පිතිකරුවන් දඟ පන්දුවෙන් බය කල ක්‍රිකට් උපන් රටේ ලේකර් – Jim Laker

දඟ පන්දු යවන්නන් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුවන් නොමඟ යවන කොට්ඨාශයක් 1940 – 50 දශක වල ඒ වගේ විශ්මිත දඟ පන්දු යවන්නන් කිහිපදෙනෙක් හිටියා මේ එවැනි ක්‍රීඩකයෙක්ගේ කතාවයි.

එංගලන්තයේ යෝක්ෂයර්හි 1922 වසරේ උපන් දරුවෙකු මුල සිටම සංකීර්ණ එකක් උනා, කුඩා කල සිටම ඔහු ඇබ්බැහිවී සිටියේ ක්‍රිකට් ක්‍රීඩාවටයි, වයස අවුරුදු 16 වන තෙක්ම ඔහු පුහුනුකලේ ඔහුගේ පිතිකරණ සහ වේගපන්පන්දු හැකියාවයි.කෙසේ නමුත් වයස අවුරුදු 17දී ඔහුගේ දිවිය වෙනස් කරන ක්‍රිකට් පුහුණු තරඟයකට ඔහු සහභාගී වුනා. එය තමන්ගේ දිවිමඟ වෙනස් කරාවියැයි ජිමී ලේකර් නම් යෞවනයා දැනන් සිටියේ නැහැ.

1947 වසරේ ප්‍රාන්ත තරඟ වාරයට ක්‍රීඩාකළ ලේකර් එහිදී සරේ ප්‍රාන්ත කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වුණා , වේග පන්දු යවන්නන්ට හිතකර වේග පන්දු තණ තීරුවේ දඟ පන්දුවෙන් දස්කම් පාන පාන මෙම තරුණයාගේ හැකියාව අනගිභවනීය වුනා, පසු කලෙක ලොව තරඟයක හොඳම පන්දු යැවීම වාර්තාකරන ලේකර් ලකුණු 90කට කඩුලු 19ක් දවාගත්තා. ඒ ඉනිමකදී කඩුලු 10ම දවාගත් ලොව පළමු ක්‍රීඩකයා වෙමින්.

තරඟ දිවිය නිම කරනවිට ලේකර් තරඟ 46කදී කඩුලු 193ක් දවාගෙන තිබුනා ජිමී ලේකර් අදත් සැලකෙන්නේ ලොව බිහිවූ විශිෂ්ටම දඟ පන්දු යවන්නෙකු ලෙසයි.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x