ලොව දිනූ ක්‍රීඩා තරු
අවුරුදු 28කට කලින් පැනපු පිම්ම තවමත් නොබිදුනු ලෝක වාර්තාවක් වෙච්ච හැටි
December 27, 2020

අවුරුදු 20කටත් වඩා බිඳ නොවැටිච්ච ක්‍රීඩා ලෝක වාර්තා තියෙන්න පුලුවන්ද? එහෙම තියෙන ලෝක වාර්තා ඉතාමත් අල්ප ප්‍රමාණයක් තියෙනවා. එහෙම ලෝක වර්තාවක හිමිකාරයෙක් ගැන අද අපි කතාකරන්න සූදානම් වෙනවා. ඔහු එදා පැනපු ඒ පිම්ම අදටත් කාටවත් පනින්න බැරි වෙලා තිබෙනවා. මේ ඔහුගේ කතාවයි.

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ උපන් කුඩා දරුවෙකු කුඩා කල සිටම දඟ කාරයෙක් වුනා. සෙල්ලමට බර මේ විසේකරයාගේ විනෝදාංශය වුනේද අරුම පුදුම ක්‍රියාවක්. පාසලේදී මේ දඟ කාරයා උස පැනීමට මෙන්ම බාස්කට් බෝල් ක්‍රීඩාවට යොමු වුනා. දිගු දෙපා ඔහුව ඉහල උසකට රැගෙන ගියත් ඔහුට වාසනාව පෑදුවේ වෙනත්ම ඉසව්වක්. මුල සිටම මීටර් 7ක් 8ක් ඉතාමත් පහසුවෙන් තරණය කල ඔහු 1988දී ඔලිම්පික් රිදී පදක්කමක් ඇමරිකාවට දිනාදෙන්නේ දුර පැනීමේ ඉසව්වෙන්. මේ එවකට ලොව දුරපැනීමේ ශුරයා වූ කාල් ලුවිස්ට පමණක් දෙවෙනි වෙමින්. මයික් පවෙල් නමැති මෙමෙ ක්‍රීඩකයා 1991දී අති විශේෂ පිම්මක් පනිනු ලබනවා. ඒ මීටර් 8.95ක දුරක් තරණය කරමින් එය නව ලෝක වාර්තාවක්ද වන අතර අවුරුදු 28ක් මුළුල්ලේ තවමත් නොකැඩී පවතින ලෝක වාර්තාවක්ද වනවා.1992 1993 ලෝක ශුරතා රන් පදක්කම් දෙකම දිනා ගත්තද මයික් පවෙල්කිසිදා ඔලිම්පික් රන් පදක්කමකට හිමිකම් කිව්වේ නැහැ. කෙසේ නමුත් ඉන් මයික් පවෙල් නම් මේ ඇති විශිෂ්ට ක්‍රීඩකයාගේ හැකියාව ප්‍රශ්න කල නොහැකි බවට මලල ක්‍රීඩා විචාරකයින් පේනවා දෙනවා.

Read More
පාපන්දු ලෝකයට පෙම් බැන්ඳ බ්‍රසීලයේ bullet man – Roberto Carlos
December 17, 2020

බ්‍රසීලය කියලා කියන්නේ ලෝකයට ඇති විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයින් බිහි කරපු රටක්. ලෝක ශුරතා ගණනාවක් තමන්ගේ රටට අරන් ගිය ක්‍රීඩකයෝ මේ බ්‍රසීලයෙන් බිහිවෙලා තිබෙනවා. ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩකයන්ගේ නාමාවලියට එනම් fifa 100 ලැයිස්තුවට ඇතුලත් වෙච්ච බ්‍රසීල ක්‍රීඩකයෙක් පිළිබඳවයි අපි අද දවසේ කතා කරන්න යන්නේ.

බ්‍රසීලයේ සාවෝ පවුලෝ නුවර දුගී පවුලක උපන් පිරිමි දරුවෙක් පාපන්දු ක්‍රීඩාවට බෙහෙවින් පෙම් බැන්දා, බ්‍රසීලයේ බොහෝ දරුවන් මෙන් ඔහුද පාපන්දු ක්‍රීඩා කලේ වීදි වලයි. මව හා පියාගේ දරිද්‍රතාවය නිසා ඔහුට කුඩා වියේදීම රැකියාවක් කිරීමටද සිදුවුණා. කෙසේවෙතත් ඉඩකඩ ලැබෙන සෑම අවස්ථාවකදීම ඔහු පාපන්දු ක්‍රීඩා කළා .මේ නිසාම ඔහු තුල වේගයත් පාපන්දුව හැසිරවීමේ හැකියාවත් ඉතාමත් විශිෂ්ට වුණා, එය බොහෝ දෙනා කතාකරන තරමේ දක්ෂතාවක් බවටද පත්වන්නට වුණා. මේ හේතුවෙන්ම වයස අවුරුදු 14 වන විට කුඩා ක්‍රීඩා සමාජයක ක්‍රීඩා කිරීමට මේ ක්‍රීඩකයාට අවස්ථාව හිමි වුණා. ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයට ගත් මෙම ක්‍රීඩකයා පසු කලෙක ක්‍රීඩා තරඟ වලදී බොහෝ දෙනාගේ අවදානය දිනාගැනීමට සමත් වුණා ඒ නිසාම වයස අවුරුදු 19 වන විට Roberto Carlos නම් මේ ක්‍රීඩකයාට බ්‍රසීල ජාතික කණ්ඩායමේ දොරටුව විවර වුණා.

1998 පාපන්දු ලෝක කුසලානයේදී බ්‍රසීලයට අනුශුරතවයත් 2002 වසරේදී ශුරතාවයත් දිනා දෙන්නට Roberto Carlos සිදු කරන්නේ අනගි මෙහෙවරක්. පාපන්දු පිටියේදී ඔහුගේ වේගය නිසාවෙන්ම ඔහුව හැඳින්වුයේ bullet man ලෙසින්. ලොව එදා මෙදා තුල බිහිවූ හොඳම පාපන්දු ක්‍රීඩකයින් 100 දෙනා අතරට ඇතුලත් වීමෙන් Roberto Carlos තමා කෙතරම් විශිෂ්ටයෙකුදැයි ලෝකයට පෙන්වා දී තිබෙනවා.

Read More
කවියෙක් නිසා ලෝක කෙළිබිම ජයගත් මාරියා මුටෝලා – Maria Mutola
December 10, 2020

ලෝකයේ විවිද කාල වල ක්‍රීඩා ලෝකයේ විවිද ඉසව්වලින් ක්‍රීඩකයින් බිහි වුනා නමුත් මේ ක්‍රීඩකයන්ගේ විශේෂත්වය වන්නේ තමන්ගේ ක්‍රීඩාවෙන් සමුගත්තත් තවමත් මෙම ක්‍රීඩකයන්ගේ නම් ක්‍රීඩා ලෝකයේ කතාබස් කිරීමයි. අද අපි කතා කිරීමට සුදානම් එලෙස තම නම රදවා විශ්‍රාම ගිය මදි දුර ක්ෂේස්ත්‍රයේ ක්‍රීඩිකාවක් පිළිබඳව ඔබ හමුවේ සටහන් කිරීමටයි.

මොසැම්බික් රාජ්‍යයේ කුඩා නගරයක 1972 වසරේ උපන් දැරියක් අසාමාන්‍ය ජවයකින් යුක්ත වුණා ඇය ක්‍රීඩාවට ඇලුම් කල අතර ක්‍රීඩා ඉසව් කිහිපයකටම යොමු වී සිටියා.එහෙත් ඉන් ඇය වඩාත්ම ප්‍රියකලේ පාපන්දු ක්‍රීඩවටයි නමුත් පාපන්දු කාන්තාවන් අතර එතරම් ප්‍රචලිත නොවූ බැවින් ඇයට ක්‍රීඩා කිරීමට සිදු වුයේ පිරිමි ළමුන් සමඟයි.ඔවුන් හා උරෙන් උර ගැටෙමින් ඔවුන්ගේ වේගයටම දිව යමින් ඇය ක්‍රීඩා කළා.

එහි ප්‍රතිපලයක් වශයෙන් ඇයගේ වේගය දරාගැනීමේ හැකියාව වැනි ගුණාංග වඩාත් වැඩි දියුණු වුණා.මොසැම්බික් හී වාසය කල කවියෙකු ඇයව දුටුවේ ඇයට යන්තම් අවුරුදු 15ක් පමණ වන විටයි. මෙම කවියා 1980 වසරේ ඔලිම්පික් උළෙලට සහභාගී වූ තමාගේ පුත්‍රයාට ඇයව හඳුන්වා දුන්නා. මරියා මුටෝලා නම් මේ අග්‍රගන්‍ය ක්‍රීඩිකාව බිහිවීම ඇරබෙන්නේ එතැනිනි 1993 වසරේදී ඇය තමන්ගේ පළමු ලෝක ශුරතා රන් පදක්කම දිනුවා 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් තරඟයේදී ඇය ඇගේ ඔලිම්පික් රන් සිහිනය සපුරා ගත්තා ඊට අමතරව ඇය 2001 සහ 2003 යන ලෝක ශුරතා රන් පදක්කම් දෙකම ජයග්‍රහණය කළා මාරියා මුටෝලා අදටත් සැලකෙන්නේ ලොව බිහිවූ මීටර් 800 ක්‍රීඩිකාවක ලෙසයි .

Read More
ක්‍රිකට් ලෝකයේ පුංචි දඩබ්බරකාරයා ජාවේඩ්
December 3, 2020

ක්‍රීඩා පිටියේ ඇතැම් අවස්ථාවල අපිට නොහික්මුණු ක්‍රීඩකයෝ හම්බවෙනවා, නිතරම අඩ දබර කරගන්න කිසිම ඉවසීමක් නැති ක්‍රීඩකයෝ, නමුත් අපි නොකළ යුතු කරුණක් වන්නේ අඩ දබර කරගන්න වගේම ඔවුන් ක්‍රීඩාවටද එකසේ දක්ෂයි. අද අපි කතා කරන්න යන්නේ එවැනි ක්‍රීඩකයෙක් ගැන මේ පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයෙක් .

දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පකිස්ථාන ක්‍රිකට් ලෝලී පව්ලක් වාසය කලා, අයියා මලෝ නිතර ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වුවත් වඩා දක්ෂතා පෙන්වුයේ බාලයයි. වේගයෙන් පන්දුවට පහර දුන් මේ දරුවා තරමක් අවේගශීලි අයෙක්ද වුණා.

1970 වසර වන විට 13 වන වියේ පසු වූ මේ දරුවා පකිස්ථානයේ ක්‍රිකට් නායක අබ්දුල් කාදර්ගේ නෙත ගැටෙනවා ඔහුගේ පිතිකරණය දුටු පළමු වතාවේම කාදර් එහි විශේෂත්වයක් දුටුවා ඒ සමගම ඔහු මේ ක්‍රීඩකයා පකිස්ථානයේ දශකයේ සොයාගැනීම වනු ඇතැයි ප්‍රකාශයක්ද නිකුත් කළා.

ඒ ප්‍රකාශයට සාධාරණයක් කරමින් වයස අවුරුදු 19දී මේ තරුව පකිස්ථානයේ ජාතික කණ්ඩායමට එක් කරන ලද මෙම ක්‍රීඩකයා තමන්ගේ පළමු ඉනිමේදීම ලකුණු 165ක් ලබාගන්නවා. පිටිය තුල කොතරම් අඩ දබර කරගනු ලැබුවත් ජාවෙඩ් මියැන්ඩාඩ් නමැති මෙම ක්‍රීඩකයා ක්‍රිකට් පිටියේ විශිෂ්ට ක්‍රීඩකයෙකු ලෙස හඳුන්වනු ලබනවා.

Read More
අභියෝග හමුවේ සිහිනය අතහැර නොදැමූ ඔහු
November 20, 2020

කාය වර්ධනය කියන්නේ ෆැෂන් එකක් මේ ෆැෂන් එකට ආදරේ කරපු ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ බොහෝ දේවල් කැප කරලා අවසානයේ ඒ කැප කරපු දේවල් වලට වඩා දේවල් දිනාගත්ත ක්‍රීඩකයෙක් ඉන්නවා අදත් ඔහු මේ ක්ෂේස්ත්‍රයේ දිදුලන තරුවක් අද දවසේ අපි කතා කරන්න යන්නේ ඔහු පිළිබඳවයි.

හමුදා නිලදරියෙකු වූ පියෙකුට දාව ක්‍රිස්තියානි පරිසරයක 1947 ඔස්ට්‍රියාවේ උපත ලැබූ දරුවෙකු පාපන්දු ක්‍රීඩාව නිසා වයස අවුරුදු 14දී කාය වර්ධනය කෙරෙහි යොමු වෙනවා බිත්තර හා කුකුල් මස් ආහාරයට ගැනීම නිසා තම කෙසඟ සිරුර වර්ධනය වනවා දැක ඔහු වයස අවුරුදු 15දී කෙදිනක හෝ ලොව අංක එකේ කාය වර්ධන ක්‍රීඩකයා වන බවට අදිටන් කරගන්නවා තම පියාගේ ඉල්ලීම තමා පොලිස් නිලදාරියෙකු වනවා දැකීම වුවත් තම සිහිනය පසුපස හබායන මේ ක්‍රීඩකයා දිනපතා පුහුණුවීම් වලින් තම සිරුර වර්ධනය කරගන්නවා තම සිහිනය නිසා සිරදඩුවම් පවා වින්ද මෙම අසහාය ක්‍රීඩකයාගේ ජිවිත කතාව මෙතනින් නරබන්න.

Read More