වයස අවුරුදු 7දී ජිම්නාස්ටික් ක්‍රීඩාව ආරම්භ කළ නදිල නෙත්විරු

වයස අවුරුදු 7දී ජිම්නාස්ටික් ක්‍රීඩාව ආරම්භ කළ නදිල නෙත්විරු, පිරිමි ළමුන් 5 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලායි, කොළඹ බොරැල්ල ප්‍රදේශයෙන් ජාතියට බිහිවුණ දක්ෂ ජිම්නාස්ටික් ක්‍රීඩකයෙකු වන නදිල 2019 වසරේ ජාතික කනිෂ්ට ජිම්නාස්ටික් ශූරයා වේ එමෙන්ම 2019 ජාතික ජිම්නාස්ටික් ශූරතාවලියේ රන් පදක්කම්ලාභියායි. තවමත් 16 හැවිදිරි නදිල Parallel bars, Horizontal bar, Pommel horse, Vault යන අංශ වලින් දස්කම් දක්වයි.දැඩි කැපවීමකින් තම පුහුණුවීම් කටයුතු කරන නදිලගේ එකම බලාපොරොත්තුව ශ්‍රී ලංකා මාතාව ඔලිම්පික් රනින් බැබලවීමයි.

අනාගත ඔලිම්පික් තරුවකගේ තරු ලකුණු පෙන්වන නදිල ක්‍රිස්බ්‍රෝ සහ ජාතික ඔලිම්පික් කමිටුව එක්ව දියත් කරන Next Olympic Hope වැඩසටහනටද සුදුසුකම් ලැබූ තවත් එක් දක්ෂ ක්‍රීඩකයෙකි. නදිලගේ ඔලිම්පික් සිහිනයට හයියක් වන්නට ක්‍රිස්බ්‍රෝ සහ ජාතික ඔලිම්පික් කමිටුව ඔහුගේ පෙරගමන්කරුවන් ලෙස නිරතුරුවම රැඳී සිටියි. නදිල ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x