පිතිකරුවන් නරබන්නන් බවට පත් කල දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රථම කළු ජාතික ක්‍රීඩකයා

දකුණු  අප්‍රිකාවේ සුදු අකුණු සැරය  කිව්වම අපි දන්නවා  ඒ ඇලන් ඩොනල්ඩ් කියලා ඒ දිනවල දකුණු අප්‍රිකාවේ   වේගපන්දු බල ඇණියේ ප්‍රධානම අවිය උනේ  ඇලන් ඩොනල්ඩ් හැබැයි පසුකාලයක කළු ජාතිකයෙක් මේ දකුණු අප්‍රිකානු වේගපන්දු බල ඇණියේ  ප්‍රධානියා බවට පත් වුණා. අද අපි සූදානම් වෙන්නේ ඔහු පිළිබඳව  කතා කරන්න .

දකුණු අප්‍රිකාවේ කුඩා ගම්මානයක අපගේ කතානායකයා උපත ලැබුවේ  වර්ණභේදවාදය අතිශයින්ම උත්සන්න වී තිබූ අවධියකයි , දකුණු අප්‍රිකාවේ  වර්ණභේදවාදය  අවසන් වීමත් සමඟම එරට ක්‍රිකට් උන්මාදයක්  පැතිර ගියා ඒ වන විට යොවුන් වියේ එළිපත්තේ සිටි  පහළොස් හැවිරිදි මකායටද එහි ගොදුරක් වීමට සිදු වුණා.

පාවහන් යුගලක් හෝ නොමැතිව  පන්දු යවන මෙම ක්‍රීඩකයා කඳවුරෙහි පුහුණුකරුවන්ගේ අවධානය ඉක්මනින් දිනාගත්තා  ඔහු ජාතික සංව සංවර්ධන සංචිතයට සුදුසුකම් ලබන්නේ ඉන් අනතුරුවයි වයස අවුරුදු 17 වන විට දකුණු අප්‍රිකානු දහනවයෙන් පහළ  කණ්ඩායමේ  නිත්‍ය සාමාජිකයෙකු වන      සිය  පළමු තරග සංචාරයෙන්ම වැඩිම කඩුලු ලාභියා බවට පත් වුණා ඒ එංගලන්ත දහනවයෙන් පහළ කණ්ඩායමට එරෙහිවයි.

මේ සුවිශේෂී දස්කම දකුණු අප්‍රිකානු ජාතික කන් කණ්ඩායමේ  ප්‍රථම කලු ජාතිකයා වීමේ අවස්ථාව  මාකායා නිට්නිට හිමිකර දුන්නා, ඔහු ටෙස්ට් තරඟ වලදී කඩුළු 390ක් සේම එක්දින තරඟවලදී කඩුළු 266ක් ලබාගෙන තිබෙනවා එමෙන්ම ICC හොඳම  පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ  දෙවන ස්ථානය ද හිමිකරගෙන තිබෙනවා,

අධ්‍යාපනයෙන් මෙන්ම  ක්‍රීඩාවෙන්ද ජය ජීවිතය ජයගගත හැකි බව     අප්‍රිකානු ක්‍රීඩක මාකායා නිට්නි  ලොවට පෙන්වා දී තිබෙනවා

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x