ලංකාව වෙනුවෙන් බර කරට ගත්ත ඩිලංක
ආසියානු බර ඉසිලීමේ සම්මේලනයේ මෙහෙයවීමෙන් උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් නගරයේදී දැන් කරියාත්මක ආසියානු ජ්යෙෂ්ඨ ශූරතා බර ඉසිලීමේ තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (18* ශරී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් කිලෝගරෑම් 55 ට අඩු බර පන්තියේ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ඩිලංක ඉසුරු කුමාර සමත්විය.
කිලෝගරෑම් 137ක් සාර්ථකව ඔසවමින් Clean and Jerk කරමයට රිදී පදක්කමක් දිනා ගැනීමෙන් නොනැවතුණු දිලංක ඉසුරු කුමාර අදාළ ශරීර බර පන්තියේ මුළු බර එකතුව වෙනුවෙන් කිලෝ ගරෑම් 241 ක දක්ෂතාවයක් පරදර්ශනය කරමින් ලෝකඩ පදක්කමත් හිමි කර ගැනීමට සමත්වීම කැපී පෙනුණි.
Snatch කරමයට ලෝකඩ පදක්කම දිනා ගැනීම සඳහා ගත් උත්සාහය කිලෝ ගරෑම් 04 කින් ඔහුට මඟ හැරුනි. එහිදී ඔහුට එසවීමට හැකි වූ බර පරමාණය කිලෝගරෑම් 104 කි.
ආසියානු ජ්යෙෂ්ඨ ශූරතා බර ඉසිලීමේ තරගාවලියකදී කරීඩකයකු විසින් පදක්කම් දෙකක් දිනා ගන්නා ලද පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් විය.
මෙම බර පන්තියේ රන් පදක්කම සහ රිදී පදක්කම කසකස්ථානය නියෝජනය කළ කරීඩකයින් දෙපලට හිමි වූ අතර එහි සිව්වැනි ස්ථානය සත්කාරක උස්බෙකිස්තානය සතුවිය.
2019 වසරේ චීනයේ දී පැවති පසුගිය ආසියානු ජ්යෙෂ්ඨ ශුරතා තරඟාවලියේ දී ද දක්ෂතා අතර රැුඳෙමින් කිලෝ ගරෑම් 55 ට අඩු බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට දිලංක ඉසුරු කුමාර සමත් වූයේ ශරී ලාංකිකයකු අදාළ තරගාවලියක ලත් පළමු ජයගරහණය ලෙස වාර්තා කර ගනිමිනි. එහිදී ඔහු ඔසවන ලද බර පරමාණය කිලෝගරෑම් 135කි. ඒ අනුව පිට පිට දෙවසරක් තුළ පදක්කම් දිනා ගැනීමට දිලංක ඉසුරු කුමාරට හැකි වීම සුවිශේෂත්වයකි.
කුරුණෑගල ශරීමත් ජෝන් කොතලාවල විද්යාලයේ සහ ගැට්ටුවාන මහා විද්යාලයේ ආදි ශිෂ්යයකු වන ඩිලංක ඉසුරු කුමාර ඊයේ (18* ලත් තම ජයගරහණයෙන් අනතුරුව වත්මන් කරීඩා අමාත්ය නාමල් රාජපක්ෂ මහත්මාට ශරී ලංකා යුද හමුදා හමුදාපතිතුමා ඇතුළු පොදු සේවා බළකායේ නිලධාරීන්ට මෙන්ම තමන්ට ගුරුහරුකම් දුන් පුහුණුකරුවන්ට කෘතඥතාවය පුද කර සිටියේය. එමෙන්ම ශරී ලංකා ඉතිහාසයේ එක් තරගයකදී පදක්කම් දෙකක් දිනා ගැනීමට හැකි වීම පිළිබඳව අතිශය සතුටට පත්වන බව ඊයේ (18දා* ‘දිවයින’ට පැවසීය.
මේ අතර වාරයේ කිලෝ ගරෑම් 61 ට අඩු බර පංතිය යටතේ තරග වැදුණු තිලංකා විරාජ් පළඟසිංහට පදක්කමක් දිනා ගැනීමට නොහැකි විය. ඔහු එහිදී කිලෝ ගරෑම් 145 ක් Clean and Jerk කරමයට එසවීමට සමත් වූවද එය පදක්කමක් දිනා ගැනීමට තරම් පරමාණවත් නොවීය. ආරම්භක ඉසව්ව ලෙස සහභාගි වූ Snatch කරමයට ගන්නා ලද උත්සාහයන් තරිත්වයම අසාර්ථක වීම නිසා සමස්ත බර එකතුව සඳහා නම එකතු කර ගැනීමට ඔහුට නොහැකි වීම ද කැපී පෙනුණි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර
source : divaina.com
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x