තරින්ද මන්දාර, මේ පුංචි සටන්කාමී ක්‍රීඩකයා රත්නපුර පැල්වාඩිය ප්‍රදේශයෙන් මව්බිමට දායාද වූ අගනා මිණි කැටයකි. තවමත් ලාබාල ක්‍රීඩකයෙකු වුවත් ඔහු ජාතික මට්ටමේ ක්‍රීඩකයන් සමඟ උරෙනුර ගැටෙමින් තම පුහුණුවීම් කටයුතු සිදු කරනු ලබයි. 2019 වසරේ පාසල් ටයිකොන්ඩෝ ශුරතාවලියේ හොඳම ක්‍රීඩකයා සම්මානය දිනාගත් තරින්ද එම වසරේදීම ‘Team sparring Korean Ambassador’s cup’ ශුරතාවයද දිනාගනු ලැබීය එමෙන්ම 2018 වසරේ තායිලන්තයේ පැවති 8වන Tirak International Taekwondo ශූරතාවයට සහ කොරියාවේ පැවති ලෝක ටයිකොන්ඩෝ යොවුන් කඳවුරටද සහභාගී වූ තරින්ද ඉන් ජාත්‍යන්තර අත්දැකීම් රැසක් තම ක්‍රීඩා දිවියට ලබාගන්නා ලදී. ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස තම අත්දැකීම් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ බෙදාගනිමින් තම වෘත්තීය අරම්භකිරීමට අදිටනින් පසුවන තරින්දගේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව මාතෘභූමිය ඔලිම්පික් රන් පදක්කමකින් වර්ණවත් කිරීමයි, ඒ සඳහා ඔහු තම උපරිම කැපවීමෙන් පුහුණුවීම් කටයුතුවල නිරතවන අතර Crysbro සහ ජාතික ඔලිම්පික් කමිටුව ඔහුට ශක්තියක් වීමට නිරතුරුව ඔහු හා සමඟ සිටින බව සතුටින් දැනුම් දෙමු.
එමෙන්ම තරින්ද යනු Crysbro සහ ජාතික ඔලිම්පික් කමිටුව එක්ව දියත් කරන Next Olympic Hope වැඩසටහනට සුදුසුකම් ලැබූ තවත් එක් ඔලිම්පික් බලාපොරොත්තුවකි. ඔහේගේ ඉදිරි ක්‍රීඩා ජයග්‍රහණයන් වෙනුවෙන් සුවහසක් ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් අපේ සුබ පැතුම් මෙලෙස එක් කරන්නෙමු.
profile : https://www.nextolympichope.com/athlete/tharinda-premakumara
වයස අවුරුදු 7දී ජිම්නාස්ටික් ක්‍රීඩාව ආරම්භ කළ නදිල නෙත්විරු, පිරිමි ළමුන් 5 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලායි, කොළඹ බොරැල්ල ප්‍රදේශයෙන් ජාතියට බිහිවුණ දක්ෂ ජිම්නාස්ටික් ක්‍රීඩකයෙකු වන නදිල 2019 වසරේ ජාතික කනිෂ්ට ජිම්නාස්ටික් ශූරයා වේ එමෙන්ම 2019 ජාතික ජිම්නාස්ටික් ශූරතාවලියේ රන් පදක්කම්ලාභියායි. තවමත් 16 හැවිදිරි නදිල Parallel bars, Horizontal bar, Pommel horse, Vault යන අංශ වලින් දස්කම් දක්වයි.දැඩි කැපවීමකින් තම පුහුණුවීම් කටයුතු කරන නදිලගේ එකම බලාපොරොත්තුව ශ්රී ලංකා මාතාව ඔලිම්පික් රනින් බැබලවීමයි.
අනාගත ඔලිම්පික් තරුවකගේ තරු ලකුණු පෙන්වන නදිල ක්‍රිස්බ්‍රෝ සහ ජාතික ඔලිම්පික් කමිටුව එක්ව දියත් කරන Next Olympic Hope වැඩසටහනටද සුදුසුකම් ලැබූ තවත් එක් දක්ෂ ක්‍රීඩකයෙකි. නදිලගේ ඔලිම්පික් සිහිනයට හයියක් වන්නට ක්‍රිස්බ්‍රෝ සහ ජාතික ඔලිම්පික් කමිටුව ඔහුගේ පෙරගමන්කරුවන් ලෙස නිරතුරුවම රැඳී සිටියි. නදිල ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්.
සෙනේකා ගුණරත්න කොළඹ ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන තවත් එක් දක්ෂ මලල ක්‍රීඩිකාවක්. 2019 වසරේ ජෝන් ටාබට් ක්රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත් සෙනේකා මීටර් 100, 200, සහ 400 ඉසව්වලින් දක්ෂතා පෙන්වන අතර ඇය මහනුවරින් බිහිවූ තවත් දක්ෂ ක්රීඩා තරුවක්, වලල ඒ රත්නායක විදුහලේ ප්‍රධාන ක්රීඩා පුහුණුකරුවන සුසන්ත ප්‍රනාන්දු මහතා යටතේ පුහුණුවීම් ලබන සෙනේකාගේ මීළඟ සිහිනය ලක්මව ඔලිම්පික් රන් පදක්කමෙන් බැබලවීමයි.
සෙනේකා ක්රීඩිකාව ක්‍රිස්බ්‍රෝ සහ ජාතික ඔලිම්පික් කමිටුව එක්ව දියත් කරන Next Olympic Hope වැඩසටහනට සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවක් වන අතර ඇය මීළඟ ඔලිම්පික් පදක්කමක ශ්රී ලංකා බලාපොරොත්තුවකි, සෙනේකා, ඔබට අපේ උණුසුම් සුභ පැතුම්.
Profile: https://www.nextolympichope.com/athlete/seneka-gunaratne
මාතර කඹුරුපිටිය ඉඳන් ඔලිම්පික් හීනෙ දකින මේ දිරිය ක්රීඩිකාව නමින් නෙත්මි නිම්තෙරා. දක්ෂ බොක්සින් ක්‍රීඩිකාවක් වන නෙත්මි 2020 කාන්තා හා පිරිමි බොක්සින් ශුරතාවලියේ ශුරතාවය සහ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ලබා ගන්නවා එමෙන්ම 2019 වසරේද එම ඉසව්වේම ශුරතාවය සහ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ලබා ගන්නත් ඇය සමත් වෙනවා. ක්‍රීඩිකාවට මෙන්ම අධ්‍යාපනයට එකසේ දස්කම් දක්වන නෙත්මිගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව ලක්මව වෙනුවෙන් පදක්කමක් දිනාගැනීමයි.
නෙත්මි ක්රීඩිකාව ක්‍රිස්බ්‍රෝ සහ ජාතික ඔලිම්පික් කමිටුව එක්ව දියත් කරන Next Olympic Hope වැඩසටහනට සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවක් වන අතර ඇය මීළඟ ඔලිම්පික් පදක්කමක ශ්රී ලංකා බලාපොරොත්තුවකි, නෙත්මි, ඔබට අපේ උණුසුම් සුභ පැතුම්.