අපි ක්‍රීඩා අනතුරු සහ ක්‍රීඩා අනතුරු වළක්වා ගන්නේ කොහොමද කියලා කතා කලා අද අපි කතා කරන්න යන්නේ ක්‍රීඩා අනතුරක් සිදු වුණොත් එයට ප්‍රතිකාර කරන්නේ කොහොමද කියලා.
ඔයාලා හැමෝම අහලා සහ දැකලා ඇති ක්‍රීඩා අනතුරක් උනහම අයිස් තියෙනවා . ඉස්සර අපි උණු වතුරෙන් තැවීම එහෙමත් නැත්තං බාම් වර්ග පාවිච්චි කරාට දැන් අපි කරන්නේ අයිස් තියන එක අපි අද සාකච්චා කරමු මේ අයිස් තියන එක කොහොමද අපි හරියට කරන්නේ කියල, කෙනෙක් ආබාධයට ලක් උණු විගසම ඒ මොහොතේ ඔහුව ක්‍රීඩාවෙන් පිටතට රැගෙන ගොස් ඔහු සපත්තුවක් පැළඳ සිටීනම් එය ඉවත් කරන්න ඔනේ ඊට පසු ආබාධයට ලක්වූ ස්ථානයට අයිස් තැබිය යුතුයි. මේ අයිස් තැබීමේදී අයිස් කෙලින්ම සමේ ගැටීමට සලස්වන්නේ නැහැ අයිස් බෑග් එකක් සොයාගැනීමට අපහසුනම් පොලිතින් මල්ලක් හෝ ඔබ ඇඳන් සිටින කමිසයක් හෝ තබා කෙලින්ම සමට ස්පර්ශ නොවන පරිදි අයිස් තැබිය යුතුයි. මෙය විනාඩි 10ක් පමණ අදාල ස්ථානයේ තැබිය යුතුයි. මෙය පැය 2කට වරක් සිදු කල යුතුයි, අයිස් තැබීම සති ගණනක් සිදු කරන ප්‍රතිකර්මයක් නොවෙයි මෙහි ප්‍රතිපල පැය 72කින් පමණ පසු අපට දැකගැනීමට පුළුවන් වෙනවා.
අයිස් තැබීමට අමතරව එම ආබාධයට ලක්වූ ස්ථානය වෙළුම් පටියකින් වෙලීමටද ලක් කල යුතුයි. වෙළුම් පටිය දීමේදී එය පොඩි පිඩනයකින් යුතුව වෙලිය යුතුයි. අප මේ සිදු කරන්නේ මුලික ප්රතාමධාරයක් පමණයි එම නිසා අයිස් තබා වෙළුම් පටි යොදා මෙම ක්රිදකයව විවේක ගැන්විය යුතුයි පසුව මෙම ක්රිදකයව වයිද්යවරයෙකුට යොමු කර ඒ අදාල උපදෙස් ලබාගත යුතුයි.
මීට පෙර කතා කරා ක්‍රීඩා අනතුරු වළක්වා ගැනීම පිළිබඳ එතකොට අපි කිව්වා වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වෙන්න ඕනේ ෝග්යතා පරීක්ෂණයට සහභාගී වෙන්න ඕනේ ඊට පස්සේ විද්‍යාත්මක පුහුණුවක් ලබන්න ඕනි කියලා ඊළඟට මේ විද්‍යාව විද්‍යාත්මක පුහුණුව කොච්චර ලැබුවත් වැඩක් නැහැ අපි අපේ ආබාධ සුව නොකරගෙන ැවතත් ක්‍රීඩාපිටියට පැමිණෙනවා නම්.
අපි සමහර වෙලා වෙලාවට දකිනවා සමහර ආබාධ ඇති වෙන්නේ කලින් ආබාධවලට ිසි ප්‍රතිකාර නොකිරීම නිසා, උදාහරණයක් වශයෙන් අපි හිතමු කාගේ හරි වළලූකර පෙරලිමට ලක් වෙලා තියෙනවා කියලා එතකොට ගොඩක් අය හිතන්නේ මේකට අයිස් තිබ්බම හරියයි කියලා අයිස් තියලා දවස් තුනකට පස්සේ වේදනාව අඩු උනාම නැවතත් ක්‍රීඩාපිටියට පැමිණීමට හැකි වෙයි කියල ඔවුන් සිතනවා නමුත් මෙතන ඔහුගේ කකුලේ පටකයක් ආබාධයට ලක්වීමත් තමයි සිදු වෙලා තියෙන්නේ පටකයක් නැවත යථා තත්ත්වයට පත්වීමට අඩුම තරමින් සතියක් හෝ සති දෙකක් අතර කාලයක් වැය වෙනවා.
අපි ප්‍රතිකර්ම කළ පසු එම පටකය තිබූ තත්ත්වයටම හෝ ඊට වැඩිය හොඳ තත්ත්වයකට ත් වූවාට පසුවයි නැවත ක්‍රීඩාපිටියට ඇතුල් විය යුත්තේ නමුත් අපිට සති දෙකක් වැනි දීර්ඝ කාලයක් ගතගත කිරීම ටිකක් අපහසුයි එම නිසා අපි සාපේක්ෂ විවේකයක් තමයි ගත යුත්තේ ,විවේකයෙන් පසු නැවත පුහුණුවීමේදී අනෙකුත් අවයවයන් පුහුනු කිරීමට අපිට හැකියාව ඇති අතර ආබාධයට ලක්වූ අවයව යට එසේත් නැත්නම් කකුල හැකිතාක් විවේක්යෙන් තැබිය යුතුයි. අපි මෙයින් වැලකීළකී සිටියේ නැතිනම් මේ ආබාධය නැවත නැවතත් ඇති වීමට බොහෝ ඉඩ කඩ තිබෙනවා සමහර ක්‍රීඩකයින් ආබාධයට ලක්වූ වූ කකුල පරිස්සම් කිරීමට යැයි සිතා අනෙක් කකුල්ට බර දී පුහුණුවීම් කටයුතු කරමු එසේ කිරීමේදී අධික බරක් කකුලට පමණක් යොමු වන නිසා එම කකුල ද ආබාධයට ලක් වීමේ ඉඩකඩ බොහොම වැඩියි.
ඉතින් කකකුලක් ආබාධයට ලක් වූ පසු පුහුණුවීම් කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමටනම් අපි ආබාධයට ලක්වූ පටකයට ආධාරකයක් ලබාදිය යුතුයි අපිට මෙම ආධාරකය ලබාදිය හැක්කේ ශරීරයෙහි පිටතින්, මෙම ක්‍රියාවලියට අපි Taping කියා පවසනවා. Taping පැළඳීමෙන් එම පටකයට අමතර ආධාරයක් ලබාදීමට අපට හැකි වෙනවා, එම නිසා සාමාන්‍ය පරිදි නැවතත් පුහුණුවීම් කටයුතු සිදුකරගැනීමට අපට රැකියා හැකියාව ලැබෙනවා.
ඔබට යම්කිසි ආබාධයක් තිබෙනවානම් නිසි වෛද්‍ය උපදෙස් අනුගමනය කරමින් නැවත පුහුණුවීම් කටයුතු වලට සම්බන්ධ වන්න එසේ කිරීමෙන් ඔබ නැවත නැවතත් ආබාධයට ලක්වීම වැළකෙනු ඇත.
ක්‍රීඩා අනතුරු පිළිබඳ කතා කිරීමේදී, ක්‍රීඩා අනතුරු සිදුවන්නේ කෙසේද, ශරීරයේ කුමන ස්ථාන ආශ්‍රිතව ද ක්‍රීඩා අනතුරු සිදු වන්නේ. මේ සටහන ක්‍රීඩා අනතුරු පිළිබඳ ඔබගේ දැනුමට.
ක්‍රීඩාවක් සිදු කරන අතරතුර ක්‍රීඩකයකු ලක් විය හැකි ක්‍රීඩා අනතුරු කොටස් දෙකකට
බෙදා වෙන් කර දක්වන්න පුලුවන්. ඒවා නම්
මෙම අනතුරු අකාර දෙකෙන් අපට බහුලව දක්නට ලැබෙන්නේ මෘදු පටක ආශ්රිත අනතුරුයි.
ක්‍රීඩා අනතුරු වලදී එම අනතුර ඇති වන්නේ කෙසේද කියන එක පිළිබඳ දැනුවත් වීම ඉතාම වැදගත්.
අනතුරකට ලක් වූ අයෙක් මෙසේ පවසනවා නම් මගේ කකුල ගලක හැපිලා පෙරලුණා, කකුල වලකට වැටුණා හෝ තවත් අයෙක්ගේ කකුලක් පැටලිලා පෙරලුණා ලෙස පවසනවා නම් ඔහු ඔහුගේ අනතුරට හේතුව දන්නවා. එලෙසම තවත් අයෙක් හෙතුවක්
නොදන්න අතර ඔහුත් අනතුරට ලක් වෙලා. මෙන්න මෙලෙස හේතුවක් නොදැන අනතුරට ලක් වීම පිලිබඳව සොයා බැලීම ඉතාම වැදගත්. එයට හේතුව නම් ක්‍රීඩා අනතුරකට ප්‍රතිකර්ම කිරීමේදී රෝග ලක්ෂණයට පමණක් ප්‍රතිකාර කිරීමෙන් පලක් නැත. ප්‍රතිකාර කල යුත්තේ අනතුරට හේතුව සොයා ගැනීමෙන් අනතුරුවයි.
මෘදු පටක ආශ්රිත අනතුරු ගණයට අයත් වන්නේ ශරීරයේ පහත කොටස් වල සිදු වන අනතුරුයි. ඔබ දන්නවා ඇති ශරීරය තුල ඇති අස්ථි දෙකක් හෝ ඊට වැඩි කොටසක් එකතු වී සෑදෙන සන්ධි ඒ ආකාරයෙන්ම පවත්වා ගැනිමට හා සන්ධියේ චලන පරාසය පවත්වා ගැනීමට
මාංශපේෂි අවශ්‍ය වනවා. මෙම මාංශපේෂීන් අස්ථි වලට සම්බන්ධ වන්නේ ඛණ්ඩරා වලින්. එලෙසම සන්ධියේ
චලන පරාසයට වැදගත් වන තවත් කොටසක් තිබෙනවා. එය බන්ධනී නම් වනවා. ඉහත සදහන් කල ඛණ්ඩරා, බන්ධනී හා මාංශපේෂි ආශ්‍රිතව ඇති වන ක්‍රීඩා අනතුරු මෘදු පටක ආශ්රිත ක්‍රීඩා අනතුරු ගණයට අයත් වනවා.
මෙම මෘදු පටක ආශ්රිත අනතුරු අප මුලින් කතා කල පරිදි හේතුව පිළිබඳව දැනුවත්ව සිදු වූ අනතුරක් නම් ඒවාට එම අවස්ථාවේ සිදුවන ක්‍රීඩා අනතුරු ලෙස නම් කරනවා. හේතුවක් නොදැන මෘදු පටක ආශ්රිත සිදුවන අනතුරු Overuse, Overturning හෝ වෙනත් කුමක් හෝ හේතුවක් මත සිදු වූ අනතුරු ලෙස නම් කෙරෙනවා.
මෙලෙස සිදුවන ක්‍රීඩා අනතුරු අවම කර ගැනීමට නම්, විද්‍යාත්මක ක්‍රීඩා පුහුණුව ඉතා වැදගත්. එලෙසම ක්‍රීඩකයාගේ වයස, ක්‍රීඩාවේ නිරත වන කාලය, යෝග්‍යතා මට්ටම කොපමණද යන කරුණු මත ලබා දෙන ක්‍රීඩා පුහුණුව ඉතාම වැදගත්.
ඔබ ක්‍රීඩා පිලිබඳ උනන්දු පුද්ගලයෙක් නම් ඔබ දන්නවා ඇති, කුමන බාහිර සාධක නිසියාකාරව තිබුනත් ක්‍රීඩාවට අදාල තාක්ශණය නිවැරදි ලෙස භාවිත නොකලහොත් ඔබගේ ක්‍රීඩා දිවියේ ජයග්‍රහණ සදහා එය ලොකු බලපෑමක් ඇති කරන බව.
ඉතින් අද ක්රිස්බෝ නෙක්ස්ට් චෑම්ප් වැඩසටහනින් ඔබගේ ක්‍රීඩා දිවියට වැදගත් යමක් ඉදිරිපත් කිරීමටයි මේ උත්සාහය, ක්‍රීඩාවෙන් ජයග්‍රහණ කරා යන ගමනේදී නිවැරදි ලෙස තාක්ෂණය භාවිත කරන්නේ කෙසේද?
මේ පිලිබඳව අද අප දැනුවත් කරනු ලබන්නේ, ජාතික ක්‍රීඩා විද්‍යාතනයේ අධ්යක්ෂ සජිත් ජයලාල් මහතා
අප මුලින්ම කතා කලොත් ධාවන ඉසව් වලදී තාක්ෂණය භාවිතය කෙසේද?
ධාවන ඉසව්වක මූලික පියවර සාමාන්‍ය පියවර හා අවසානය වශයෙන් කොටස් තුනක් තිබෙනවා.
කෙටි දුර ධාවන ඉසව් වලදී ආරම්භය ඉරියව් තුනකින් සමන්විත වනවා. එලෙසම මැදි දුර හා දිගු දුර ඉසව් වල ආරම්භය අදියර දෙකකින් සමන්විත වනවා.
දිගු දුර ඉසව් වලදී ආරම්භය ලබා ගන්නේ කෙසේද?
මෙම ඉසව් වලදී සැරසෙන් වෙඩි හඩට ධාවන ආරම්භ කරනු ලබනවා.
මෙම ආරම්භක අවස්තාවේ දී තමයි අප තාක්ෂණික උපක්‍රම යොදා ගන්නේ.
එහි දී ක්‍රීඩිකාවන් භාවිත කරන තාක්ෂණය ගැන පැහැදිලි කිරීමක් කලහොත්,
මෙම සැරසෙන් කියන අවස්තාවේ දී ආරම්භක රේඛාවට පිටුපසින් තමන්ගේ ශක්තිමත් පාදය තබා අනෙක් පාදය පිටුපසට තබා ඊට විරුද්ධව අත් තබාගෙන සූදානම් වේ.
අධ්‍යක්ෂතුමනි සියලුම ධාවන ඉසව් වලදී මූලික පියවර ඔබතුමා ඉහත සදහන් කල ආකාරයටමද සිදු වන්නේ?
නැහැ එය ඉසව්වෙන් ඉසව්වට වෙනස් වනවා. එහිදී කෙටි දුර ඉසව් වල මූලික පියවර වශයෙන් හදුන්වන්නෙ 30m පමණ දුරක් ද, විශේෂයෙන් ම මැදි දුර ඉසව් වල මූලික පියවර වශයෙන් 800m ඉසව්වේ දී 100m ද, 1500m ඉසව්වේදී 80m ද, වනවා.මෙලෙස තාක්ෂණය විවිධාකාරයෙන් භාවිත වීමට හේතුව වන්නේ තරග ආරම්භ කරන ස්ථානයයි.
අධ්‍යක්ෂතුමනි, දැන් අපගේ අවධානය සාමාන්‍ය පියවර වෙත යොමු කලොත්, එහිදී භාවිත තාක්ෂණික උපක්‍රම මොනවද?
ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින අවස්තාව සාමාන්‍ය පියවර ලෙස හදුන්වනු ලබනවා. මෙහිදී, වැදගත් වන්නේ තත්පරයකට තබන පියවර සංඛ්‍යාව එනම් (Frequency ) හා පියවර අතර දුර ප්‍රමාණය එනම් (Straight Length).
කෙටි දුර ධාවන ඉසව් වලදී වැදගත් වන්නේ තත්පරයකට තබන පියවර ප්‍රමාණයයි.
එලෙසම මැදි දුර හා දිගු දුර ඉසව් වලදී මෙම frequency හා straight length යන දෙකෙහිම සංයෝජනයක් දක්නට ලැබෙනවා.
මෙම සංයෝජනය නිසියාකරව පවත්වා ගැනීමට නම් යෝග්‍යතාවයන් ඉහල මට්ටමකට පුහුණුකිරීමට සිදු වනවා. එම යෝග්‍යතාවයන් ලෙස වේගය දරා ගැනීම, වේගය, සම්බන්ධීකරණය, ශක්තිය වැනි ප්‍රධාන ශාරීරික යෝග්‍යතා පුහුණු කිරීම සිදු වනවා.
ධාවන ඉසව්වක අවසාන පියවර වන්නේ ඉසව්ව අවසන් කිරීමයි. මේ පිලිබඳව දැනුවත් කිරීමක් සිදු කලහොත්,
ඉසව්වක අවසානය ඉතාමත් වැදගත්. සාමාන්‍යයෙන් අවසානය නිවැරදිව සිදු කරනු ලබන්නේ ඉහල කද පෙදෙස ඉදිරියට නමා තරගය නිමා කරනු ලැබේ.
ඉතින් මෙම තාක්ෂණික උපක්‍රම නිසියාකාරව භාවිතය මගින් අපගේ ක්‍රීඩා ගමන සාර්ථකව පවත්වාගෙන යාමට හා ජයග්‍රහණය කරා යෑමද ඉතාමත් පහසු වනවා.
ක්‍රීඩාවෙන් ඉදිරියට යෑම සඳහා ඔබට අවශ්‍ය සියලුම දැනුම සැපයීමට අපි හැමවිටම සූදානම්ව සිටිනවා. අදත් ඒ සඳහා අපත් සමග එකතු වී සිටිනවා ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ලාල් ඒකනායක මහතා.
Q : වෛද්‍යතුමනි අපේ ක්‍රීඩකයන් විවිධ ආබාධ වලින් පෙළෙනවා අපි ඒ ගැන අපේ පසුගිය වැඩසටහන් වලින් කතා කළා එතනදි අපිට ඇහිච්ච වචනයක් තමයි recovery කියලා කියන්නේ මොකක්ද මේ recovery කියලා කියන්නේ
සරලවම කිව්වොත් රිකවරි කියලා කියන්නේ ශරීරය නැවත යථා තත්ත්වයට පත් කිරීමට. බොහෝ ක්‍රීඩකයන් නිවැරදි අවධානය යොමු නොකළත් මෙය ක්‍රීඩකයන්ට ඉතාමත් වැදගත් දෙයක්
මොකද ක්‍රීඩකයෙක් තමන්ගේ උපරිම දක්ෂතාවය දැක්වීමට නම් එම ක්‍රීඩකයා තමන්ගෙ උපරිම මහන්සියෙන් කැපවීමෙන් පුහුණුවීම් කළ යුතුයි ඒ විතරක් නෙමෙයි අද දිනයේ ඔබ ඔබගේ උපරිමයෙන්ම පුහුණුවීම් කළා නම් ඔබ හෙට දිනයේත් ඒ ආකාරයෙන්ම ඔබගේ උපරිමයෙන් පුහුණු විය යුතුයි ඉතිං හැමදාම තමන්ගෙ උපරිමයෙන්ම පුහුණුවීම් කරන්න නම් අද දවසේ ඔබගේ ශරීරය තුළ සිදුවෙන ආබාධ ඉක්මනින් යථා තත්ත්වයට පත්වෙන්න ඕනේ ඒ නිසයි මේ recovery කියන දේ ක්‍රීඩකයන්ට ගොඩක් වැදගත් වෙන්නේ.
මං හිතන්නේ අපි බොහෝ දෙනෙක් දන්නැති දෙයක් තමයි ක්‍රීඩා කරද්දී ශරීරයේ අභ්‍යන්තරයේ පටක දහස් ගණනක් කැඩීමට ලක් වෙනවා අපි ඒවට කියන්නෙ ක්ෂුද්‍ර ආබාධ කියලා එහෙමත් නැතිනම් micro-injuries කියලා ඒ වගේම විශාල වශයෙන් ශරීරය අභ්‍යන්තරයේ රුධිර වහනය වෙනවා විශේෂයෙන් පාද වල විශාල වශයෙන් රුධිරය වහනය වනවා ඒ වගේම බඩවැල් ඇතුළෙ රුධිර වහනය වෙනවා මේ රුධිරය වහනය වීම සිද්ධවෙන්නේ අභ්‍යන්තර පටක කැඩීම නිසා ඒ නිසා නිසා එම පටක නැවත යථා තත්වයට පත් කිරීමට ශරීරය උත්සාහ කරනවා අප කළ යුත්තේ ශරීරය ගන්නා එම උත්සාහයට අපේ පැත්තෙන් උදව් කිරීමයි.
රිකවරි එකේ දෙවැනි ක්‍රියාවලිය තමයි ව්‍යායාම් කිරීමේදී ශරීරයෙන් වැය වැය වන ශක්තිය නැවත ලබා ගැනීම මෙය ඉතාම වැදගත් අපිට මෙම ශක්තිය පේශි වල සහ අක්මාවේ ගබඩා කර තබා ඊළඟ දවසේ නැවතත් නැවතත් ප්‍රයෝජනයට ගන්න.
ඊළඟ කාරණය තමයි ව්‍යායාම සිදු කිරීමේදී ශරීරය දී ශරීරය අභ්‍යන්තරයේ එකතුවන විෂ අපද්‍රව්‍ය ඉවත් කිරීම මේ ශරීරයේ අනෙකුත් පේෂ සහ පටක වල ආරක්ෂාව සඳහා ද ඉතාමත් වැදගත්.
අපි හැමෝම ව්‍යායාම් මගින් බලාපොරොත්තු වෙන්නේ ශරීරය තිබුනට වැඩිය හොඳින් වර්ධනය කර ගන්න ඒ වගේම පේශි සහ පටක ශක්තිමත් කර ගන්න ඉතින් මේ recovery ක්‍රියාවලියෙන් එහෙමත් නැත්නම් ශරීරයට යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියෙන් ඒ සඳහා අවශ්‍ය ශක්තිය නිපදවීමත් සිදු කරනු ලබනවා.
සාමාන්‍යයෙන් ව්‍යායාමයක් අවසන් කිරීමේ දී අපේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් විශාල වශයෙන් ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා ඒ වගේම ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය විශාල වශයෙන් ඉහළ යනවා මේ අවස්ථාවේ ශරීරය යථා තත්ත්වයට පත්වීමට අවශ්‍ය සැපයුම් සිදු නොකළොත් ඊළඟ දිනයේ දී ශරීර යෝග්‍යතාවය නිසි ලෙස පවත්වා ගැනීමට අපහසු වෙනවා. ඒ වගේ ම ශරීරය පහසුවෙ ම ආබාධ වලට ලක්වීමේ හැකියාව ද පවතිනවා.
එම නිසා ඔබ මහන්සියෙන් ව්‍යායාම් කරනවා මෙන්ම ශරීරය නැවත යථා තත්ත්වයට පත් කිරීමට ඔබේ අවධානය අද සිට යොමු කිරීමෙන් අබාධ රහිත සෞඛ්‍ය සම්පන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් බිහි කිරීමට මහත් රුකුලක් වනු ඇත.