ක්‍රිස්බ්‍රෝ නෙක්ස්ට් චෑම්ප්
හලාවතින් හමු වූ අනාගත ක්‍රීඩාවට තවත් ආයෝජනයක්
March 16, 2020

අනාගතේ බිහිවන ක්‍රීඩා තරු සොයා යන ගමනක් තමයි ක්‍රිස්බ්‍රෝ නෙක්ස්ට් චෑම්ප් වැඩසටහන කියන්නේ.
අද අපි කතා කරන්නේ මලල ක්‍රීඩාවට තවත් ආයෝජනයක් ගැනයි. ඔහු නමින් දිනේශ් දිල්ශාන් ප්‍රනාන්දු. මොහු අපට හමුවන්නේ හලාවතින්..

දිනේෂ් ඔබ ගැන කෙටි හැදින්වීමක් කලොත්,
මගේ නම දිනේෂ් දිල්ශාන් ප්‍රනාන්දු

ඔබ ඉගෙන ගන්නා පාසල වන්නේ
මම ඉගෙනුම ලබන්නේ හලාවත ශාන්ත මරියා පිරිමි විදුහලේ.

ඔබ ක්‍රීඩා කරන ඉසව් ගැන සදහන් කලොත්
මගේ ක්‍රීඩා ඉසව්ව වන්නේ හෙල්ල විසිකිරීම.

ඔබ මෙම ක්‍රීඩා ඉසව්වෙන් ලබා ගත් ජයග්‍රහණයන් මොනාද?
දැනට මගේ වාර්තාවන් දෙකක් තිබෙනවා. ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ 14න් පහළ 40.70 ලෙස  හා 15න් පහළ 55.91 ලෙස. ඒ වගේම 2018 සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ දී තුන්වන ස්ථානය ලබා ගත්තා. 2019 පලාත් තරග වලින් දෙවන ස්ථානය ලබා ගත්තා.

ඔබට මෙලෙස ජයග්‍රහණ කරා යාමට පාසලෙන් නිවසෙන් වගේම පුහුණුකරුගෙන් විශාල සහයොගයක් ලැබෙනවා ඇති.
ඒ පිලිබඳ යමක් සදහන් කලොත්,
ඔව් මට සියලු දෙනාගෙන්ම විශාල සහයෝගයක් ලැබෙනවා. අම්මා තාත්තාට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. ඒ වගේම පාසලේ විදුහල්පතිතුමා ඇතුලු සියලු ගුරු මණ්ඩලයෙනුත් විශාල සහයෝගයක් ලැබෙනවා මගේ පුහුණුකරු තමා සුපුන් සර්. සර් විශාල කැපකිරීමක් කරනවා මගේ ක්‍රීඩාව වෙනුවෙන්.

ඔබගේ අනාගත බලාපොරොත්තුව කුමක්ද?
ලංකා මාතාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් ගේන්න තමා ලොකුම බලාපොරොත්තුව.

Read More
හෙට පිබිදෙන්නට වෙර දරන තබුත්තේගම යමුනා සෙව්වන්දි
February 24, 2020

ඔබ දන්නවා ඇති ක්‍රිස්බෝ නෙක්ස්ට් චෑම්ප් කියන්නේ හෙට  පූදින්නට වෙර දරන ක්‍රීඩා  හපන්නූ සොයා යන ගමනක්..
ඉතින් මෙවර අප තවත් අනාගත ඔලිම්පික් පදක්කමට බලාපොරොත්තුවක් එක් කර ගත්තා.තුන්පිම්මෙන් හා දුර පැනීමෙන් දස්කම්පාන ඇය තබුත්තේගම යමුනා සෙව්වන්දි .

ඔබ ගැන කෙටි හැදින්වීමක්  කලොත්?

මගේ නම යමුනා සෙව්වන්දි මම ඉගෙනුම ලබන්නේ තබුත්තේග්ම මධ්‍ය මහා විද්‍යාලයේ. උසස්පෙළ හදාරන්නේ 12 ශ්‍රේණියේ කලා අංශයෙන්. මගේ ක්‍රීඩා ඉසව්ව තුන්පිම්ම.

ඔබ ලබා ගත් ජයග්‍රහණයන් මොනාද?

මුලින්ම 2018 වසරේ ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේදී 16න් පහළ තුන්පිම්ම ඉසව්වෙන් දෙවන ස්ථානය ලබා ගත්තා. ඉන් පසුව 18න් පහළ පාසල් මලල ක්‍රීඩා උළෙලේදී දක්ශතම ක්‍රීඩිකාව බවට පත් වුණා.  එහිදී 11.49m ලෙස මගේ දක්ශතාවය සටහන් වුණා. 2019 වසරේදී තුන්පිම්ම තුන්වන ස්ථානයත්,දුර පැනීම දෙවන ස්ථානයත් ලබා ගත්තා.

ඔබට මේ ජයග්‍රහණ කරා යාමට පවුලෙන් හා පාසලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ඉතා හොද සහයෝගයක් ලැබෙනවා. අම්මා තමා මගේ ලගින්ම ඉදන් ලොකු සහයෝගයක් දක්වන්නේ. ඒ වගේම තාත්තා අයියාත් ලොකු සහයෝගයක් ලබා දෙනවා.

අපේ පාසලේ ධම්මසිරි ස්වාමීන්වහන්සේ විශේෂයෙන් මතක් කරන්න ඕනි. ස්වාමීන්වහන්සේ පාසලේ ක්‍රීඩා කටයුතු වලට විශාල සහයෝගයක් ලබා දෙනවා.

ඒ වගේම පාසලේ විදුහල්පතිතුමා ඇතුලු ගුරුමණ්ඩලයටත්,අප පංතිභාර ගුරුතුමාගෙනුත් ඉතා හොද සහයෝගයක් ලැබෙනවා.

ඒ වගේම මගේ පුහුණුකරු ලෙස කටයුතු කරන ජීවන් ද සිල්වා ගුරුතුමා විශාල සහයෝගයක් ලැබෙනවා.

මෙම ක්‍රීඩාවෙන් ඔබගේ අනාගත බලාපොරොත්තුව කුමක්ද?

ලංකාවට ඔලිම්පික් පදක්කමක් ගේන්න තමා බලාපොරොත්තුව..

Read More
ලංකාවෙන් ගිලිහිලා යන ජිම්නාස්ටික් ශූරයා රුචිර සංජන
February 23, 2020

“ඔබ දන්නවා ඇති අප යම් දෙයකට ලබා දිය යුතු නිසි වටිනාකම ලබා නොදුන්නහොත් අපි නොදැනුවත්වම අපෙන් ඒ දේ ගිලිහිලා යනවා.”

ඉතින් අද අපේ කතා බහ පෙළගැසෙන්නේ වගකිවයුතු බලධාරීන්ගේ අවිධිමත් ක්‍රියා කලාපය හේතුවෙන් ලංකාවෙන් ගිලිහිලා යන්න හදන ජිම්නාස්ටික් ජාතික ශූරයකු වන රුචිර සංජන සමගයි.

රුචිර, අපි අද කතාබහට මූලාරම්භයක් ලබා ගන්නේ ඔබ ගැන වගේම ඔබ ජිම්නාස්ටික් ක්‍රීඩාවට පලමු පියවර තබන්නේ කොහොමද කියන කාරණයත් සමගයි.

මගේ නම රුචිර සංජන ප්‍රනාන්දු. මගේ පාසල මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයයි.

ජිම්නාස්ටික් වලට මන් මුලින්ම යොමු වෙන්නේ අපේ තාත්තා නිසා. මම පොඩි කාලේ ටිකක් දගයි. ඉතින් පෙර පාසල් යන කාලෙම තාත්තා මාව මෙම ක්‍රීඩාවට යොමු කරා.

පත පොතේ අකුරට වගේම ජිම්නාස්ටික් ක්‍රීඩාවේ අකුර කරන්නත් ඔබ කුඩා කලම ආරම්භ කරා.මොනාද මෙම ක්‍රීඩාවෙන් ඔබ ලබා ගත් ජයග්‍රහණයන්?

මාරිස්ටෙලාව තුල ජිම්නාස්ටික් ක්‍රීඩාව තිබුණ නිසා මාව එම පාසලට ඇතුලත් කරා. එහිදී මම ජාතික පාසල් මට්ටමින්  ජයග්‍රහණ ලබා ගැනීමත් සමගම මම ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගී උනා.

එම ක්‍රීඩා උළෙලේ 2016,2017,2018 යන වර්ශ වල ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ජාතික ශූරයා බවට පත් වෙන්න මට හැකි වුණා.

ඒ වගේම 2016 දී නැම්බියාවේ දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී හරස් දණ්ඩ ඉසව්වෙන් තුන්වන ස්ථානය මම ලබා ගත්තා.

එම පදක්කම ලබා ගැනීමෙන් පසු ඔබට ලංකාවෙන් ලැබුණු ප්‍රතිචාරය කොහොමද?

ඇත්තම කිව්වොත් ඉන් පසුව මට මෙම ක්‍රීඩාවෙන් ලංකාව තුල තැනක් නැතිව ගියා. මේ වර්ශයේත් පොදුරාජ්‍ය මණ්ඩලීය World Games පැවැත්වුණා.

එයට ලංකාවෙන සහභාගි උනේ එක් ක්‍රීඩිකාවක් පමණයි. මෙයට හේතුවක් විදියට මන් දකින්නෙ දැනට පවතින ජිම්නාස්ටික් ක්‍රීඩා සංගමයේ අභ්‍යන්තර ගැටලුවකාරී තත්වයයි.

ඔබ 2016 දී පොදුරාජ්‍ය මණ්ඩලීය තරග වලට සහභාගි වනවා. එහිදී ලබපු ජයග්‍රහණය ගැන ඔබට දැන්නේ කොහොමද?

තරගයට සහභාගි වනතුරුත් මම ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් නෙවේ සිටියේ. නමුත් අවසාන මොහොතේදී මම කරපු පුහුණුවීම් සමගම මන් මගේ උපරිම දක්ශතාවය දැක්වුවා. ඉතින් එම දක්ශතාවයට සුදුසු වටිනාකම ලැබුණා.

නමුත් ඒ පදක්කමට ලංකාවෙන් ලැබුණු දේ ගැන බලද්දී යම් කලකිරීමක් තිබෙනවා.

රුචිර ඔබ පවසන අන්දමට ඔබේ දක්ශතාවයට ඔබගේ ක්‍රීඩාවට හිමි විය යුතු තැන  ඔබට ලංකාවෙන් ලැබිලා නෑ. මේ හේතුව නිසා ඔබ යම් මානසික පසුබෑමකට ලක් වෙලා තිබෙනවා. එම මානසිකත්වයත් සමග කොහොමද ඔබ ඉදිරියට ඔබගේ ක්‍රීඩා කටයුතු කරගෙන යන්නේ?

ඔව්. මම දකින විදියට මෙවැනි තත්වයක් මත මට තවදුරටත් ලංකාව තුල මේ ක්‍රීඩාව කරන්න බැහැ.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට සහභාගි වෙලා මන් පදක්කම ගෙන  ආවට පසුවත් සැලකිය යුතු මට්ටමේ පුහුණුවක් නොලැබෙන නිසා මගේ තාත්තා මාව ඉතාලියේ පුහුණුවීම් වලට යොමු කරා.

මින් ඉදිරියටත් මන් බලාපොරොත්තු වන්නේ පිටරටකට ගිහින් පුහුණුවීම් ලබලා ලංකාව වෙනුවෙන් පදක්කමක් ගේන්න.

ඔබ සිතන අකාරයට ලංකාවෙන් කුමන කරුණු කාරණා සම්බන්ධව ද වගේම කුමන මට්ටමේ සහයෝගයක්ද ලැබිය යුත්තේ?

අපට පුහුණුවීම් සිදු කිරීමට පිටරටකින් පුහුණුකරුවෙකු ගෙන්වලා හෝ අපට යම් කිසි ශිෂ්‍යත්වයක් ලබා දුන්නොත් ලංකාව වෙනුවෙන් ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් පදක්කමක් ගේනවා කියන එක තවත් පහසු වනවා.

සංජන ඔබ දන්නා පරිදි මෙම ක්‍රීඩාවෙන් දක්ශතා දක්වන තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්නවාද ?

ඔව් බොහොමයක් දෙනා ඉන්නවා. ඒ සියලු දෙනාත් පත් වෙලා ඉන්නේ මන් ඉන්න තත්වයටමයි. මේ හේතුව නිසා ඉතා හොද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉදිරියට යාමේ අවස්ථාවයි ගිලිහී යන්නේ.

ඇත්ත වශයෙන්ම සදහන් කලොත් ජිම්නාස්ටික් ක්‍රීඩාව සදහා නිසි සංගමයක් ලංකාව තුල නැහැ. වගකිවයුතු බලධාරීන් විසින් විධිමත් ලෙස මෙම ක්‍රීඩාව සදහා සංගමයක් ආරම්භ කරලා පුහුණුකරුවන් ගෙන්වලා කටයුතු කරනවා නම් මා වැනිම තවත් ජාත්‍යන්තර
මට්ටමේ පදක්කම් වලට ලංකාවේ නම ලියන්න පුලුවන් ක්‍රීඩකයින් ඉන්නවා.

සංජන ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඔබගේ අනාගත බලාපොරොත්තුව කුමක්ද?

කොහොම හරි පුහුණුවීම් සිදු කරලා ජාත්‍යන්තර මට්ටමේ තරගවලින් පදක්කමක් ගේන්න තමා බලාපොරොත්තුව .

හොදයිර, රුචිර මේ වන විට ඔබ ලංකාව තුල මෙන්ම ඉතාලිය තුල පුහුණුවීම් කටයුතු  සිදු කරලා තිබෙනවා. ඉතාලිය ගත් විට ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඉහළ තලයේ සිටින රටක්. ඔබ මේ රටවල් දෙකෙහිදී පුහුණුකරුවන් තුල ක්‍රීඩකයින් තුල දකින වෙනස කොහොමද?

මෙහෙමයි අපේ රටට සාපේක්ෂව ඉතාලිය පහසුකම් අතින් සංවිධානාත්මකභාවය අතින් ඉතාම ඉහළයි. ඒ වගේම පුහුණුකරුවන්ගේ දැනුම මට්ටම ඉහළ නිසා ක්‍රීඩකයින් ද ඉතා හොද මට්ටමක ඉන්නවා.

සංජන ඔබ අද මේ තත්වෙට ඇවිත් තිබෙන්නේ විවිධ බාධකයන් මධ්‍යයේ.  ඉතින් මේ ගමන මෙතෙක් දුර ඒමට ඔබට අත හිත දුන් අය මතක් කරොත්,

මුලින්ම මගේ අම්මා,තාත්තා මතක් කරන්න ඕනි. ඒ වගේම මාව ඉතාලියට ගත්ත මගේ බාප්පාවත් මෙතෙක් කල් මාව මේ තත්වයට ගේන්න මාව පුහුණු කරපු පුහුණුකරුවන්වත් මතක් කර සිටින අතර ඔවුන් හට මාගේ ස්තූතිය ප්‍රකාශ කර සිටිනවා.

Read More
ක්‍රීඩාවෙන් ජයග්‍රහණ කරා යන ගමනේදී නිවැරදි ලෙස තාක්ෂණය භාවිත කරන්නේ කෙසේද?
February 3, 2020

ඔබ ක්‍රීඩා පිලිබඳ උනන්දු පුද්ගලයෙක් නම් ඔබ දන්නවා ඇති, කුමන බාහිර සාධක නිසියාකාරව තිබුනත් ක්‍රීඩාවට අදාල තාක්ශණය නිවැරදි ලෙස භාවිත නොකලහොත් ඔබගේ ක්‍රීඩා දිවියේ ජයග්‍රහණ සදහා එය ලොකු බලපෑමක් ඇති කරන බව.

ඉතින් අද ක්‍රිස්බෝ නෙක්ස්ට් චෑම්ප් වැඩසටහනින් ඔබගේ ක්‍රීඩා දිවියට වැදගත් යමක් ඉදිරිපත් කිරීමටයි මේ උත්සාහය, ක්‍රීඩාවෙන් ජයග්‍රහණ කරා යන ගමනේදී නිවැරදි ලෙස තාක්ෂණය භාවිත කරන්නේ කෙසේද?
මේ පිලිබඳව අද අප දැනුවත් කරනු ලබන්නේ, ජාතික ක්‍රීඩා විද්‍යාතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල් මහතා

අප මුලින්ම කතා කලොත් ධාවන ඉසව් වලදී තාක්ෂණය භාවිතය කෙසේද?

ධාවන ඉසව්වක මූලික පියවර සාමාන්‍ය පියවර හා අවසානය වශයෙන් කොටස් තුනක් තිබෙනවා.
කෙටි දුර ධාවන ඉසව් වලදී ආරම්භය ඉරියව් තුනකින් සමන්විත වනවා. එලෙසම මැදි දුර හා දිගු දුර ඉසව් වල ආරම්භය අදියර දෙකකින් සමන්විත වනවා.

දිගු දුර ඉසව් වලදී ආරම්භය ලබා ගන්නේ කෙසේද?

මෙම ඉසව් වලදී සැරසෙන් වෙඩි හඩට ධාවන ආරම්භ කරනු ලබනවා.
මෙම ආරම්භක අවස්තාවේ දී තමයි අප තාක්ෂණික උපක්‍රම යොදා ගන්නේ.

එහි දී ක්‍රීඩිකාවන් භාවිත කරන තාක්ෂණය ගැන පැහැදිලි කිරීමක් කලහොත්,

මෙම සැරසෙන් කියන අවස්තාවේ දී ආරම්භක රේඛාවට පිටුපසින් තමන්ගේ ශක්තිමත් පාදය තබා අනෙක් පාදය පිටුපසට තබා ඊට විරුද්ධව අත් තබාගෙන සූදානම් වේ.

අධ්‍යක්ෂතුමනි සියලුම ධාවන ඉසව් වලදී මූලික පියවර ඔබතුමා ඉහත සදහන් කල ආකාරයටමද සිදු වන්නේ?

නැහැ එය ඉසව්වෙන් ඉසව්වට වෙනස් වනවා. එහිදී කෙටි දුර ඉසව් වල මූලික පියවර වශයෙන් හදුන්වන්නෙ 30m පමණ දුරක් ද,  විශේෂයෙන් ම මැදි දුර ඉසව් වල මූලික පියවර වශයෙන් 800m ඉසව්වේ දී 100m ද, 1500m ඉසව්වේදී 80m ද, වනවා.මෙලෙස තාක්ෂණය විවිධාකාරයෙන් භාවිත වීමට හේතුව වන්නේ තරග ආරම්භ කරන ස්ථානයයි.

අධ්‍යක්ෂතුමනි, දැන් අපගේ අවධානය සාමාන්‍ය පියවර වෙත යොමු කලොත්, එහිදී භාවිත තාක්ෂණික උපක්‍රම මොනවද?

ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින අවස්තාව  සාමාන්‍ය පියවර ලෙස හදුන්වනු ලබනවා. මෙහිදී, වැදගත් වන්නේ තත්පරයකට තබන පියවර සංඛ්‍යාව එනම් (Frequency ) හා පියවර අතර දුර ප්‍රමාණය එනම් (Straight Length).

කෙටි දුර ධාවන ඉසව් වලදී වැදගත් වන්නේ තත්පරයකට තබන පියවර ප්‍රමාණයයි.
එලෙසම මැදි දුර හා දිගු දුර ඉසව් වලදී මෙම frequency හා straight length යන දෙකෙහිම සංයෝජනයක් දක්නට ලැබෙනවා.

මෙම සංයෝජනය නිසියාකරව පවත්වා ගැනීමට නම් යෝග්‍යතාවයන් ඉහල මට්ටමකට පුහුණුකිරීමට සිදු වනවා. එම යෝග්‍යතාවයන් ලෙස වේගය දරා ගැනීම, වේගය, සම්බන්ධීකරණය, ශක්තිය වැනි ප්‍රධාන ශාරීරික යෝග්‍යතා පුහුණු කිරීම සිදු වනවා.

ධාවන ඉසව්වක අවසාන පියවර වන්නේ ඉසව්ව අවසන් කිරීමයි. මේ පිලිබඳව දැනුවත් කිරීමක් සිදු කලහොත්,

ඉසව්වක අවසානය ඉතාමත් වැදගත්. සාමාන්‍යයෙන් අවසානය නිවැරදිව සිදු කරනු ලබන්නේ ඉහල කද පෙදෙස ඉදිරියට නමා තරගය නිමා කරනු ලැබේ.

ඉතින් මෙම තාක්ෂණික උපක්‍රම නිසියාකාරව භාවිතය මගින් අපගේ ක්‍රීඩා ගමන සාර්ථකව පවත්වාගෙන යාමට හා ජයග්‍රහණය කරා යෑමද ඉතාමත් පහසු වනවා.

Read More
ධාවනයෙන් තවත් ඔලිම්පික් පදක්කමක් හලාවතින්ද?
February 3, 2020

මෙවර ක්‍රිස්බෝ ඇස අප යොමු කරන්නේ විශිෂ්ඨ ක්‍රීඩකයින් බිහි වුණු පුත්තලම් දිස්ත්‍රික්කයටයි.
මේ ඔලිම්පික් සිහිනය හබා යන ගමනේ තවත් එක් නැවතුමක්. මොහු නමින් හිමාශ් සචින්. අපට ඔහු හමුවන්නේ හලාවතින්. මේ අපි ඔහුත් සමඟ කල කතාබහයි.

සචින් ඔබ පිලිබඳ හැදින්වීමක් කලොත්,

මගේ නම හිමාශ් සචින් කාවින්ද, මම දැනට හලාවත ශාන්ත මරියා පිරිමි විදුහලේ 13ශ්‍රේණියේ කලා අංශයෙන් ඉගෙනුම ලබනවා.
මගේ ක්‍රීඩා ඉසව්වන් වන්නේ 100m හා 200m.

ක්‍රීඩාවට ඔබගේ අවතීර්ණය ගැන මතක් කිරීමක් කලොත්?
මම මුලින්ම අධ්‍යාපනය හැදෑරුවේ විජය කටුපොත විද්‍යාලයටයි. එම විද්‍යාලයේ පුහුණුකරු වශයෙන් කටයුතු කලේ නුවන් සර් විසින්. ඉන් පසුව උසස්පෙළ හැදෑරීමට ශාන්ත මරියාවට ඇතුලු උනා.
මෙම පාසලේ පුහුණුකරු වශයෙන් සුමුදු ඉශාන් සර් කටයුතු කරනවා. ඒ වගේම සර්ගෙන් හොද සහයෝගයක් මගේ ක්‍රීඩාවට ලැබෙනවා.

ඔබ විසින් ලබා ගත්  ජයග්‍රහණ මොනවාද?
සමස්ථ පාසල් පළාත් තරගාවලියේ 100m හා 200m ඉසව් වලින් රන් පදක්කම ලබා ගෙන තිබෙනවා.
මේ අවුරුද්දේ පැවති ජෝන් ටාබට් තරගාවලියේ 200m ඉසව්වේ දෙවන ස්ථානය ලබා ගත්තා.

ඔබගේ ක්‍රීඩා ගමනට නිවසෙන් පාසලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
විදුහල්පතිතුමා ඇතුලු ගුරු මඩුල්ලෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම  නිවසේ අම්මා තාත්තා විශේෂයෙන් මතක් කරන්න ඕනි. ඒ අයගෙනුත් විශාල සහයෝගයක් ලැබෙනවා. ඉතින් මන් මේක අවස්ථාවක් කරගන්නවා ඒ සියලු දෙනාට ස්තූති කරන්න.

ඉදිරි ඔබගේ ක්‍රීඩා ගමනේ බලාපොරොත්තුව අනාගත මොකක්ද?
මගේ ඉසව්වෙන් ලංකාවට ඔලිම්පික් පදක්කමක් රැගෙන ඒම තමා ලොකුම බලාපොරොත්තුව.

Read More