ලොව විවිධාකාර ක්‍රීඩා උළෙලවල් අතුරින් තවත් පැරණිම සහ අති උත්කර්ශවත් මුහුණුවරක් ගන්නා තරගාවලියක් වන්නේ මෙම ආසියානු ක්‍රීඩා උළෙලයි. ආසියානු ඔලිම්පික් කමිටුව විසින් සංවිධානය කරන මෙම උළෙල ඔලිම්පික් උළෙල ආකාරයෙන්ම වසර 4 කට වරක් පැවැත්වේ. දැන් අප මෙහි ඉතිහාසය පිළිඹදව මදක් සළකා බලමු.
ආසියානු ක්‍රීඩා උළෙලේ ආරම්භය ගැන සැළකීමේදී 1950 දක්වා අතීතයකට කාලය දිව යයි. එනම් නව දිල්ලියේ පැවති පළමු උළෙලයි. දෙවන ලෝක යුධ සමයෙන් පසු ඔලිම්පික් වරම් අහිමි වී තිබූ ජපානයටද මෙම අසියානු ක්‍රීඩා උළෙලට තරග වැදීමට හිමි වීම සැම දෙනාගේම අවදානය දිනාගැනීමට යොමු වූ කරුණකි. මන්දයත් ඔවුන් මෙයට සහභාගී වූයේ 1949 යේ පැවති ආසියානු සමාරම්භක රැස්වීමටද සහභාගීත්වයෙන් තොරව වීමෙනි. තවද අවාසනාවන්ත ලෙස දකුණු කොරියාවට මේ සඳහා සහභාගී නොවීමට සිදුවූයේ එවකට එරට 1953 දක්වා ඇදී ගිය කොරියානු උද්ධය නිසාවෙනි .කෙසේ වෙතත් අවසානයේ ජාතික ඔලිම්පික් කමිටු 11ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 489 කගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා 12 ක් අවසානයේ සමස්ත පදක්කම් 169 කින් වර්ණවත් වෙමින් අති උත්කර්ශවත් ලෙස මෙම තරගාවලිය නිමා විය.
පසුව මෙහි දෙවන අදියර ලෙස පිලිපීනයේ මැනිලා නුවරද තෙවන අදියර ලෙස ජපානයේ ටෝකියෝ නුවරද ආකාරයට මේ දක්වා විවිධ ආසියාතික රටවල් නියෝජනය කරමින් මෙම උළෙල පැවැත්වීය. ආසියානු තරගාවලියේ අවසානයට පැවැත්වූ අදියර වන්නේ 2018 දී ඉන්දුනීසියාව සත්කාරකත්වය දැක්වූ උළෙලයි. මෙහිදී සමස්ත පදක්කම් 92ක් සමගින් චීනය මෙම තරගාවලියේ පෙරමුන ගන්නා ලදී.
දැන් අප ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සහභාගීත්වය පිළිඹදව මදක් සොයා බලමු. මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම ලෙස 1951 දී මළල ක්‍රීඩා අංශයේ රිටි පැනීම ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට M.A. Akbar සමත් වෙයි. රන් පදක්කමක් ලෙස පළමු පදක්කම දිනා ගනු ලැබූවේ Nagalingam Ethirveerasingam ක්‍රීඩකයා විසිනි. ඒ 1958 ටෝකියෝ උළෙලේ මළල ක්‍රීඩා අංශයෙනි. මේ ආකාරයෙන් විවිධ වසර වලදී විවිධාකාරයේ ඉසව් වලට සහභාගී වෙමින් මේ දක්වා රන් පදක්කම් 11ක් රිදී පදක්කම් 11ක් ලෝකඩ පදක්කම් 24 ක් සමගින් සමස්ත පදක්කම් 46 කින් ලක් මාතාව වර්ණවත් කිරීමට අපගේ විශිශ්ටයින් සමත් වී තිබීම සතුටට කරුණකි.
පුරා වසර ගණනාවක් නොකඩවා පැවති මෙම උළෙල 2022 වසරේද අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම තරගාවලිය 2022 සැප්තැම්බර් 10න් ආරම්භ කර 2022 සප්තැම්බර් 25 දක්වා චීනයේ Hangzhou නුවරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර හමාරය.
පුරා වසර ගණනාවක දැවැන්ත අතීතයකට හිමිකම් කියන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මෙවරත් 2022 ජූලි 28 දා සිට අගෝස්තු 8 දක්වා දින 29ක් පුරාවට අති උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර හමාරය. අප දැන් මෙහි අතීතය පිලිබදව මදක් සොයා බලමු.
1981 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ එකමුතුව ප්‍රදර්ශණය කිරීම සඳහා ක්‍රීඩා තරග ආකාරයේ උළෙලක් පවැත්විය යුතුයැයි ඕස්ට්‍රේලියාවේ උපන් Astley Cooper නැමැත්තා විසින් ප්‍රථම වරට අදසක් ඉදිරිපත් කර ඇත. ඉන් අනතුරුව 1911දී “The festival of Empire” නමින් රටවල් කිහිපයක සහභාගීත්වය ඇතිව ජෝර්ජ් රජුගේ රජාභිශේකය සමරමින් කුඩා උළෙලක් පවත්වා තිබේ.
පසුව 1930 දී “British Empire Games ” නමින් කැනඩාවේ හැමිල්ටන් හිදී ආරම්භ වී මේ දක්වා දිව එන ගමනේදී පොදු රාජ්‍ය මණ්ඩලීය යන නාමය ලැබීමට පෙර විවිධ වෙනත් නම් වලින් මෙම උළෙල නම් කර ඇති අතර ඒ සෑම විටම මෙහි කළමණා කාරීත්වය දරන්නේ එංගලන්තයේ පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය සම්මේලනය විසිනි. 1930 දී පැවති මෙම උත්කර්ශවත් උළෙල සඳහා රටවල් 11 ක සහභාගීත්වයෙන් මළල ක්‍රීඩා wrestling, බොක්සිං, ඔරු පැදීම පිහිනුම්, මල්ලවපොර යන ක්‍රීඩා සමගින් 400 ක පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් මෙම උළෙල පවත්වා ඇත.
මේ අතර මෙම තරගාවලියේ ශ්‍රී ලංකා සහභාගීත්වය පිළිබදව සළකා බැලීමට යාමේදී අපගේ මතකය 1938 දක්වා දිව යනවා. එනම් කි. ග්රෑ. 57 බර පන්තිය යටතේ රන් පදක්කමක් දිනා ගැනීමට බානි හෙන්රික්ස් 1938 දී සිඩ්නි පොදු රද මඩුලු උළෙලේදී සමත් වනවා. ඉන් නොනැවතී 1950 දී ඩන්කන් වයිට් විසින් නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවරදී යාර 440 කඩුලු පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගන්නා අතර 1998 මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී ශ්‍රියානි කුලවංශ මීටර් 100 කඩුලු පැනීම හා එම වසරේදීම සුගත් තිලකරත්න මීටර් 400 දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කමද දිනාගැනීමට සමත් වෙයි.
මේ දක්වා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළේලයන්හි ශ්‍රී ලංකාව අභිමානවත් පදක්කම් 20 කට හිමිකම් කියයි.
1998 වසරෙන් පසුව ශ්‍රී ලංකාව විසින් මේ වනතෙක් මළල ක්‍රීඩා අංශයෙන් පදක්කමක් දිනාගෙන නැති නමුත් මෙවර(2022) පැවැත්වෙන පොදු රද මඩුලු උළේලේදී මළල ක්‍රීඩා අංශයෙන් පමණක් නොව සියළු අංශයන්ගෙන් තරග වැදී සිරි ලක් මාතාව පදක්කම් වලින් පුරවාලීමට හැකි වේවායි යන්න අප සැමගේම ඒකායන පැතුමයි. එපමණක් නොව වසර 4 කට වතාවක් පැවැත්වෙන පුරා වසර 92 කට වැඩි කාලයක් පැවති මෙම උළෙල මෙවරත් ප්‍රේක්ශකයන් ලෙස ජයග්‍රාහී මනසකින් නැරබීමට ඔබ සැමට ආරාධනා කර සිටිමු.
“ඔබ දන්නවා ඇති අප යම් දෙයකට ලබා දිය යුතු නිසි වටිනාකම ලබා නොදුන්නහොත් අපි නොදැනුවත්වම අපෙන් ඒ දේ ගිලිහිලා යනවා.”
ඉතින් අද අපේ කතා බහ පෙළගැසෙන්නේ වගකිවයුතු බලධාරීන්ගේ අවිධිමත් ක්‍රියා කලාපය හේතුවෙන් ලංකාවෙන් ගිලිහිලා යන්න හදන ජිම්නාස්ටික් ජාතික ශූරයකු වන රුචිර සංජන සමගයි.
රුචිර, අපි අද කතාබහට මූලාරම්භයක් ලබා ගන්නේ ඔබ ගැන වගේම ඔබ ජිම්නාස්ටික් ක්‍රීඩාවට පලමු පියවර තබන්නේ කොහොමද කියන කාරණයත් සමගයි.
මගේ නම රුචිර සංජන ප්‍රනාන්දු. මගේ පාසල මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයයි.
ජිම්නාස්ටික් වලට මන් මුලින්ම යොමු වෙන්නේ අපේ තාත්තා නිසා. මම පොඩි කාලේ ටිකක් දගයි. ඉතින් පෙර පාසල් යන කාලෙම තාත්තා මාව මෙම ක්‍රීඩාවට යොමු කරා.
පත පොතේ අකුරට වගේම ජිම්නාස්ටික් ක්‍රීඩාවේ අකුර කරන්නත් ඔබ කුඩා කලම ආරම්භ කරා.මොනාද මෙම ක්‍රීඩාවෙන් ඔබ ලබා ගත් ජයග්රහණයන්?
මාරිස්ටෙලාව තුල ජිම්නාස්ටික් ක්‍රීඩාව තිබුණ නිසා මාව එම පාසලට ඇතුලත් කරා. එහිදී මම ජාතික පාසල් මට්ටමින් ජයග්‍රහණ ලබා ගැනීමත් සමගම මම ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගී උනා.
එම ක්‍රීඩා උළෙලේ 2016,2017,2018 යන වර්ශ වල ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ජාතික ශූරයා බවට පත් වෙන්න මට හැකි වුණා.
ඒ වගේම 2016 දී නැම්බියාවේ දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී හරස් දණ්ඩ ඉසව්වෙන් තුන්වන ස්ථානය මම ලබා ගත්තා.
එම පදක්කම ලබා ගැනීමෙන් පසු ඔබට ලංකාවෙන් ලැබුණු ප්‍රතිචාරය කොහොමද?
ඇත්තම කිව්වොත් ඉන් පසුව මට මෙම ක්‍රීඩාවෙන් ලංකාව තුල තැනක් නැතිව ගියා. මේ වර්ශයේත් පොදුරාජ්‍ය මණ්ඩලීය World Games පැවැත්වුණා.
එයට ලංකාවෙන සහභාගි උනේ එක් ක්‍රීඩිකාවක් පමණයි. මෙයට හේතුවක් විදියට මන් දකින්නෙ දැනට පවතින ජිම්නාස්ටික් ක්‍රීඩා සංගමයේ අභ්‍යන්තර ගැටලුවකාරී තත්වයයි.
ඔබ 2016 දී පොදුරාජ්‍ය මණ්ඩලීය තරග වලට සහභාගි වනවා. එහිදී ලබපු ජයග්‍රහණය ගැන ඔබට දැන්නේ කොහොමද?
තරගයට සහභාගි වනතුරුත් මම ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් නෙවේ සිටියේ. නමුත් අවසාන මොහොතේදී මම කරපු පුහුණුවීම් සමගම මන් මගේ උපරිම දක්ශතාවය දැක්වුවා. ඉතින් එම දක්ශතාවයට සුදුසු වටිනාකම ලැබුණා.
නමුත් ඒ පදක්කමට ලංකාවෙන් ලැබුණු දේ ගැන බලද්දී යම් කලකිරීමක් තිබෙනවා.
රුචිර ඔබ පවසන අන්දමට ඔබේ දක්ශතාවයට ඔබගේ ක්‍රීඩාවට හිමි විය යුතු තැන ඔබට ලංකාවෙන් ලැබිලා නෑ. මේ හේතුව නිසා ඔබ යම් මානසික පසුබෑමකට ලක් වෙලා තිබෙනවා. එම මානසිකත්වයත් සමග කොහොමද ඔබ ඉදිරියට ඔබගේ ක්‍රීඩා කටයුතු කරගෙන යන්නේ?
ඔව්. මම දකින විදියට මෙවැනි තත්වයක් මත මට තවදුරටත් ලංකාව තුල මේ ක්‍රීඩාව කරන්න බැහැ.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට සහභාගි වෙලා මන් පදක්කම ගෙන ආවට පසුවත් සැලකිය යුතු මට්ටමේ පුහුණුවක් නොලැබෙන නිසා මගේ තාත්තා මාව ඉතාලියේ පුහුණුවීම් වලට යොමු කරා.
මින් ඉදිරියටත් මන් බලාපොරොත්තු වන්නේ පිටරටකට ගිහින් පුහුණුවීම් ලබලා ලංකාව වෙනුවෙන් පදක්කමක් ගේන්න.
ඔබ සිතන අකාරයට ලංකාවෙන් කුමන කරුණු කාරණා සම්බන්ධව ද වගේම කුමන මට්ටමේ සහයෝගයක්ද ලැබිය යුත්තේ?
අපට පුහුණුවීම් සිදු කිරීමට පිටරටකින් පුහුණුකරුවෙකු ගෙන්වලා හෝ අපට යම් කිසි ශිෂ්‍යත්වයක් ලබා දුන්නොත් ලංකාව වෙනුවෙන් ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් පදක්කමක් ගේනවා කියන එක තවත් පහසු වනවා.
සංජන ඔබ දන්නා පරිදි මෙම ක්‍රීඩාවෙන් දක්ශතා දක්වන තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්නවාද ?
ඔව් බොහොමයක් දෙනා ඉන්නවා. ඒ සියලු දෙනාත් පත් වෙලා ඉන්නේ මන් ඉන්න තත්වයටමයි. මේ හේතුව නිසා ඉතා හොද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉදිරියට යාමේ අවස්ථාවයි ගිලිහී යන්නේ.
ඇත්ත වශයෙන්ම සදහන් කලොත් ජිම්නාස්ටික් ක්‍රීඩාව සදහා නිසි සංගමයක් ලංකාව තුල නැහැ. වගකිවයුතු බලධාරීන් විසින් විධිමත් ලෙස මෙම ක්‍රීඩාව සදහා සංගමයක් ආරම්භ කරලා පුහුණුකරුවන් ගෙන්වලා කටයුතු කරනවා නම් මා වැනිම තවත් ජාත්‍යන්තර
මට්ටමේ පදක්කම් වලට ලංකාවේ නම ලියන්න පුලුවන් ක්‍රීඩකයින් ඉන්නවා.
සංජන ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඔබගේ අනාගත බලාපොරොත්තුව කුමක්ද?
කොහොම හරි පුහුණුවීම් සිදු කරලා ජාත්‍යන්තර මට්ටමේ තරගවලින් පදක්කමක් ගේන්න තමා බලාපොරොත්තුව .
හොදයිර, රුචිර මේ වන විට ඔබ ලංකාව තුල මෙන්ම ඉතාලිය තුල පුහුණුවීම් කටයුතු සිදු කරලා තිබෙනවා. ඉතාලිය ගත් විට ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඉහළ තලයේ සිටින රටක්. ඔබ මේ රටවල් දෙකෙහිදී පුහුණුකරුවන් තුල ක්‍රීඩකයින් තුල දකින වෙනස කොහොමද?
මෙහෙමයි අපේ රටට සාපේක්ෂව ඉතාලිය පහසුකම් අතින් සංවිධානාත්මකභාවය අතින් ඉතාම ඉහළයි. ඒ වගේම පුහුණුකරුවන්ගේ දැනුම මට්ටම ඉහළ නිසා ක්‍රීඩකයින් ද ඉතා හොද මට්ටමක ඉන්නවා.
සංජන ඔබ අද මේ තත්වෙට ඇවිත් තිබෙන්නේ විවිධ බාධකයන් මධ්‍යයේ. ඉතින් මේ ගමන මෙතෙක් දුර ඒමට ඔබට අත හිත දුන් අය මතක් කරොත්,
මුලින්ම මගේ අම්මා,තාත්තා මතක් කරන්න ඕනි. ඒ වගේම මාව ඉතාලියට ගත්ත මගේ බාප්පාවත් මෙතෙක් කල් මාව මේ තත්වයට ගේන්න මාව පුහුණු කරපු පුහුණුකරුවන්වත් මතක් කර සිටින අතර ඔවුන් හට මාගේ ස්තූතිය ප්‍රකාශ කර සිටිනවා.
ක්රිස්බ්රෝ next champ පසුගිය කාලය පුරාවට ම අප ගේ හඬ අවදි කළේ මෙරට සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරය සහ ජාතික වශයෙන් ඔසවා තබන්නටයි සාක් කලාපීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාව සහ දක්ෂතාවයන් උරගා බලමින් පසු ගිය දිනක නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත් වූ ක්‍රීඩා උළෙල අවසන් වූයේ ශ්‍රී ලංකාවේ ධජය මලල ක්‍රීඩා පිටියේ ඉහළින්ම ඔසවා තබමින් රන් පදක්කම් පහළොවක් අපගේ නම ඉදිරියෙන් සටහන් කර ගනිද්දී අප මේ සතුට ඔබත් සමග බෙදා ගැනීමට අමතක කළේ නැහැ මෙවර අප ගේ සිහිනය යථාර්තයක් බවට පත් කළ අපගේ දූ පුතුන් අනාගතයේ රන් අස්වනු නෙළා දෙන බවට අප විසින් අතීතයේ දී ඉඟි පළ කරා එම බලාපොරොත්තු වලට වටිනාකමක් ලැබෙන දිනක් පිළිබඳව අපි විශ්වාසයෙන් යුතු ව බලා සිටියා
අපි වළල ඒ රත්නායක විදුහලට පිය මැන්නේ අනාගතේ එලෙස දස්කම් දක්වාවියයි අප විසින් විශ්වාස කළ දිල්ශි කුමාරතුංග නමැති එම සිසුවිය සොයා ගෙන ඔබට ඇය ගේ ක්‍රීඩා ජීවිතය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමටයි මෙවර සාර්ක් ක්‍රීඩා උළෙලේ වැඩිපුරම කතා බහට ලක්වූයේ ඇයයි ඇය ආ ගමන් මග ගල් බොරළු කටු කොහොලු නොතිබුනා නොවෙයි එයින් ඇය තව තවත් පන්නරය ලැබුවා. ඇයගේ පසුපසින් ඇයට ශක්තියක් වන්නට හොඳ ගුරු පිරිසක් සිටියා වාගේ ම දෙමාපියන්ගේ ආශිර්වාදයත් ඇයට නොඅඩුව ම ලැබුණා අද ඇය එය අපේ රටේ අනාගතය ලියන්නට ශක්තිමත් අඩිතාලමක් දමා ගෙන අවසන් එය අපට මහත් ආඩම්බරයක් පසුගිය දිනක ඇය ඇගේ නමට රන් පදක්කම් තුනක් ලියා ගත්තා.
ඒ වගේම මහනුවර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ අමාෂා ද සිල්වා අපට මුණ ගැසෙන්නේ එදා පාසල් ඇඳුමෙන් බෝගම්බර ක්‍රීඩා පිටියේ දී අප ඇයත් සමග ද මෙම වැඩ සටහනේ කතාබහ කළා ඇයගේ පදක්කම් සිහිනය යථාර්ථයක් බවට පත් කර ගනිමින් මෙවර සාර්ක් ක්‍රීඩා උළෙලේදී මීටර සියය සහය දිවීමේ තරඟයෙන් රන් පදක්කමක් රට වෙනුවෙන් දිනා දුන් අතර මීටර් 100 සියය කේවල තරග ඉසව්වෙන් රිදී පදක්කම ද දිනා දීමට සමත් වුණා.
අරුණ දර්ශන පිළිබඳව ද අප කතා කළේ ඔහුගේ පාසැල් වියේදීමයි ඔහු මෙවර මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා ඒ තප්පර 46.79කින් තරගය නිම කරමින් ඒ වගේම මීටර් 400 සහය දිවීමේ රන් පදක්කම දිනා ගැනීමට ද අරුණ දර්ශන තම සහය දිවීමේ කණ්ඩායම ට විශාල ශක්තියක් වුණා. කන්තලේ සේරුනුවර ඉපදී ඉතාමත් දුෂ්කර ජීවිතයක් ගත කළ අරුණ දර්ශන පිළිබඳ ව එදා ඔහුගේ දෙමාපියන් සතුටු කඳුළු වගුරුවමින් අපත් සමඟ කතා කළා.
ක්රිස්බ්රෝ next champ එලෙස අනාවැකි පළ කල තවත් එක් ක්‍රීඩකයෙකු වූයේ මීගමුව මාරිස්ටෙලා විදුහලේ චානුක සන්දීප ක්‍රීඩකයා යි ඔහු මීටර් සීයය සහය දිවීමේ ඉසව්වෙන් අප රටට රන් පදක්කම ගෙන ආවේ අපගේ අනාවැකිය යථාර්ථයක් බවට පත් කරමින්.
ඒ වගේම බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ අකලංක පීරිස් නැමති යොවුන් පිහිනුම් ශූරයා ද රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත්තේ නැවත නැවතත් අප ගේ අනාවැකි නිවැරැදි බවට ඔප්පු කරමින්
අප මෙහි සඳහන් කළේ එදා අපි වැපිරූ සරු බීජයන් වල පල කිහිපයක් පමණයි අනාගතේ ඉතාමත් පැහැදිලි ජයග්‍රහණය ශක්තිය මතින් ගොඩ නැගීමටනම් අපට අවශ්‍ය වන්නේ නිවැරදි දැක්මක් සහ අධිෂ්ඨානයක් පමණයි ඒ සඳහා Crysbro next champ ඔබත් සමග සෑම විටම අත්වැල් බැඳ ගන්නා බවට සඳහන් කරන්නේ නිහතමානි ආඩම්බරයෙනි. ඉතින් අපගේ වීරයන් ට Crysbro next champ උත්තමාචාරය.