ආසියායානුවන්ටම වෙන්වූ ආසියාවේ උණුසුම් තරග බිම.

ලොව විවිධාකාර ක්‍රීඩා උළෙලවල් අතුරින් තවත් පැරණිම සහ අති උත්කර්ශවත් මුහුණුවරක් ගන්නා තරගාවලියක් වන්නේ මෙම ආසියානු ක්‍රීඩා උළෙලයි. ආසියානු ඔලිම්පික් කමිටුව විසින් සංවිධානය කරන මෙම උළෙල ඔලිම්පික් උළෙල ආකාරයෙන්ම වසර 4 කට වරක් පැවැත්වේ. දැන් අප මෙහි ඉතිහාසය පිළිඹදව මදක් සළකා බලමු.

ආසියානු ක්‍රීඩා උළෙලේ ආරම්භය ගැන සැළකීමේදී 1950 දක්වා අතීතයකට කාලය දිව යයි. එනම් නව දිල්ලියේ පැවති පළමු උළෙලයි.  දෙවන ලෝක යුධ සමයෙන් පසු ඔලිම්පික් වරම් අහිමි වී තිබූ ජපානයටද මෙම අසියානු ක්‍රීඩා උළෙලට තරග වැදීමට හිමි වීම සැම දෙනාගේම අවදානය දිනාගැනීමට යොමු වූ කරුණකි. මන්දයත් ඔවුන් මෙයට සහභාගී වූයේ 1949 යේ පැවති ආසියානු සමාරම්භක රැස්වීමටද සහභාගීත්වයෙන් තොරව වීමෙනි. තවද අවාසනාවන්ත ලෙස දකුණු කොරියාවට මේ සඳහා සහභාගී නොවීමට සිදුවූයේ එවකට එරට 1953 දක්වා ඇදී ගිය කොරියානු උද්ධය නිසාවෙනි .කෙසේ වෙතත් අවසානයේ ජාතික ඔලිම්පික් කමිටු 11ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 489 කගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා 12 ක් අවසානයේ සමස්ත පදක්කම් 169 කින් වර්ණවත් වෙමින් අති උත්කර්ශවත් ලෙස මෙම තරගාවලිය නිමා විය.

පසුව මෙහි දෙවන අදියර ලෙස පිලිපීනයේ මැනිලා නුවරද තෙවන අදියර ලෙස ජපානයේ ටෝකියෝ නුවරද ආකාරයට මේ දක්වා විවිධ ආසියාතික රටවල් නියෝජනය කරමින් මෙම උළෙල පැවැත්වීය. ආසියානු තරගාවලියේ අවසානයට පැවැත්වූ අදියර වන්නේ 2018 දී ඉන්දුනීසියාව සත්කාරකත්වය දැක්වූ උළෙලයි. මෙහිදී සමස්ත පදක්කම් 92ක් සමගින් චීනය මෙම තරගාවලියේ පෙරමුන ගන්නා ලදී.

දැන් අප ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සහභාගීත්වය පිළිඹදව මදක් සොයා බලමු. මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම ලෙස  1951 දී මළල ක්‍රීඩා අංශයේ රිටි පැනීම ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට M.A. Akbar සමත් වෙයි. රන් පදක්කමක් ලෙස පළමු පදක්කම දිනා ගනු ලැබූවේ  Nagalingam Ethirveerasingam ක්‍රීඩකයා විසිනි.  ඒ 1958 ටෝකියෝ උළෙලේ මළල ක්‍රීඩා අංශයෙනි. මේ ආකාරයෙන් විවිධ වසර වලදී විවිධාකාරයේ ඉසව් වලට සහභාගී වෙමින් මේ දක්වා රන් පදක්කම් 11ක් රිදී පදක්කම් 11ක් ලෝකඩ පදක්කම් 24 ක් සමගින්  සමස්ත පදක්කම් 46 කින් ලක් මාතාව වර්ණවත් කිරීමට අපගේ විශිශ්ටයින් සමත් වී තිබීම සතුටට කරුණකි.

පුරා වසර ගණනාවක් නොකඩවා පැවති මෙම උළෙල 2022 වසරේද අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම තරගාවලිය 2022 සැප්තැම්බර් 10න් ආරම්භ කර 2022 සප්තැම්බර් 25 දක්වා චීනයේ Hangzhou නුවරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර හමාරය.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x