ක්‍රිස්බ්‍රෝ නෙක්ස්ට් චෑම්ප්
අනාගත කෙටි දුර ශුරියකගේ තරු ලකුණු පෙන්වන බිනදි – Binadi Gunawardana
August 10, 2020

ඔබ දන්නවා crysbro next champ අපි හැමදාමත් අනාගතයේ පුදින්නට නියමිත දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුන්වා දෙනවා, අදත් අපි එහෙම ක්‍රීඩකයෙක් ඔබට හඳුනවාදෙන්න සූදානම්.

ඔබේ නම

මගේ නම බිනදි ගුණවර්ධන

ඔබේ පාසල

මම බම්බලපිටිය හොලී ෆැමිලි කොන්වන්ට් එකේ 11 වසරේ ඉගෙන ගන්නවා.

ඔබ ක්‍රීඩාකරන ඉසව් මොනාද?

මම මීටර් 100 සහ 200 ඉසව් වලට සහභාගී වෙනවා

ඔබ මෙතෙක් ලබාගත් ජයග්‍රහණ ගැන කතාකලොත්

මම 2018 All Island මීටර් 100 ඉසව්වේ 3 වෙනි ස්ථානය ලබාගත්තා ,
ජෝන් ටබට් තරඟාවලියේ මීටර් 100, 200 ඉසව් දෙකේම දෙවෙනි ස්ථානය.

ඔබ මලල ක්‍රීඩාවට යොමු වුණේ කොහොමද? සහ ඔබගේ පුහුණුවීම් කටයුතු සිදුවන්නේ කොහොමද?

මම 7 වසරේ ඉදන් තමයි මලල ක්‍රීඩාවට යොමු වුණේ, සෙනෙවිරත්න සර් ගව තමයි මුලින්ම practice කලේ ඊටපස්සේ 8 වසරේදී ඩිලාන් සර් ගාවට ගියා,

ඉස්කෝලේ ඉවර උනාට පස්සේ සතියේ දවස් 4ක් අපිට පුහුණුවීම් තියෙනවා, සෙනසුරාදා උදේ පුහුණුවීම් කරනවා ඉරිදා දියගම stadium එකේ පුහුණුවීම් කරනවා සර් මට ගොඩක් උදව් කරනවා පුහුණුවීම් කටයුතු වලට.

පාසලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ ඉස්කෝලෙන් මට ගොඩක් හොඳ සහයෝගයක් ලබාදෙනවා, සිස්ටර් දීපා ගොඩක් උදව් කරනවා ඒ වගේම මට මුලින්ම මලල ක්‍රීඩාවට එන්න උදව් කරපු තුල්‍යා මිස් තනුජා මිස්වත් මතක් කරනවා මිස් ශවිණි මිස් සංදීපා මිස් ඉන්දිකා මිස් රන්දිකා වගේ අයවත් මතක් කරන්න ඕනේ.

පාසලෙන් සහ නිවසින් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු

පුහුණුවීම් කරන තැනත් යාලුවන්ගේන හොඳ සහයෝගයක් ලැබෙනවා class එකේ යාළුවොත් උදව් කරනවා, මගේ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි මමයි අයියයි, අම්මා තාත්තා ගොඩක් උදව් වෙනවා ආච්චිත් උදව් වෙනවා එයාල හැමදාම මගේ events බලන්න එනවා

අනාගත බලාපොරොත්තු මොනාද?

ඉස්සෙල්ලම මෙවර next champ විදියට මාව තොර ගත්තට crysbro ආයතනයට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා, මගේ අනාගත බලාපොරොත්තුව ලංකාවට ඔලිම්පික් පදක්කමක් ලබාදීම.

Read More
පාපන්දුව සිහිනය අතහැර ඔලිම්පික් සිහිනය පසුපස යන දිනුක – Dinuka Deshan
June 29, 2020

ජයග්‍රහණ කියන දේවල් ඉබේ පහල වෙන්නේ නෑ ඒවා දීර්ඝ කාලීන ක්‍රියාදාමයක ප්‍රථිපලයක් විදියටයි අපිට ලැබෙන්නේ ඔබට හෙට දවසේදී ජයග්‍රණයක් අසුරු සැනෙකින් ලබාගන්නට බැහැ ඒකට බොහෝ සෙයින් මහන්සිවෙන්නට ඕනේ ඒ වගේම බොහෝ සෙයින් කපවිමටද අවශ්‍යයි. අපි අද සුදානම් වෙන්නේ හෙට දවසේ එලෙස මහන්සියෙන් නෙලාගන්න පුළුවන් ජයග්‍රහණයක් වෙනුවෙන් අද දවසේ වෙහෙස වෙන කනිෂ්ඨ ක්‍රීඩකයෙක් ගැන තොරතුරු ඔබට කියන්නයි.

ඔබේ නම සඳහන් කලොත්?
මගේ නම දිනුක දේශාන්

ඔබේ පාසල?
මගේ පාසැල කළුතර සිරිකුරස විද්‍යාලය මම මෙවර අපොස උසස්පෙළ විභාගයට කළා අංශයෙන් පෙනී සිටියා.

ඔබේ ක්‍රීඩා ඉසව්ව?
මගේ ඉසව්ව මීටර් 400 ඉසව්ව

ඔබ මලල ක්‍රීඩා වලට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මම 2016 වසරේදී තමයි මලල ක්‍රීඩා වලට එන්නේ කෝච් කෙනෙක් හම්බුනා නිසා ඒ වෙනකම් මම පාපන්දු ක්‍රීඩාවේ තමයි නිරතවෙලා හිටියේ.

මේ ඉසව්වෙන් ඔබ ලබාගත්ත ජයග්‍රහණ ගැන සඳහන් කලොත්?
මම 2018 junior national meet එකේ 3rd place, ඒ වගේම ජෝන් ටාබට් 2nd place, ඒ වගේම 2019 All island මීට් එකේ 1st place.

ඔබගේ පුහුණුකරු ගැන සඳහනක් කලොත්.
මගේ පුහුණුකරුගේ නම ඩිලාන් සුරාජ් මෙන්ඩිස් ඔහු තමයි අද මාව මේ තැනට ගෙනාවේ සර්ට මව හම්බුනේ 10 වසරේදී වගේ එතන ඉදන් අවුරුදු 2ක් වගේ කෙටි කාලයක් ඇතුලත All island මෙඩල් එකක් කරා ගෙනියන්න සර් මට ගොඩක් උදව් කළා.

පවුලේ විස්තර ගැන කෙටි සටහනක් කලොත්?
අපේ ගෙදර ඉන්නේ මායි අයියයි අම්මයි තාත්තයි, අම්මයි තාත්තයි මට ගොඩක් උදව් කරනවා මට මේ තැනට එන්න.

අවසාන වශයෙන් මොනාද ඔබට කියන්න තියෙන්නේ මොනාද ඔබගේ අනාගත බලාපොරොත්තු?
මෙවර next champ විදියට මාව තෝරගත්තට ක්‍රිස්බ්‍රෝ ආයතනයට බෙහෙවින්  ස්තුතිය පුද කරනවා, මගේ අනාගත බලාපොරොත්තුව ලංකාවට ඔලිම්පික් පදක්කමක් ලබාදීමයි.

Read More
අධ්‍යාපනයෙනුත් ක්‍රීඩාවෙනුත් මුල් තැන රැකගත්ත දුල්මි – Dulmi Weerakkody
June 29, 2020

වටිනා දේවල් සුලබ නැහැ ඒවා දුලබයි  එමෙන්ම සොයා සොයාගැනීමද දුෂ්කරයි එතරම්  දුෂ්කර වූවත් අපිට මෙම ව්‍යායාමයේ නිරත වෙන්නේ හෙට දවසට වටිනාකමක්  දිය හැකි අද දවසේ අංකුර ලක්ෂණ පෙන්නුම් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයගන්නටයි අපි මේ වන විට එවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් ගැන කතා කරලා තියෙනවා,   මේ තවත් එවැනි ක්‍රීඩිකාවක් ගැන තොරතුරුයි.

ඔබේ නම සඳහන් කලොත්
මගේ නම දුල්මි රුහංසා වීරක්කොඩි ,

ඔබගේ පාසල සහ ශ්‍රේණිය
මගේ ස්කූල් එක බම්බලපිටියේ Holy Family Convent  එක මම Grade 10 වල ඉගෙනගන්නේ.

ඔබ ක්‍රීඩා කරන ක්‍රීඩා ඉසව් මොනවද?
මීටර් 100 , 200  සහ දුර පැනීමේ ඉසව් මම කරනවා

ඔබ පුහුණුවීම් පටන් අරන් දැන් කොපමණ කාලයක් වෙනවද?
ඇත්තටම Nursery එකේ ලාස්ට් year  එකේ ඉදන් තමයි මන් practice පටන් ගත්තේ .ඒ ඉඳන් මේ වෙනකන් මම පුහුවීම් කටයුතු කළා ඇත්තටම මගේ පරණ පාසලෙන් තමයි මගේ හැකියාවන් එලියට ආවේ.

ඔබේ දක්ෂතා අතර හිටපු හොඳම වසර කුමක්ද?
2017 තමයි මගේ ක්‍රීඩා ජිවිතයේ හොඳම වසර බවට පත් වුනේ මම ඒ වසරේදී මීටර් 100 200 සහ දුර පැනීමේ ඉසව් 3න්ම වාර්තා තිබ්බ, ගිය අවුරුද්ද මැද  වෙනකම් මගේ වාර්තා කඩලා තිබ්බේ නෑ .

ඔබේ ක්‍රීඩා  ගමනට උදව් කරන්නේ කව්ද ?
මගේ අම්මයි තාත්තයි ඒ දෙන්නා නැත්තම් මම අද මේ  තැන නැහැ නංගිත් මට උදව්  කරනවා, ඒ  වගේම ගරු දීපා කන්‍යා සොයුරිය ඒ වගේම හිටපු Athletic Incharge මිස් ඉන්දිකා, ශවිනි ඒ වගේම රෝයි සමන්ත සර්ව විශේෂයෙන් මතක් කරනවා  ඒ වගේම මිස් ලලනා සහ ජයකොඩි සර්ව මතක් කරනවා.ඒ වගේම දිලාන් සුරාජ් මෙන්ඩිස්, සෙනවිරත්න සර් එයාලටත් ගොඩක් ස්තුතියි, ඒ වගේම නැන්දලා දෙන්නයි ලොකු අම්මවයි පුංචිවයි මතක් කරන්න ඕනේ මොකද එයාල මට ගොඩක් උදව් කරලා තියෙනවා

මොනාද ඔබගේ  අනාගත බලාපොරොත්තු?
මුලින්ම මාව Next Champ විදියට තෝරගත්ත ක්‍රිස්බ්‍රෝ ආයතනයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා, මගේ අනාගත බලාපොරොත්තුව ලංකාවට ඔලිම්පික් මෙඩල් එකක් ගෙනත් දෙන එක.

Read More
පොලොන්නරුවෙන් බර ඉසිලීමට බිහි වූ අපේ තරුව ඉමල්ශා මධුශානි..
May 6, 2020

ජයග්‍රහණය කරා යාමට නම් බලාපොරොත්තු තිබෙන්න ඕනි. අප බලාපොරොත්තු ගොඩ නගා ගන්නේ හෙට දවස වෙනුවෙන්. එසේ ලංකා ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් තවත් එක් බලාපොරොත්තුවක් සොයා ගිය ගමනක්. 

ඔබ ගැන කෙටි හැදින්වීමක්  කලොත්?

මගේ නම ඉමල්ශා මධූශානි සමරසිංහ.
මම ඉගෙනුම ලබන්නෙ පොලොන්නරුව සෙවනපිටිය  මධ්‍ය මහා විද්‍යාලයේ.
උසස්පෙළ හදාරන්නේ 12 ශ්‍රේණියේ කලා අංශයෙන්.
මගේ ක්‍රීඩාඉසව්ව බර ඉසිලීම.

ඔබ ලබා ගත් ජයග්‍රහණයන් මොනාද?

මුලින්ම 2015 හා 2016 වර්ශ වල සමස්ථ ල්ංකා බර ඉසිලීමේ පාසල් තරගාවලියේ ප්‍රථම ස්ථානයත්,
2017 හා 2018 වර්ශ වල සමස්ථ ලංකා බර ඉසිලීමේ තරගාවලියේ දෙවන ස්ථානයත් ලබා ගත්තා.

2019 වර්ශයේ සමස්ථ ලංකා බර ඉසිලීමේ තරගාවලියේ ප්‍රථම ස්ථානයත් ලබා ගත්තා.
2016, 2017,2018 හා 2019 යන වර්ශ වල කණිෂ්ඨ බර ඉසිලීමේ තරගාවලියේ දෙවන ස්ථානයත්
ලබාගෙන තිබෙනවා.

ඔබට මේ ජයග්‍රහණ කරා යාමට පවුලෙන් හා පාසලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

දෙමාපියන්ගෙන් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා වගේම මගේ මේ ඉදිරි ගමනට
අම්මා තාත්තා ගොඩක් උදව් කරනවා.

ඒ වගේම පාසලේ විදුහල්පතිතුමා ඇතුලු ගුරුමණ්ඩලයෙනුත් ඉතා හොද සහයෝගයක් ලැබෙනවා.
ඒ වගේම මගේ පුහුණුකරු ලෙස කටයුතු කරන කැලුම් දයාන් පද්මසිරි සර් විශාල සහයෝගයක්
ලබා දෙනවා.

මෙම ක්‍රීඩාවෙන් ඔබගේ අනාගත බලාපොරොත්තුව කුමක්ද?
මගේ ක්‍රීඩා ඉසව්වෙන් ලංකාවට ඔලිම්පික් පදක්කමක් ගේන්න තමා බලාපොරොත්තුව..

Read More
රාජාංගනයෙන්, ඔලිම්පික් ක්‍රීඩාංගනයට පාර හොයන ඉසුරු සදරුවන්
April 30, 2020

හෙට දවස කියන්නේ සැම විටම බලාපොරොත්තුවක්. ක්‍රිස්බෝ නෙක්ස්ට් චෑම්ප් කියන්නේ ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් නවමු වූ බලාපොරොත්තු සොයා යන ගමනක්.

එසේ ගිය ගමනක තවත් එක් නැවතුම්පොළක්. මේ රාජාංගනේ ඉසුරු සදරුවන්.

ඔබ ගැන කෙටි හැදින්වීමක්  කලොත්?

මගේ නම ඉසුරු සදරුවන්. මම ඉගෙනුම ලබන්න රජාංගනය යාර දහය හරිස්චන්ද්‍ර  මහා විද්‍යාලයේ. උසස්පෙළ හදාරන්නේ 12 ශ්‍රේණියේ කලා අංශයෙන්. මගේ ක්‍රීඩා ඉසව්ව හෙල්ල විසිකිරීම.

ඔබ ලබා ගත් ජයග්‍රහණයන් මොනාද?

මුලින්ම 2016 වසරේ ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීම  ඉසව්වෙන් ප්‍රථම ස්ථානය ලබා ගත්තා. ඒ වගේම මේ වන විට හෙල්ල විසිකිරීම    ඉසව්වෙන් මගේ පළාත් වාර්තා දෙකක් තියෙනවා.

ඔබට මේ ජයග්‍රහණ කරා යාමට පවුලෙන් හා පාසලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

දෙමාපියන්ගෙන් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා.  ඒ වගේම මගේ මේ ඉදිරි ගමනට අම්මා තාත්තා ගොඩක් උදව් කරනවා. ඒ වගේම පාසලේ විදුහල්පතිතුමා ඇතුලු ගුරුමණ්ඩලයෙනුත් ඉතා හොද සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මගේ පුහුණුකරු ලෙස කටයුතු කරන කසුන් ප්‍රශාද් ගුරුතුමා විශාල සහයෝගයක් ලබා දෙනවා.

මෙම ක්‍රීඩාවෙන් ඔබගේ අනාගත බලාපොරොත්තුව කුමක්ද?

මගේ ක්‍රීඩා ඉසව්වෙන් ලංකාවට ඔලිම්පික් පදක්කමක් ගේන්න තමා බලාපොරොත්තුව..

Read More