා උළෙලයි. ආසියානු ඔලිම්පික් කමිටුව විසින් සංවිධානය කරන මෙම උළෙල ඔලිම්පික් උළෙල ආකාරයෙන්ම වසර 4 කට වරක් පැවැත්වේ. දැන් අප මෙහි ඉතිහාසය පිළිඹදව මදක් සළකා බලමු.
ආසියානු ක්‍රීඩා උළෙලේ ආරම්භය ගැන සැළකීමේදී 1950 දක්වා අතීතයකට කාලය දිව යයි. එනම් නව දිල්ලියේ පැවති පළමු උළෙලයි. දෙවන ලෝක යුධ සමයෙන් පසු ඔලිම්පික් වරම් අහිමි වී තිබූ ජපානයටද මෙම අසියානු ක්‍රීඩා උළෙලට තරග වැදීමට හිමි වීම සැම දෙනාගේම අවදානය දිනාගැනීමට යොමු වූ කරුණකි. මන්දයත් ඔවුන් මෙයට සහභාගී වූයේ 1949 යේ පැවති ආසියානු සමාරම්භක රැස්වීමටද සහභාගීත්වයෙන් තොරව වීමෙනි. තවද අවාසනාවන්ත ලෙස දකුණු කොරියාවට මේ සඳහා සහභාගී නොවීමට සිදුවූයේ එවකට එරට 1953 දක්වා ඇදී ගිය කොරියානු උද්ධය නිසාවෙනි .කෙසේ වෙතත් අවසානයේ ජාතික ඔලිම්පික් කමිටු 11ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 489 කගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා 12 ක් අවසානයේ සමස්ත පදක්කම් 169 කින් වර්ණවත් වෙමින් අති උත්කර්ශවත් ලෙස මෙම තරගාවලිය නිමා විය.
පසුව මෙහි දෙවන අදියර ලෙස පිලිපීනයේ මැනිලා නුවරද තෙවන අදියර ලෙස ජපානයේ ටෝකියෝ නුවරද ආකාරයට මේ දක්වා විවිධ ආසියාතික රටවල් නියෝජනය කරමින් මෙම උළෙල පැවැත්වීය. ආසියානු තරගාවලියේ අවසානයට පැවැත්වූ අදියර වන්නේ 2018 දී ඉන්දුනීසියාව සත්කාරකත්වය දැක්වූ උළෙලයි. මෙහිදී සමස්ත පදක්කම් 92ක් සමගින් චීනය මෙම තරගාවලියේ පෙරමුන ගන්නා ලදී.
දැන් අප ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සහභාගීත්වය පිළිඹදව මදක් සොයා බලමු. මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම ලෙස 1951 දී මළල ක්‍රීඩා අංශයේ රිටි පැනීම ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට M.A. Akbar සමත් වෙයි. රන් පදක්කමක් ලෙස පළමු පදක්කම දිනා ගනු ලැබූවේ Nagalingam Ethirveerasingam ක්‍රීඩකයා විසිනි. ඒ 1958 ටෝකියෝ උළෙලේ මළල ක්‍රීඩා අංශයෙනි. මේ ආකාරයෙන් විවිධ වසර වලදී විවිධාකාරයේ ඉසව් වලට සහභාගී වෙමින් මේ දක්වා රන් පදක්කම් 11ක් රිදී පදක්කම් 11ක් ලෝකඩ පදක්කම් 24 ක් සමගින් සමස්ත පදක්කම් 46 කින් ලක් මාතාව වර්ණවත් කිරීමට අපගේ විශිශ්ටයින් සමත් වී තිබීම සතුටට කරුණකි.
පුරා වසර ගණනාවක් නොකඩවා පැවති මෙම උළෙල 2022 වසරේද අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම තරගාවලිය 2022 සැප්තැම්බර් 10න් ආරම්භ කර 2022 සප්තැම්බර් 25 දක්වා චීනයේ Hangzhou නුවරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර හමාරය.
පුරා වසර ගණනාවක දැවැන්ත අතීතයකට හිමිකම් කියන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මෙවරත් 2022 ජූලි 28 දා සිට අගෝස්තු 8 දක්වා දින 29ක් පුරාවට අති උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර හමාරය. අප දැන් මෙහි අතීතය පිලිබදව මදක් සොයා බලමු.
1981 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ එකමුතුව ප්‍රදර්ශණය කිරීම සඳහා ක්‍රීඩා තරග ආකාරයේ උළෙලක් පවැත්විය යුතුයැයි ඕස්ට්‍රේලියාවේ උපන් Astley Cooper නැමැත්තා විසින් ප්‍රථම වරට අදසක් ඉදිරිපත් කර ඇත. ඉන් අනතුරුව 1911දී “The festival of Empire” නමින් රටවල් කිහිපයක සහභාගීත්වය ඇතිව ජෝර්ජ් රජුගේ රජාභිශේකය සමරමින් කුඩා උළෙලක් පවත්වා තිබේ.
පසුව 1930 දී “British Empire Games ” නමින් කැනඩාවේ හැමිල්ටන් හිදී ආරම්භ වී මේ දක්වා දිව එන ගමනේදී පොදු රාජ්‍ය මණ්ඩලීය යන නාමය ලැබීමට පෙර විවිධ වෙනත් නම් වලින් මෙම උළෙල නම් කර ඇති අතර ඒ සෑම විටම මෙහි කළමණා කාරීත්වය දරන්නේ එංගලන්තයේ පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය සම්මේලනය විසිනි. 1930 දී පැවති මෙම උත්කර්ශවත් උළෙල සඳහා රටවල් 11 ක සහභාගීත්වයෙන් මළල ක්‍රීඩා wrestling, බොක්සිං, ඔරු පැදීම පිහිනුම්, මල්ලවපොර යන ක්‍රීඩා සමගින් 400 ක පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් මෙම උළෙල පවත්වා ඇත.
මේ අතර මෙම තරගාවලියේ ශ්‍රී ලංකා සහභාගීත්වය පිළිබදව සළකා බැලීමට යාමේදී අපගේ මතකය 1938 දක්වා දිව යනවා. එනම් කි. ග්‍රෑ. 57 බර පන්තිය යටතේ රන් පදක්කමක් දිනා ගැනීමට බානි හෙන්‍රික්ස් 1938 දී සිඩ්නි පොදු රද මඩුලු උළෙලේදී සමත් වනවා. ඉන් නොනැවතී 1950 දී ඩන්කන් වයිට් විසින් නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවරදී යාර 440 කඩුලු පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගන්නා අතර 1998 මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී ශ්‍රියානි කුලවංශ මීටර් 100 කඩුලු පැනීම හා එම වසරේදීම සුගත් තිලකරත්න මීටර් 400 දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කමද දිනාගැනීමට සමත් වෙයි.
මේ දක්වා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළේලයන්හි ශ්‍රී ලංකාව අභිමානවත් පදක්කම් 20 කට හිමිකම් කියයි.
1998 වසරෙන් පසුව ශ්‍රී ලංකාව විසින් මේ වනතෙක් මළල ක්‍රීඩා අංශයෙන් පදක්කමක් දිනාගෙන නැති නමුත් මෙවර(2022) පැවැත්වෙන පොදු රද මඩුලු උළේලේදී මළල ක්‍රීඩා අංශයෙන් පමණක් නොව සියළු අංශයන්ගෙන් තරග වැදී සිරි ලක් මාතාව පදක්කම් වලින් පුරවාලීමට හැකි වේවායි යන්න අප සැමගේම ඒකායන පැතුමයි. එපමණක් නොව වසර 4 කට වතාවක් පැවැත්වෙන පුරා වසර 92 කට වැඩි කාලයක් පැවති මෙම උළෙල මෙවරත් ප්‍රේක්ශකයන් ලෙස ජයග්‍රාහී මනසකින් නැරබීමට ඔබ සැමට ආරාධනා කර සිටිමු.
Award presenting to Crysbro team
The primary goal of Crysbro Next Champ project is to find and develop bright young athletes, as well as to refine their potential to compete on a global level. Crysbro, with the support of National Olympic Committee of Sri Lanka (NOC SL), should be funded all aspects of these young athletes’ journey to the international sporting arena as the first phase of one of Sri Lanka’s most notable Scholarship Programs.
Crysbro Next Champ project not only recognizes and rewards young sporting talent from across the country, but also provides expert advice on topics such as optimal training methods and nutrition to budding athletes from a variety of sports disciplines. Crysbro’s already considerable social contribution as a crucial pillar of the country’s rural economy was to be bolstered by generating sporting possibilities and promoting the idea of being physically and mentally active, according to the project’s founding goal.
https://www.nextolympichope.com/
Crysbro launched an online portal “ Next Olympic Hope” in partnership with the NOC SL, which allows locals and athletic fans to financially sponsor rural athletes, school sports associations, sports clubs and chambers for the first time in the South Asia region. All donations collect through this portal will be disbursed in full to the organizations to which they were donated, a process that will be closely monitored and supervised by NOC SL.
“As a home-grown organization, the vision of Crysbro has always been to drive sustainable positive change in rural communities in Sri Lanka while supporting the economy. We are honoured to collaborate with the NOC SL to empower the national athletic ecosystem of the country. It is our sincere hope that these young athletes will undoubtedly go forth to bring much glory to our motherland at major international sporting events. While it is certainly rewarding to help these young athletes realize their aspirations of winning a medal at these games, our primary objective would be on supporting the journey and the holistic development of each athlete that involves a series of training sessions. We are very proud to develop the first-ever crowdfunding platform in the South Asian region to support Sri Lankan athletes. Our efforts were aimed to elevate the experiences of unprivileged athletes in different parts of the country with big dreams. Winning this award gives us more encouragement to support more athletes and collaborate with more stakeholders in the athlete ecosystem. I thank the Maya team for having faith in our vision and goal.” stated Crysbro Senior Marketing Manager Amores Sellar.
Discussing the award, CEO at Maya, Ian Iddamalgoda said, “As the agency that handled the digital marketing campaign the Crysbro Next Champ, we feel extremely proud and honoured to be recognized by the Sri Lanka Institute of Marketing. We are grateful to Crysbro for believing us in developing the Crysbro Next Champ project digital marketing strategy. Crysbro Next Champ was our very first SLIM Digis entry and the only entry to the awarding ceremony, having our digital marketing campaign recognized by the industry is a great encouragement to our team. We are proud to say the crowdfunding platform developed to support the national cause is one of its kind and the very first portal in the South Asia region developed for athlete ecosystem empowerment. I must thank my talented and dedicated team here at Maya, without their dedication this would not be a possibility. Our main aim of applying for this prestigious award was to bring another glory and empowerment to Sri Lankan athletes.”
The Sri Lanka Institute of Marketing (SLIM) organized the SLIM DIGIS 2.1 to identify and reward Sri Lanka’s best digital marketing efforts and talents. It is one of Sri Lanka’s most prestigious awards programs that recognize innovation and emerging talent in the digital marketing space.