තවත් කෙනෙක්ගේ හීනයක් තමන්ගේ හීනයක් කරගත්ත ප්‍රදීප් ජයසිංහ
තවත් කෙනෙක්ගේ හීනයක් තමන්ගේ හීනයක් කරගෙන ඒ වෙනුවෙන් කැපවෙන්න හැමෝටම බැහැ නමුත් අපේ ජීවිතේ එවැනි චරිත කිහිපයක්ම අපට හමුවෙනවා ඒ එක චරිතයක් තමයි අපේ ආදරනීය ගුරුවරුන්. තම ශිෂ්‍යන්ගේ හීන තමන්ගේ හීන කරගෙන ඒ වෙනුවෙන් කැපවෙන ආදර්ශමත් ගුරුවරයෙක් එහෙමත් නැත්තම් ක්‍රීඩා පුහුණුකරුවෙකු අපට මුණගැහුණා ඒ තමයි මාතර කඹුරුපිටිය ක්‍රීඩා නිලධාරියෙකු වශයෙන් සහ බොක්සිං පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කරන ප්‍රදීප් ජයසිංහ මහතා.

ඔහු යටතේ පුහුණුවීම් ලබන නෙත්මි නිම්තෙරා ක්‍රීඩිකාව Next Olympic Hope වැඩසටහනට සුදුසුකම් ලැබූ ඉතාමත් දක්ෂ ක්‍රීඩිකාවක් වන අතර ඇයගේ පුහුණුවීම් කෙරෙහි ප්‍රදීප් ජයසිංහ මහතා කරන කැප කිරීම අපි මෙසේ අගයන අතර මීළඟ ඔලිම්පික් පදක්කමේ හිමිකාරිය හෝ හිමිකරු බිහි කිරීමට ඔබට හැකියාව ලැබේවායි සුවහසක් ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් අපි ප්‍රර්ථනා කරන්නෙමු.
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x