සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියන පොදුරාජ්‍ය මණ්ඩලීය මහා සංග්‍රාමය

පුරා වසර ගණනාවක දැවැන්ත අතීතයකට හිමිකම් කියන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මෙවරත් 2022 ජූලි 28 දා සිට අගෝස්තු 8 දක්වා දින 29ක් පුරාවට අති උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර හමාරය. අප දැන් මෙහි අතීතය පිලිබදව මදක් සොයා බලමු.

1981 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ එකමුතුව ප්‍රදර්ශණය කිරීම සඳහා ක්‍රීඩා තරග ආකාරයේ උළෙලක් පවැත්විය යුතුයැයි ඕස්ට්‍රේලියාවේ උපන් Astley Cooper නැමැත්තා විසින් ප්‍රථම වරට අදසක් ඉදිරිපත් කර ඇත. ඉන් අනතුරුව 1911දී “The festival of Empire” නමින් රටවල් කිහිපයක සහභාගීත්වය ඇතිව ජෝර්ජ් රජුගේ රජාභිශේකය සමරමින් කුඩා උළෙලක් පවත්වා තිබේ.

පසුව 1930 දී “British Empire Games ” නමින් කැනඩාවේ හැමිල්ටන් හිදී ආරම්භ වී මේ දක්වා දිව එන ගමනේදී පොදු රාජ්‍ය මණ්ඩලීය යන නාමය ලැබීමට පෙර විවිධ වෙනත් නම් වලින් මෙම උළෙල නම් කර ඇති අතර ඒ සෑම විටම මෙහි කළමණා කාරීත්වය දරන්නේ එංගලන්තයේ පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය සම්මේලනය විසිනි. 1930 දී පැවති මෙම උත්කර්ශවත් උළෙල සඳහා රටවල් 11 ක සහභාගීත්වයෙන් මළල ක්‍රීඩා wrestling, බොක්සිං, ඔරු පැදීම පිහිනුම්, මල්ලවපොර යන ක්‍රීඩා සමගින් 400 ක පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් මෙම උළෙල පවත්වා ඇත.

මේ අතර මෙම තරගාවලියේ ශ්‍රී ලංකා සහභාගීත්වය පිළිබදව සළකා බැලීමට යාමේදී අපගේ මතකය 1938 දක්වා දිව යනවා. එනම් කි. ග්‍රෑ. 57 බර පන්තිය යටතේ රන් පදක්කමක් දිනා ගැනීමට බානි හෙන්‍රික්ස් 1938 දී සිඩ්නි පොදු රද මඩුලු උළෙලේදී සමත් වනවා. ඉන් නොනැවතී 1950 දී ඩන්කන් වයිට් විසින් නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවරදී යාර 440 කඩුලු පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගන්නා අතර 1998 මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී ශ්‍රියානි කුලවංශ මීටර් 100 කඩුලු පැනීම හා එම වසරේදීම සුගත් තිලකරත්න මීටර් 400 දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කමද දිනාගැනීමට සමත් වෙයි.

මේ දක්වා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළේලයන්හි ශ්‍රී ලංකාව අභිමානවත් පදක්කම් 20 කට හිමිකම් කියයි.

1998 වසරෙන් පසුව ශ්‍රී ලංකාව විසින් මේ වනතෙක් මළල ක්‍රීඩා අංශයෙන් පදක්කමක් දිනාගෙන නැති නමුත් මෙවර(2022) පැවැත්වෙන පොදු රද මඩුලු උළේලේදී මළල ක්‍රීඩා අංශයෙන් පමණක් නොව සියළු අංශයන්ගෙන් තරග වැදී සිරි ලක් මාතාව පදක්කම් වලින් පුරවාලීමට හැකි වේවායි යන්න අප සැමගේම ඒකායන පැතුමයි.  එපමණක් නොව වසර 4 කට වතාවක් පැවැත්වෙන පුරා වසර 92 කට වැඩි කාලයක් පැවති මෙම උළෙල මෙවරත් ප්‍රේක්ශකයන් ලෙස ජයග්‍රාහී මනසකින් නැරබීමට ඔබ සැමට ආරාධනා කර සිටිමු.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x