News
ජාතික ක්‍රිඩා දිනයක් ප්‍රකාශයට පත් කෙරේ.
March 24, 2021

ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදුන් ඩන්කන් වයිට් මහතා ඔලිම්පික් තරගාවලියකදී මිටර් 400 කඩුඵ මතින් දිවීමේ ඉසව්ව සදහා රිදී පදක්කම දිනාගත් ජුලි මස 31 වැනිදා ඒ සදහා තෝරා ගෙන ඇත. තරුණ කටයුතු හා ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ සදහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.

මීට පෙර සෑම වසරකම අප්‍රේල් මස 06 වැනිදා ජාතික ක්‍රිඩා දිනය වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුනි. එහෙත් එම මාසය උත්සව මාසයක් නිසා එම දිනය පිළිබඳ වැඩි ජනතා අවධානයක් යොමුකර ගැනීම අපහසු විය.

News Source : http://sinhala.newsslbc.lk/

Read More
උෂාන් තිවංකගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
February 28, 2021

උෂාන් තිවංක අමෙරිකාවේ පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී උස පැනීම ගෘහස්ථ අංශයේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබේ.

ඒ, මීටර 2යි දශම 2යි 5ක දක්ෂතාවක් දක්වමිනි.

එම ඉසව්වේ ප්‍රථම ස්ථානය ද උෂාන් ට හිමි විය.

ඒ අනුව ඔහු බිඳ දැමුවේ 2015 වසරේදී මංජුල කුමාර පිහිටුවා තිබූ වාර්තාවයි.

කටාර්හි දෝහා නුවර පැවැති ගෘහස්ථ මලල ක්‍රීඩා තරගයකදී මංජුල කුමාර මීටර 2යි දශම 2යි 4ක දක්ෂතාවක් දක්වා තිබුණි.

news source : https://runews.lk/ru-sports/item/20852-high-jump-from-ushan-thivanka-is-a-new-sri-lankan-record-in-the-domestic-category

Read More
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වෙයි
February 25, 2021

ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 60 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට අමෙරිකාවේ ග්‍රාන්ට් හොලොවේ සමත්විය.

ඔහු බිඳ හෙලුවේ මීට පෙර එංගලන්තයේ කොලින් ජැක්සන් පිහිටුවා තිබු වාර්තාවකි.

ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී පැවැත්වේ.

එහිදී මීටර 60 කඩුලු මතින් දීවිමේ තරග ඉසව්ව තත්පර 7.2 9කින් අවසන් කළ අමෙරිකාවේ ග්‍රාන්ට් හොලොවේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

මීට පෙර මීටර 60 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්ව තත්පර 7.3 0කින් නිම කළ කොලින් ජැක්සන්ට එම වාර්තාව හිමිව තිබුණි.

කොලින් ජැක්සන් ඒම වාර්තාව පිහිටුවා තිබුණේ 1994 වසරේ වන අතර ඒ අනුව ග්‍රාන්ට් හොලොවේ ඊයේ බිඳ හෙලුවේ වසර 27ක් පැරණි වාර්තාවකි.

news source : http://sinhala.adaderana.lk/news/149508/%E0%B7%80%E0%B7%83%E0%B6%BB-27%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92-%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92

Read More
නිලූක දේශීය තරග බිමට ටටා කියයි
February 25, 2021

සිය 17 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාව දිනාගැනීමෙන් අනතුරුව දේශීය තරග බිමෙන් සමුගැනීමට නිලූක කරුණාරත්න තීරණය කර ඇත. ඉකුත්  (February 21, 2021) නිමාවට පත්වූ 68 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියෙන් අනතුරුව නිලූක තම තීරණය ප්‍රකාශයට පත් කළේය.

2012 වසරේ පැවැති ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී සහ 2016 වසරේ පැවැති රියෝ ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ නිලූක කියා සිටියේ තමාගේ මීලඟ ඉලක්කය 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල බවය. ඉදිරියේදී ඔහු ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමේ අරමුණින් ලබන අප්‍රේල් මාසයේ සිට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ බැඩ්මින්ටන් තරගාවලි රැසකට සහභාගි වීමට සූදානමින් සිටියි.

සිය ක්‍රීඩා දිවිය තුළ මේ දක්වා ලොව පුරා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලි 21 කදී රන් පදක්කම් 9 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගැනීමට නිලූක සමත්ව සිටියි. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී දිනූ රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් ද මීට ඇතුළත් වේ.

අන්තර්ජාතික බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ක්‍රීඩකයන් 50 දෙනා අතර වසර එකහමාරක කාලයක් රැදී සිටි නිලූක, පළමු ක්‍රීඩකයන් 100 දෙනා අතර වසර 4 ක කාලයක් පුරා රැදී සිටියේය. එහිදී ලොව පළමු 20 දෙනා අතර සිටි ක්‍රීඩකයන් සිවුදෙනෙක් පරාජය කිරීමටද ඔහු සමත් වී ඇත.

2006 වසරේ මෙල්බර්න් නුවර පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ලොව 18 වැනි ස්ථානයේ පසුවූ කැනඩාවේ රොබට් මිල්රෝයි පරාජය කිරීමට නිලූක සමත් විය. ලෝක ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ පසුවූ ජපානයේ කෙනිචිකෝ පරාජය කිරීමට නිලූක සමත් වූයේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී පැවැති මූලික වටයේ තරගයකදීය.

ඉන් අනතුරුව 2013 සහ 2014 වසරවල පැවැති ඔස්ට්‍රියන් ජාත්‍යන්තර අභියෝග බැඩ්මින්ටන් තරගාවලිවලදී පිළිවෙලින් හොං කොං ක්‍රීඩකයන් වන චැන් යැන් කට් (ලොව 13 වැනියා) සහ වේ නන් (ලොව 9 වැනියා) පරාජය කිරීමටද නිලූක සමත් විය.

news source : https://sportstoday.lk/%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%96%E0%B6%9A-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA-%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C-%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7-%E0%B6%A7%E0%B6%A7%E0%B7%8F-%E0%B6%9A/

Read More
ඊළඟ ඔලිම්පික් බලාපොරොත්තුව මෙන්න
February 18, 2021

ඩිල්ෂි, නිමාලි සහ ගයන්තිකා යන මීටර් 800 ක්‍රීඩිකාවන් තිදෙනාම ඔලිම්පික් සුදුසුකම් ලැබීම සඳහා විනාඩි 1යි තත්පර 59යි දශම 50 සීමාව පසු කිරීමේ බලාපොරොත්තුවෙන් සිටී.

ශ්‍රී ලංකාව ඉතිහාසය පුරා අතිදක්ෂ දුවන්නියන් බිහිකළ රටකි. මීටර් 200 වැනි ඉසව්වල අතිවිශිෂ්ඨ දස්කම් පෙන්වූ දමයන්ති දර්ශා, සුසන්තිකා ජයසිංහ, ශ්‍රියානි කුලවංශ, ජයමිනි ඉලේපෙරුම සහ තිලකා ජිනදාස එවැනි ක්‍රීඩිකාවන් ලංකාවෙන් බිහි විය. ශ්‍රියානි ධම්මිකා මැනිකේ මීටර් 800 සහ 1500 ඉසව්වල මද දුර දුවන්නියක් ලෙස ප්‍රකට විය. ඇය 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලට සහභාගී වුණාය.

ඇත්තටම ශ්‍රී ලංකාව දිවීමේ මීටර් 200, 400, 800 ආදී ඉසව්වලට දක්ෂ ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩකයන් සිටින රටකි. එහෙත්, එම දක්ෂයන් සොයාගෙන දක්ෂතා ඔප්නංවා ජාත්‍යන්තරය දිනන්නට අවශ්‍ය පහසුකම් කිසිදා ලබා නොදීම ඔවුන්ට ඇති ගැටලුවයි. එසේ නොවුණානම් සුසන්තිකාලා ශ්‍රී ලංකාවට එදිනෙදා දෙයක් වනු ඇත.

ටෝකියෝවල පැවැත්වීමට නියමිත මීළඟ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවේ මීටර් 800 ක්‍රීඩිකාවන් වන ඩිල්ෂි කුමාරසිංහ, නිමාලි ලියනආරච්චි සහ ගයන්තිකා අබේරත්න යන ක්‍රීඩිකාවන් තිදෙනාම සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තුවෙන් සිටී. මේ තිදෙනාම මෑත කාලයේ දේශීය සහ ජාත්‍යන්තර දක්ෂතා පෙන්වූ ක්‍රීඩිකාවන්ය.

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ජයගත්තේ ඩිල්ෂ් කුමාරසිංහය. 2019 ජාතික ශූරතාව දිනාගත්තේ නිමාලි ලියනආරච්චිය. ගයන්තිකාද ඉතා හොඳ දිවීමක් පෙන්නුම් කළාය. මේ තිදෙනාම විනාඩි 2 ආසන්නයේ සිටී. ඔවුන් පසු කළ යුතු ඉලක්කය විනාඩි 1යි තප්පර 59කි. එනම් තත්පර ගණනකින් තමන්ගේ දිවීම දියුණු කරගැනීමට හැකි වුණොත් තිදෙනාටම ඔලිම්පික් සුදුසුකම් ලැබිය හැක.

මෙවැනි කරට කරට තරගයක් සහිත ක්‍රීඩිකාවන් තිදෙනෙක් එකට සිටියදී, ඒ තිදෙනා අතර තරගය නිසාම සුදුසුකම් ලැබීමට අවස්ථාව වැඩි වේ. ‘මේක පළවැනි අවස්ථාව, ආසියාවේ මීටර් 800 ඉහළම දස්කම් පෙන්නුම් කරන ක්‍රීඩාකවන් තුන්දෙනෙක්ම අපට ඉන්න. ඔවුන්ට සුදුසුකම් ලබන්න හොඳ අවස්ථාවක් තියෙනවා.’ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරියෙකු වන සමන් කුමාර ගුනවර්ධන එසේ කියා තිබුණි.

‘ඩිල්ෂිගේ හොඳම දස්කම් ඉදිරියේදී එන්න නියමිතයි.  ඇය පුහුණුවීම්වලදී විනාඩි දෙකට දිව්වා. අනෙක් දෙන්නාත් අතිදක්ෂ නිසා, තරගකාරීත්වයෙන් ඇයට ඉලක්කයට ළඟාවීම අමාරු නෑ.’ 21 හැවිරිදි තරුණ ක්‍රීඩිකාවක් වන ඩිල්ෂිගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු එසේ කීය.

‘මට ඔලිම්පික් යන්නත්, ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල දිනන්නත් අමාරු නෑ.’ ඩිල්ෂි විශ්වාසයෙන් එසේ කියන්නීය.

මීළඟ ආසියානු ක්‍රීඩා උළෙල 2022 දී පැවැත්වීමට නියමිතය. ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල් මේ බලාපොරොත්තුව ගැන වැඩිදුර කතා කරයි. ‘මීට පෙර අපි සාග් ගේම්ස් ගැන විතරයි හිතුවේ. ඒත් 2013 දී නිමාලි ආසියානු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම දින්නා. 2017 දී රන් පදක්කම දින්නා. ගයන්තිකා ආසියානු ගෘහස්ථ ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දින්නා. ඔවුන් ආසියානු ගෝන් ප්‍රී තරග දින්නා. ඩිල්ෂිගේ නැගී ඒම අපේ බලාපොරොත්තු අලුත් කරනවා. ඔලිම්පික් යනවා කියන්නේත දින්නා වගේ තමයි.’

එය සැබෑවකි. අපට එකවර ඔලිම්පික් පදක්කම් ජයගැනීම ගැන හීන දකින්නට බැරිය. මෑත ඉතිහාසයේ අපේ රටෙන් ඔලිම්පික් සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද බිහි වුණේ නැති තරම්ය. අප ඔලිම්පික්වල නිතර දිනන රටක් බවට පත්වෙන්නට පෙර, ඔලිම්පික්වලට නිතර සුදුසුකම් ලබන රටක් විය යුතුය.

මැජික් එකක් වාගේ එක්වරම ඔලිම්පික් පදක්කම් ගන්නට බැරිය. පඩිපෙලක් වාගේ අඩියෙන් අඩිය ඒ ගමන යා යුතුය. අත්දැකීම් සහිත නිමාලි, ගයන්තිකා සහ නැගී එන ඩිල්ෂි යන තිදෙනාට ඇත්තේ ඒ පඩිපෙලේ වැදගත් පියවරක් තැබීමේ වගකීමය. පරිපාලකයන්ට ඇත්තේ ඔවුන්ට උපරිම සහයෝගය දීමේ වගකීමය. මේ ක්‍රීඩිකාවන්ට උපරිම සහයෝගය දිය යුත්තේ ඒ අනාගත බලාපොරොත්තුව ඇතිවය.

(සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ලිපියක් ඇසුරෙනි.)

news source : https://www.news19.lk/olimpik/

Read More