අප කල අනාවැකි යථාර්තයක් බවට පත් කල අපේ වීර දූ පුතුන්

ක්‍රිස්බ්‍රෝ next champ පසුගිය කාලය පුරාවට ම අප ගේ හඬ අවදි කළේ මෙරට සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරය සහ ජාතික වශයෙන් ඔසවා තබන්නටයි සාක් කලාපීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාව සහ දක්ෂතාවයන් උරගා  බලමින් පසු ගිය දිනක නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත් වූ ක්‍රීඩා උළෙල අවසන් වූයේ ශ්‍රී ලංකාවේ ධජය මලල ක්‍රීඩා පිටියේ ඉහළින්ම ඔසවා තබමින් රන් පදක්කම් පහළොවක් අපගේ නම ඉදිරියෙන් සටහන් කර ගනිද්දී අප මේ සතුට ඔබත් සමග බෙදා ගැනීමට අමතක කළේ නැහැ මෙවර අප ගේ සිහිනය යථාර්තයක් බවට පත් කළ අපගේ දූ පුතුන් අනාගතයේ රන් අස්වනු නෙළා දෙන බවට අප විසින් අතීතයේ දී ඉඟි පළ කරා එම බලාපොරොත්තු වලට වටිනාකමක් ලැබෙන දිනක් පිළිබඳව අපි විශ්වාසයෙන් යුතු ව බලා සිටියා

අපි වළල ඒ රත්නායක විදුහලට පිය මැන්නේ අනාගතේ එලෙස දස්කම් දක්වාවියයි අප විසින් විශ්වාස කළ දිල්ශි  කුමාරතුංග නමැති එම සිසුවිය සොයා ගෙන ඔබට ඇය ගේ  ක්‍රීඩා ජීවිතය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමටයි මෙවර සාර්ක් ක්‍රීඩා උළෙලේ වැඩිපුරම කතා බහට ලක්වූයේ ඇයයි ඇය ආ ගමන් මග ගල් බොරළු කටු කොහොලු නොතිබුනා නොවෙයි එයින් ඇය තව තවත් පන්නරය ලැබුවා. ඇයගේ පසුපසින් ඇයට ශක්තියක් වන්නට හොඳ ගුරු පිරිසක් සිටියා වාගේ ම දෙමාපියන්ගේ ආශිර්වාදයත් ඇයට නොඅඩුව ම ලැබුණා අද ඇය එය අපේ රටේ අනාගතය  ලියන්නට ශක්තිමත් අඩිතාලමක් දමා ගෙන අවසන් එය අපට මහත් ආඩම්බරයක් පසුගිය දිනක ඇය ඇගේ නමට රන් පදක්කම් තුනක් ලියා ගත්තා.

ඒ වගේම මහනුවර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ අමාෂා ද සිල්වා අපට මුණ ගැසෙන්නේ එදා පාසල් ඇඳුමෙන් බෝගම්බර ක්‍රීඩා පිටියේ දී අප ඇයත් සමග ද මෙම වැඩ සටහනේ කතාබහ කළා ඇයගේ පදක්කම් සිහිනය යථාර්ථයක් බවට පත් කර ගනිමින් මෙවර සාර්ක් ක්‍රීඩා උළෙලේදී මීටර සියය සහය දිවීමේ තරඟයෙන් රන් පදක්කමක් රට වෙනුවෙන් දිනා දුන් අතර මීටර් 100 සියය කේවල තරග ඉසව්වෙන් රිදී පදක්කම ද දිනා දීමට සමත් වුණා.

අරුණ දර්ශන පිළිබඳව ද අප කතා කළේ ඔහුගේ පාසැල් වියේදීමයි ඔහු මෙවර මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා ඒ තප්පර 46.79කින් තරගය නිම කරමින් ඒ වගේම මීටර් 400 සහය දිවීමේ රන් පදක්කම දිනා ගැනීමට ද අරුණ දර්ශන තම සහය දිවීමේ කණ්ඩායම ට විශාල ශක්තියක් වුණා. කන්තලේ සේරුනුවර ඉපදී ඉතාමත් දුෂ්කර ජීවිතයක් ගත කළ අරුණ දර්ශන පිළිබඳ ව එදා ඔහුගේ දෙමාපියන් සතුටු කඳුළු වගුරුවමින් අපත් සමඟ කතා කළා.

ක්‍රිස්බ්‍රෝ next champ එලෙස අනාවැකි පළ කල තවත් එක් ක්‍රීඩකයෙකු වූයේ මීගමුව මාරිස්ටෙලා විදුහලේ චානුක සන්දීප ක්‍රීඩකයා යි ඔහු මීටර් සීයය සහය දිවීමේ ඉසව්වෙන් අප රටට රන් පදක්කම ගෙන ආවේ අපගේ අනාවැකිය යථාර්ථයක් බවට පත් කරමින්.

ඒ වගේම බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ අකලංක පීරිස් නැමති යොවුන් පිහිනුම් ශූරයා ද රිදී සහ ලෝකඩ  පදක්කම් දිනා ගත්තේ නැවත නැවතත් අප ගේ අනාවැකි නිවැරැදි බවට ඔප්පු කරමින්

අප මෙහි සඳහන් කළේ එදා අපි වැපිරූ සරු බීජයන් වල පල කිහිපයක් පමණයි අනාගතේ ඉතාමත් පැහැදිලි ජයග්‍රහණය ශක්තිය මතින් ගොඩ නැගීමටනම් අපට අවශ්‍ය වන්නේ  නිවැරදි දැක්මක් සහ අධිෂ්ඨානයක් පමණයි ඒ සඳහා Crysbro next champ ඔබත් සමග සෑම විටම අත්වැල් බැඳ ගන්නා බවට සඳහන් කරන්නේ නිහතමානි ආඩම්බරයෙනි. ඉතින් අපගේ වීරයන් ට Crysbro next champ උත්තමාචාරය.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x