ක්‍රිස්බ්‍රෝ නෙක්ස්ට් චෑම්ප්
අවුරුදු 24ක් පරණ වාර්තාවක් කඩලා මගේ වාර්තාවක් තිබ්බා – සෙතුමි දහම්සා, රත්නපුර
September 5, 2019

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍රයේ  අනාගතය ජයග්‍රහණ රැදිලා  තියෙන්නේත් අපේ කනිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතේ, ඉතින් ඔවුන්ගෙන් නිවැරදි ප්‍රයෝජන ලබගන්නටනම් වග කිවයුත්තන්ගේ මෙන්ම සමාජ අවධානයද ඔවුන් වෙත ලබාදිය යුතුයි, Crysbro Next Champ අපගේ නිෂ්පාදන කණ්ඩායමේ අරමුණ වන්නේද එයයි, ඉතින් දක්ෂයන් සොයායන ගමනේදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් අපට හමුවුන දක්ෂයා ගැනයි මේ සටහන

ඔබගේ නම?
මම සේතුමි  දහම්සා කහංගම

ඔබගේ පාසල?
මම රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා, ලබන වසරේ අ.පො.ස සාමාන්‍යපෙළ විභාගයට මුහුණදීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

පදිංචිව සිටින්නේ?
දැනට පදිංචිව සිටින්නේ නිවිතිගල

ඔබගේ පවුල ගැන පොඩි විස්තරයක් කලොත් 
මගේ ගෙදර මමයි අප්පච්චියි අම්මයි මල්ලියි ඉන්නේ, අප්පච්චි තමයි මගේ ක්‍රීඩා ජීවිතයට ගොඩක් උදව් කරන්නේ මොකද එයත් ක්‍රීඩා කරපු කෙනෙක්, මගේ මල්ලි තාම ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන්නේ එයත් මේ වෙනකොට ක්‍රීඩාවට යොමුවෙලා ඉන්නවා.

ඔබ මොන ක්‍රීඩා ඉසව්වෙන්ද දස්කම් දක්වන්නේ? 
මගේ ප්‍රධානම මලල ක්‍රීඩා ඉසව්ව මීටර් 100 කඩුලු මතින් දිවීම

ඒ කියන්නේ ඔබ ක්‍රීඩාවට පිවිසුනේ කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන්?
නැහැ මම මුලින්ම කලේ කඩුලු මතින් දිවීමේ ඉසව්ව නෙමෙයි පොඩිකාලේ මීටර් 100 ඉසව් වලට සහභාගී වුණා ඊටපස්සේ මගේ ප්‍රධාන පුහුණුකරු B.R   පාලිත ගුරුතුමන් තමයි මාව කඩුලු මතින් දිවීමේ ඉසව්වට යොමුකළේ.

අද වෙනකොට ලබාගත්ත ජයග්‍රහණ ගැන සදහන් කලොත් 
විශේෂයෙන්ම 2017 සමස්ථ ලංකා මලල ක්‍රීඩා උළලේදී මීටර් 80 කඩුලුමතින් දිවීමේ ඉසව්වෙන් නව වාර්තාවක් සමග රන් පදක්කමකට හිමිකම් කිව්වා
ඒ වගේම එම වසරේ කනිෂ්ට ජෝන් ටාබට් ක්‍රීඩා උළලේදී මීටර් 80 කඩුලුමතින් දිවීමේ ඉසව්වෙන් අවුරුදු 24ක් පැරණි වාර්තාවක් බිදදමමින් මගේ නව වාර්තාවක් පිහිටවන්නත් හැකි වුණා
ඒ වගේම 2018 වසරේ කනිෂ්ට ජෝන් ටාබට් ක්‍රීඩා උළලේදී මීටර් 80 කඩුලුමතින් දිවීමේ ඉසව්වේ තරග වාර්තාව සමකිරීමට හැකි වුණා
ඒ වගේම 2018 සමස්ථ ලංකා  මීටර් 100 කඩුලුමතින් දිවීමේ ඉසව්වේ රන් පදක්කමත් දිනාගැනීමට හැකියාව ලැබුනා

Read More
සෙනසුරාදා ඉරිදා තමයි පන්ති යන්නේ ඉතුරු දවස් 5හම පුහුණුවීම් – පියුමි හශාරා දෙව්මිණි
July 22, 2019
2024ට 2028ට ඉන්දියාව පවා ක්‍රීඩකයන් තනද්දී අපි ඉන්නේ කොහෙද කියන කාරණාව පිලිබදව නැවත සිතන්නට අවස්ථාවක් උදාවෙලා තිබෙනවා විශේෂයෙන් එහෙම හිතෙන මිනිසුන් බිහිකරගැනීමේ අවස්ථාවක් පවතිනවා ඒ නිසා තමයි ක්‍රිස්බ්‍රෝ නෙක්ස්ට් චෑම්ප් සැමවිටම ඔබේ කය මනස ශක්තිමත් කරමින් ක්‍රීඩාවේ සංවර්ධනය සදහා සිදුවිය යුතු දේ ඔබට කියන්නේ ඒ විතරක් නෙමෙයි ක්‍රීඩාවේ අනාගත ජයග්‍රහණ ලබන තරු කවුදැයි ඔබට හදුන්වා දෙන්නේ

අතීත පරාජයන් කියන දේවල් අපිට වෙනස් කල හැකි දේවල් නොවේ හැබැයි මේ මොහොතේ උනන්දු උනොත් අපිට පුළුවන් ඒ අහිමි වෙච්ච ජයග්‍රහණ වෙනුවට අනාගතයේ හොද ජයග්‍රහණයන් ලබාගැනීමට සහ එම ජයග්‍රහණ වැඩි දියුණු කරගන්න. ඉතින් ඒ සේරටම කලින් ඔවුන් පිලිබදව තොරතුරු සමාජයට කියන්න ඕනේ ඒ හරහා ඔවුන් වෙත අවධානය යොමු කරවන්නට ඕනේ, මේ හදන්නේ ඔබේ අවධානය යොමු විය යුතු තවත් එක දක්ෂයෙක් පිලිබදව ඔබ වෙත තොරතුරු ගෙන ඒමටයි, ක්‍රිස්බ්‍රෝ නෙක්ස්ට් චෑම්ප් අපි ගියා ඒ දක්ෂය සොයාගෙන.

ඔබේ නම
මගේ නම පියුමි හශාර දෙව්මිණි

ඔබේ පාසල සහ වසර
මගේ පාසල හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ මාධ්‍ය විද්‍යාලය, මම ඉගෙනගන්නේ 9 වසරේ

ඔබ දක්ෂතා දක්වන ක්‍රීඩා ඉසව්ව
මන් කැමතිම ක්‍රීඩා ඉසව්ව උස පැනීම

ලබාගත්ත ජයග්‍රහණ පිලිබදව සදහන් කලොත්
මම ජෝන් ටාබට් සමස්තලංකා උසපැනීමේ ප්‍රථමස්ථානය
2018 දකුනුපලාත් උසපැනීම නව වාර්තාවක් සමගින් ප්‍රථමස්ථානය සහ එම වසරේ දක්ෂතම ක්‍රීඩිකාව

දක්ෂතා දක්වන වෙනත් තරග ඉසව්
දුර පැනීමේ ඉසව් වලටත් සහභාගිවෙනවා හැබැයි වැඩියෙන්ම කැමති උස පැනීමට

ඔබේ ක්‍රීඩා පුහුණුකරු
පාසලේ රණවීර මිස් තමයි මගේ පුහුණුකරු විදියට ඉන්නේ 2016 හය වසරෙදි පාසල් ක්‍රීඩා උත්සවයෙදි තමයි මට මිස්ව මුලින්ම හම්බ උනේ ස්කුල් මීට් එකේදී උසපැනීමට ආස හිතිලා තමයි මම මිස් ගාවට ගියේ. 2016 ඉදන් මම මිස් එක්ක දිගටම පුහුණුවීම් කරනවා.

අනාගත බලාපොරොත්තුව
අනාගතයේ කොහොමහරි ඔලිම්පික් පදක්කමක් ලංකාවට ගේන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

Read More
මගේ අනාගත බලාපොරොත්තුව ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබාදීම – දිප්පිටිය රාජගිරි මහා විද්‍යාලයේ සදුනි රශ්මිකා
July 10, 2019

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ට මලල ක්‍රීඩාපිටිය කෙසේ වෙතත් කනිෂ්ට මලල ක්‍රීඩා පිටියටනම් විශිෂ්ටයන්ගෙන් අඩුවක් නැහැ මැතකදී පැවැත්වෙච්ච දකුණු ආසියානු කනිෂ්ට මලල ක්‍රීඩා උළෙලවල් වලදී ඒ වගේම ආසියානු කනිෂ්ට මලල ක්‍රීඩා උළෙලවල් වලදී මේ බව ඉතාමත්ම පැහැදිලිව ඔප්පු උනා නමුත් මේ කනිෂ්ට වයසේදී දක්ෂතා දක්වන ක්‍රීඩකයින් ජ්‍යෙෂ්ට මට්ටමට යද්දී අපිට මොවුන් රැකගන්න පුළුවන් වේවිද කියන එක අපට තියෙන ප්‍රශ්නයක්, මෙයට හේතුව ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණවත් අවධානය යොමු නොවීම කියලා ක්‍රිස්බ්‍රෝ අපි තේරුම් ගත්තා.

ඒ නිසයි අපි එවැනි අවධානයක් නොලැබෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා යන මේ සමාජ සත්කාරයට යොමු වුනේ. ඉතින් අපි අද සුදානම් වෙන්නේ අරනායක ප්‍රදේශයේ එවැනි දක්ෂ ක්‍රීඩිකාවක් සොයයන්නයි.

ඔබේ නම
මගේ නම සදුනි රශ්මිකා

ඔබේ පාසල සහ වසර
මගේ පාසැල කෑගල්ල මාවනැල්ල දිප්පිටිය රාජගිරි මහා විද්‍යාලයේ 12 වසර කළා අංශයෙන් ඉගෙනුම ලබනවා

ඔබ දක්ෂතා දක්වන ක්‍රීඩා ඉසව්ව
මීටර් 400 ඉසව්ව

ලබාගත්ත ජයග්‍රහණ පිලිබදව සදහන් කලොත්
මම ක්‍රීඩාව ආරම්භ කලේ 8 වසරේදී , නිවාසාන්තර තරගවල ඉදන් පළාත්, ජාතික මට්ටම්වල තරගවලිවලින් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා, මම ජාතික යෞවන ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහණ දෙකක් ලබාගෙන තියෙනවා ඒ වගේම සබරගමු පළාත් මට්ටමේ ප්‍රථම ස්ථානයත් සමස්තලංකා පාසල් මට්ටමෙන් වර්ණ සහතිකත් ලබාගෙන තියෙනවා.

පාසලෙන් ලැබෙන සහයෝගය ගැන සදහන් කලොත්
මගේ පාසලේ ගුරු මණ්ඩලය ඇතුළු විදුහල්පතිතුමා මගේ ක්‍රීඩාවට සහ අධ්‍යාපන කටයුතු වලට ගොඩක් උදව් කරනවා ඔවුන්ව මේ අවස්ථාවේ විශේෂයෙන් මතක් කරනවා

පවුලේ විස්තර ගැන සදහනක් කරොත්
මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මල්ලියි එයාලවත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා ඔවුන්ගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.

මොනාද අනාගත බලාපොරොත්තු?
මුලින්ම මෙවර නෙක්ස්ට් චෑම්ප් වශයෙන් මාව තෝරගත්තට ක්‍රිස්බ්‍රෝ ආයතනයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා, මගේ අනාගත බලාපොරොත්තුව ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබාදීම.

Read More
මගේ තාත්තා හැම තරගයක් අතරතුරම පිටිපස්සේ ඉදන් මට ලොකු ශක්තියක් වුණා – මදුශංක වසන්ත
July 10, 2019
රටකට දක්ෂතා තිබුනට පමණක් මදි ඒ දක්ෂතා නිවැරදිව හදුනාගැනීමත් ඉතාමත්ම වැදගත්, දක්ෂතා තිබෙන ක්‍රීඩිකාව හෝ ක්‍රීඩකයා හදුනාගැනීම හරහා ඉතාමත් කලින් ඔහුට අවශ්‍ය සම්පත් සපයා දීමෙන් රටට ජයග්‍රහණ සපයාගත හැකියැයි අප තුල විශ්වාසයක් තිබෙනවා ක්‍රිස්බ්‍රෝ නෙක්ස්ට් චෑම්ප් හැමවිටම අපේ අනාගත ක්‍රීඩා තරුවක් ඔබ වෙත ගෙන එන්නේ එම අරමුණ පෙරදැරිවයි. අපි අද හදුන්වාදෙන්නේ රටට ආයෝජනයක් විය හැකි තවත් එක ක්‍රීඩකයෙක්.

 

ඔබේ නම
මම මදුශංක වසන්ත බණ්ඩාර

ඔබගේ පාසල?
මගේ පාසැල කෑගල්ල මාවනැල්ල දිප්පිටිය රාජගිරි මහා විද්‍යාලය, මම 13 වන වසරේ කළා අංශයෙන් ඉගෙනුම ලබනවා

ඔබ මොන ක්‍රීඩා ඉසව්වෙන්ද දස්කම් දක්වන්නේ?
බර ඉසිලීමේ ඉසව්ව සහ හෙල්ල විසිකිරීමේ ඉසව්ව වලට සහභාගී වනවා

අද වෙනකොට ලබාගත්ත ජයග්‍රහණ ගැන සදහන් කලොත්
මම 2016 වසරේ බර එසලීමේ ක්‍රීඩා උළෙලට සහභාගී වුණා 2016 ඉදන්ම හෙල්ල විසි කිරීමේ පුහුණුවීම් කටයුතුවල නිරත වුණා
2016 සමස්තලංකා බර ඉසිලීමේ ක්‍රීඩාවලියේ දෙවන ස්ථානයත්
2016 ජාතික පාසල් සවි එසවීමේ තරගාවලියේ ප්‍රථම ස්ථානයත්
2016 කනිෂ්ට සවි එසවීමේ තරගාවලියේ තුන්වන ස්ථානයත්
2017 මැලේසියාවේ දකුණු ආසියානු යොවුන් බර ඉසිලීමේ ක්‍රීඩා උළෙලට මට සහභාගිවෙන්න ලැබුනා
2017 ජාතික බර ඉසිලීමේ ශුරතාවයේ දෙවන ස්ථානයත්
2017 ජාතික සවි එසවීමේ ශුරතාවයේ දෙවන ස්ථානයත් මට ලබාගන්න පුළුවන් වුණා.
2018 ජාතික සංගම් බර ඉසිලීමේ ශුරතාවලියේ ප්‍රථම ස්ථානයත් සවි එසවීමේ ශුරතාවලියේ දෙවන ස්ථානයත් මට ලබාගැනීමට හැකි වුණා.

ඔබේ ක්‍රීඩාවට ශක්තියක් උනේ කව්ද කියලා ඇහුවොත්
මගේ පළමු පුහුණුකරු තමයි S.A සුමන සුරවීර ඒ සර් තමයි මගේ පිටිපස්සෙන් ඉදගෙන මගේ ක්‍රීඩා ජිවිතයට ශක්තියක් උනේ, හරි වැරදි කියා දීලා මගේ හැමදේම හැදුවේ ඔහු, නිවාසාන්තර තරග වල ඉදන් ජාත්‍යන්තර තරග දක්වා මට ශක්තියක් උනේ සුමන සුරවීර ගුරුපියාණන් ඊට අමතරව මගේ තාත්තා හැම තරගයක් අතරතුරම පිටිපස්සේ ඉදන් මට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම ස්කොලේ විදුහල්පතිතුමා පාසලේ ආචාර්යමන්ඩලය මගේ යාලුවෝ සියලුම දෙනාව මම මේ අවස්ථාවේ ආදරෙන් මතක් කරනවා.

මොනාද අනාගත බලාපොරොත්තු
මගේ අනාගත බලාපොරොත්තුව ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් ලබාදීමයි

අවසන් වශයෙන් මොනාද කියන්න තියෙන්නේ?
මෙවර මාව නෙක්ස්ට් චෑම්ප් විදියට තෝරගත්තට ක්‍රිස්බ්‍රෝ ආයතනයට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා

 

Read More
මේවර #CrysbroNextChamp# තුළින් අප හඳුන්වා දෙන්නේ දිප්පිටිය අරනායක මහා විද්‍යාලයේසංජන ප්‍රබෝද්‍යා ක්‍රීඩිකාව
July 1, 2019
අනාගත ක්‍රීඩා ලොව ජය ගන්නා අපේ රටේ දක්ෂ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉස්මතුකොට ඔවුනට අත හිත හිත දෙමින් මාධ්‍ය ඔස්සේ ඔවුන්ව අනාවරණය කරන්නාවු ද දේශීය ශුරයන් ගේ අත්දැකීම් අදහස් ගෙන එන්නාවු ද ක්‍රිස්බ්රෝ නෙක්ස්ට් චැම්ප් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝකයට මිණි පහනක් වෙමින් CrysbroNextChamp නමින් දැවැන්ත සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු සුදානම් කොට ඇත. මෙමගින් වාර්ෂිකව දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්මානයෙන් ඇගයීමත් ඔවුනට අතහිත දීමත් සිදුවේ .මෙම සම්මාන උළෙලට සමගාමීව ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ චැනල් eye නාලීකාවේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9:30 ට CrysbroNextChamp නමින් වැඩසටහනක්ද විකාශය වේ. මේවර #CrysbroNextChamp# තුළින් අප හඳුන්වා දෙන්නේ දිප්පිටිය අරනායක මහා විද්‍යාලයේසංජන ප්‍රබෝද්‍යා ක්‍රීඩිකාව

Read More