ලොව දිනූ ක්‍රීඩා තරු
මැරතන් ක්‍රීඩාවේ ඉතියෝපියානු සන්නාමය
November 19, 2020

ඉතියෝපියාව යනු හැමදාමත් මැරතන් ක්‍රීඩාවට දක්ෂයින් බිහි කෙරූ රටක්.

ඒ වගේම මැරතන් ක්‍රීඩාවේ බොහෝ ලෝක වාර්තාද තවමත් ඔවුන් සතුයි ඔලිම්පික් තරඟාවලියේ කාන්තා මැරතන් ඉසව්වේ වාර්තාවක් මෙලෙස ඉතියෝපියාවේ නමට සටහන් වී තිබෙනවා එම ගෞරවය ඉතියෝපියාවට රැගෙන ගිය එම ක්‍රීඩිකාව ගැනයි අපි අද ඔබ හමුවේ වාර්තා කිරීමට සුදානම් වන්නේ.

ඉතියෝපියාවේ දුෂ්කර ගමක උපත ලැබූ මෙම ක්‍රීඩිකාව දුර දිවීමට මහත් සේ ප්‍රියකලේ කුඩාකල සිටමයි අයගේ පවුල් පසුබිමේම ධාවන ශුරයින් සිටියා මෙම ක්‍රීඩිකාවට උවමනා වුවේද ඔවුන් හා සම වීමටයි 2000 වසරේ තම පවුලේ හිතවෙතකු ඔලිම්පීක් පදක්කම දිනනවා දුටු ඇය ඔලිම්පික් පදක්කමක් දිනීම තම සිහිනය කරගත්තා.

අනෙක දුක් කම් කටොලු මැද තම සිහිනය ජයග්‍රහණය කරා රැගෙන ගිය මෙම ක්‍රීඩිකාවගේ කතාව අපි මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු

Read More
පිතිකරුවන් දඟ පන්දුවෙන් බය කල ක්‍රිකට් උපන් රටේ ලේකර් – Jim Laker
August 10, 2020

දඟ පන්දු යවන්නන් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුවන් නොමඟ යවන කොට්ඨාශයක් 1940 – 50 දශක වල ඒ වගේ විශ්මිත දඟ පන්දු යවන්නන් කිහිපදෙනෙක් හිටියා මේ එවැනි ක්‍රීඩකයෙක්ගේ කතාවයි.

එංගලන්තයේ යෝක්ෂයර්හි 1922 වසරේ උපන් දරුවෙකු මුල සිටම සංකීර්ණ එකක් උනා, කුඩා කල සිටම ඔහු ඇබ්බැහිවී සිටියේ ක්‍රිකට් ක්‍රීඩාවටයි, වයස අවුරුදු 16 වන තෙක්ම ඔහු පුහුනුකලේ ඔහුගේ පිතිකරණ සහ වේගපන්පන්දු හැකියාවයි.කෙසේ නමුත් වයස අවුරුදු 17දී ඔහුගේ දිවිය වෙනස් කරන ක්‍රිකට් පුහුණු තරඟයකට ඔහු සහභාගී වුනා. එය තමන්ගේ දිවිමඟ වෙනස් කරාවියැයි ජිමී ලේකර් නම් යෞවනයා දැනන් සිටියේ නැහැ.

1947 වසරේ ප්‍රාන්ත තරඟ වාරයට ක්‍රීඩාකළ ලේකර් එහිදී සරේ ප්‍රාන්ත කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වුණා , වේග පන්දු යවන්නන්ට හිතකර වේග පන්දු තණ තීරුවේ දඟ පන්දුවෙන් දස්කම් පාන පාන මෙම තරුණයාගේ හැකියාව අනගිභවනීය වුනා, පසු කලෙක ලොව තරඟයක හොඳම පන්දු යැවීම වාර්තාකරන ලේකර් ලකුණු 90කට කඩුලු 19ක් දවාගත්තා. ඒ ඉනිමකදී කඩුලු 10ම දවාගත් ලොව පළමු ක්‍රීඩකයා වෙමින්.

තරඟ දිවිය නිම කරනවිට ලේකර් තරඟ 46කදී කඩුලු 193ක් දවාගෙන තිබුනා ජිමී ලේකර් අදත් සැලකෙන්නේ ලොව බිහිවූ විශිෂ්ටම දඟ පන්දු යවන්නෙකු ලෙසයි.

Read More
දුර පැනීම ලෝක වාර්තාවේ සැබෑ හිමිකරුවා බොබ් බීමන්ද (Bob Beamon)? නැත්තම් මයික් පවෙල්ද (Mike Powell)?
July 17, 2020

සමහර ලෝක වාර්තා තිබෙනවා අවුරුදු ගණනාවක් ගිහිල්ලත් කඩන්න බැරි නිකමට හිතන්න ඒ වාර්තා තබපු පුද්ගලයින් කොච්චර දක්ෂද කියලා, අද අපි කියන්න යන්නෙත් එහෙම ලෝක වාර්තාවක් තිබ්බ කෙනෙක් ගැන.

ඇමරිකාවේ උපත ලැබූ දරුවෙකු කුඩා කල සිටම ආර්ථික දුෂ්කරතාවලින් පීඩා වින්දා ඔහු ජිවත් උනේ අඩු අදායම්ලාභී පවුල් වලට වෙන්වූ මහල් නිවාස වල, පාසලේදී මෙන්ම විශ්ව විද්‍යාලයේද ඔහු මලල ක්‍රීඩාවට දැක වූයේ දැඩි කැමැත්තක් 1965දී මෙම ඇමරිකානුවගේ නාමය පාසල් පිටිය ආක්‍රමණය කිරීමට සමත් වන්නේ ඔහුගේ දස්කම් නිසාමයි.

1968 ඔලිම්පික් උළෙලට බොබ් බීමන් නම් මෙම ක්‍රීඩකයා සුදුසුකම් ලැබුවේ සුදුසුකම් ලයිස්තුවේ දෙවෙනියා ලෙසින්, අවසන් වටයේ පළමු ප්‍රයත්නයේදීම ඔහු විසින් සිදු කල පිම්ම ලොවම මවිත කල පිම්මක් උනා ඒ 8.9ක දුරක් සනිටුහන් කරමින්,එය ඔලිම්පික් වාර්තාවක් පමණක් නොව ලෝක වාර්තාවක් ලෙසද සනිටුවහන් වුනා. ඔහුගේ මෙම ලෝක වාර්තාව මයික් පවෙල් විදින් 1990 වසරේදී බිඳ දැමුවත් වසර 50ක් ගතව ඇත්ත ඔලිම්පික් වාර්තාව සනිටුවහන් වෙන්නේ බොබ් බීමන්ගේ නමින්, ලෝක වාර්තාව මයික් පවෙල් බිඳ දැමුවත් තාක්ෂණය නොදියුණු කලක 8.9m ක දුරක් සනිටුවහන් කරමින් බොබ් දැක්වූ මෙම දක්ෂතාවය නිසා ඔහු දුර පැනීමේ ලෝක ශුරයා ලෙස තවමත් විචාරකයක් විසින් පිළිගනු ලබනවා.

Read More
ක්‍රිකට් පිටියේ නොමැකෙන සටහනක් තැබූ ක්වීන්ස්ලන්ඩ් හි දැවැන්තයා – Matthew Hayden
June 29, 2020

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගොවි පවුලක උපන් දරුවන් දෙදෙනෙකු කුඩාකල සිට බෙහෙවින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රිය කළා ඉන් වැඩිමහල් දරුවට  වයස අවුරුදු 8ක් වෙද්දී ඔහුට දිරි දීමක් වශයෙන් තාවකාලික  තණතීරුවක් තනා දුන්නා. මේ අතරින්  වයස අවුරුදු 3ක් වුන බල දරුවාට ක්‍රිකට් පිත්තක් හෝ ඔසවා ගැනීමට හැකියාව නොතිබියදීත් තම වැඩිමහල් සොහොයුරා සමඟ හරි හරි හරියට ක්‍රීඩා කිරීමට වෙහෙසුනා. බොහෝ වැඩිහිටියන් තුල ඒ පිළිබඳව තිබුනේ හාස්‍ය සිනාවක්,

කෙසේ වෙතත් වැඩෙද්දී මේ කුඩා දරුවා ශරීර ප්‍රමාණයෙන් සිය සොහොයුරා අභිබවා ගියා  පිතිකරණයට වඩාත් උනන්දුවක් දැක්වූ  මෙම දරුවාගේ පළල දෙඋර මෙන්ම දැවැන්ත ශරීරයද ඔහුට ආශීර්වාදයක් බවට පත් වුණා පන්දුවක් ලේසියෙන් පිටියෙන් එලියට යැවිය හැකි දැවැන්ත පහරවල් එල්ල කරන ක්‍රීඩකයෙකු හඳුනා ගැනුණා.

කාලය කෙමෙන් ගෙවෙද්දී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය නියෝජනය කිරීමට මෙම ක්‍රීඩකයා සමත් වුණා ඉන් වසර කිහිපයක් ගෙවී යද්දී ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් මෙන්ම එක්දින කණ්ඩායමේද ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරීමට වරම් හිමි උනා.මැතිව් හේඩ්න් නම් මේ දැවැන්තයා සිය ටෙස්ට් තරඟ දිවිය තුල තරඟ 103කට ක්‍රීඩා කරමින් ශතක 30ක්ද සහිතව ලකුණු අධිකව රැස් කලේ ඉනිමක සාමාන්‍ය ලකුණු 50කටත් වැඩි අගයක් පවත්වාගෙන යමින්. එසේම වරක් ඔහු ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු සඳහා වන බ්‍රයන් ලාරාගේ ලකුණු 375 වාර්තාව බිඳ හෙලමින් ලකුණු 380ක්ද රස කළා.

එක්දින තරඟ 161 කදී කැන්ගරු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වූ මැතිව් හේඩ්න් ලකුණු 6000කට අධිකව රැස් කලේ ඉනිමක අගය ලකුණු 43කට අධිකව පවත්වාගෙන යමින් ඔහු තම තරඟ දිවිය තුල රැස් කල එක්දින ශතක සංඛ්‍යාව 10ක්, කුඩාකල සිට අප්‍රමාණව ප්‍රියකළ ක්‍රීඩාවෙන් සිය රටේ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් දෙකේ ආරම්භක ක්‍රීඩකයා වීම ඔස්ට්‍රේලියානුවෙකුටනම්  දුෂ්කර ඉලක්කයක්, ඒ අරමුණු දෙකම සපුරාගත් මේ ක්වීන්ස්ලන්ත දැවැන්තයා අද වන විට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාස පොතේ මකාදැමිය නොහැකි පරිජ්ජේදයක් බවට පත්ව සිටිනවා.

Read More
පිතිකරුවන් නරබන්නන් බවට පත් කල දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රථම කළු ජාතික ක්‍රීඩකයා
June 29, 2020

දකුණු  අප්‍රිකාවේ සුදු අකුණු සැරය  කිව්වම අපි දන්නවා  ඒ ඇලන් ඩොනල්ඩ් කියලා ඒ දිනවල දකුණු අප්‍රිකාවේ   වේගපන්දු බල ඇණියේ ප්‍රධානම අවිය උනේ  ඇලන් ඩොනල්ඩ් හැබැයි පසුකාලයක කළු ජාතිකයෙක් මේ දකුණු අප්‍රිකානු වේගපන්දු බල ඇණියේ  ප්‍රධානියා බවට පත් වුණා. අද අපි සූදානම් වෙන්නේ ඔහු පිළිබඳව  කතා කරන්න .

දකුණු අප්‍රිකාවේ කුඩා ගම්මානයක අපගේ කතානායකයා උපත ලැබුවේ  වර්ණභේදවාදය අතිශයින්ම උත්සන්න වී තිබූ අවධියකයි , දකුණු අප්‍රිකාවේ  වර්ණභේදවාදය  අවසන් වීමත් සමඟම එරට ක්‍රිකට් උන්මාදයක්  පැතිර ගියා ඒ වන විට යොවුන් වියේ එළිපත්තේ සිටි  පහළොස් හැවිරිදි මකායටද එහි ගොදුරක් වීමට සිදු වුණා.

පාවහන් යුගලක් හෝ නොමැතිව  පන්දු යවන මෙම ක්‍රීඩකයා කඳවුරෙහි පුහුණුකරුවන්ගේ අවධානය ඉක්මනින් දිනාගත්තා  ඔහු ජාතික සංව සංවර්ධන සංචිතයට සුදුසුකම් ලබන්නේ ඉන් අනතුරුවයි වයස අවුරුදු 17 වන විට දකුණු අප්‍රිකානු දහනවයෙන් පහළ  කණ්ඩායමේ  නිත්‍ය සාමාජිකයෙකු වන      සිය  පළමු තරග සංචාරයෙන්ම වැඩිම කඩුලු ලාභියා බවට පත් වුණා ඒ එංගලන්ත දහනවයෙන් පහළ කණ්ඩායමට එරෙහිවයි.

මේ සුවිශේෂී දස්කම දකුණු අප්‍රිකානු ජාතික කන් කණ්ඩායමේ  ප්‍රථම කලු ජාතිකයා වීමේ අවස්ථාව  මාකායා නිට්නිට හිමිකර දුන්නා, ඔහු ටෙස්ට් තරඟ වලදී කඩුළු 390ක් සේම එක්දින තරඟවලදී කඩුළු 266ක් ලබාගෙන තිබෙනවා එමෙන්ම ICC හොඳම  පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ  දෙවන ස්ථානය ද හිමිකරගෙන තිබෙනවා,

අධ්‍යාපනයෙන් මෙන්ම  ක්‍රීඩාවෙන්ද ජය ජීවිතය ජයගගත හැකි බව     අප්‍රිකානු ක්‍රීඩක මාකායා නිට්නි  ලොවට පෙන්වා දී තිබෙනවා

Read More