මොකක්ද මේ recovery කියන්නේ කොහොමද ඒක ක්‍රීඩාවට වැදගත් වෙන්නේ කියලා අපි ක්‍රීඩා වෛද්‍ය ලාල් ඒකනායක මහතාගෙන් අහලා දැනගමු

ක්‍රීඩාවෙන් ඉදිරියට යෑම සඳහා ඔබට අවශ්‍ය සියලුම දැනුම සැපයීමට අපි  හැමවිටම සූදානම්ව සිටිනවා. අදත් ඒ සඳහා අපත් සමග එකතු වී සිටිනවා ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ලාල් ඒකනායක මහතා.

Q : වෛද්‍යතුමනි අපේ ක්‍රීඩකයන් විවිධ ආබාධ වලින් පෙළෙනවා අපි ඒ ගැන අපේ පසුගිය වැඩසටහන් වලින් කතා කළා එතනදි අපිට ඇහිච්ච වචනයක් තමයි recovery කියලා කියන්නේ මොකක්ද මේ recovery කියලා කියන්නේ

සරලවම කිව්වොත් රිකවරි කියලා කියන්නේ ශරීරය නැවත යථා තත්ත්වයට පත් කිරීමට. බොහෝ ක්‍රීඩකයන් නිවැරදි අවධානය යොමු නොකළත් මෙය ක්‍රීඩකයන්ට ඉතාමත් වැදගත් දෙයක්

මොකද ක්‍රීඩකයෙක් තමන්ගේ උපරිම දක්ෂතාවය දැක්වීමට නම් එම ක්‍රීඩකයා තමන්ගෙ උපරිම මහන්සියෙන් කැපවීමෙන් පුහුණුවීම් කළ යුතුයි ඒ විතරක් නෙමෙයි අද දිනයේ ඔබ ඔබගේ උපරිමයෙන්ම පුහුණුවීම් කළා නම් ඔබ හෙට දිනයේත් ඒ ආකාරයෙන්ම ඔබගේ උපරිමයෙන් පුහුණු විය යුතුයි ඉතිං හැමදාම තමන්ගෙ උපරිමයෙන්ම පුහුණුවීම් කරන්න නම් අද දවසේ ඔබගේ ශරීරය තුළ සිදුවෙන ආබාධ ඉක්මනින් යථා තත්ත්වයට පත්වෙන්න ඕනේ ඒ නිසයි මේ recovery කියන දේ ක්‍රීඩකයන්ට ගොඩක් වැදගත් වෙන්නේ.

මං හිතන්නේ අපි බොහෝ දෙනෙක් දන්නැති දෙයක් තමයි ක්‍රීඩා කරද්දී ශරීරයේ අභ්‍යන්තරයේ පටක දහස් ගණනක් කැඩීමට ලක් වෙනවා අපි ඒවට කියන්නෙ ක්ෂුද්‍ර ආබාධ කියලා එහෙමත් නැතිනම් micro-injuries කියලා ඒ  වගේම විශාල වශයෙන් ශරීරය අභ්‍යන්තරයේ රුධිර වහනය වෙනවා විශේෂයෙන් පාද වල විශාල වශයෙන් රුධිරය වහනය වනවා ඒ වගේම බඩවැල් ඇතුළෙ රුධිර වහනය වෙනවා මේ රුධිරය වහනය වීම සිද්ධවෙන්නේ අභ්‍යන්තර පටක කැඩීම නිසා ඒ නිසා නිසා එම පටක නැවත යථා තත්වයට  පත් කිරීමට ශරීරය උත්සාහ කරනවා අප කළ යුත්තේ ශරීරය ගන්නා එම උත්සාහයට අපේ පැත්තෙන් උදව් කිරීමයි.

රිකවරි එකේ දෙවැනි ක්‍රියාවලිය තමයි ව්‍යායාම් කිරීමේදී ශරීරයෙන් වැය වැය වන ශක්තිය නැවත ලබා ගැනීම මෙය ඉතාම වැදගත් අපිට මෙම ශක්තිය පේශි වල සහ අක්මාවේ ගබඩා කර තබා ඊළඟ දවසේ නැවතත් නැවතත් ප්‍රයෝජනයට ගන්න.

ඊළඟ කාරණය තමයි ව්‍යායාම සිදු කිරීමේදී ශරීරය දී ශරීරය අභ්‍යන්තරයේ එකතුවන විෂ අපද්‍රව්‍ය ඉවත් කිරීම මේ ශරීරයේ අනෙකුත් පේෂ සහ පටක වල ආරක්ෂාව සඳහා ද ඉතාමත් වැදගත්.

අපි හැමෝම ව්‍යායාම් මගින් බලාපොරොත්තු වෙන්නේ ශරීරය තිබුනට වැඩිය හොඳින් වර්ධනය කර ගන්න ඒ වගේම පේශි සහ පටක ශක්තිමත් කර ගන්න ඉතින් මේ recovery ක්‍රියාවලියෙන් එහෙමත් නැත්නම් ශරීරයට යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියෙන් ඒ සඳහා අවශ්‍ය ශක්තිය නිපදවීමත් සිදු කරනු ලබනවා.

සාමාන්‍යයෙන් ව්‍යායාමයක් අවසන් කිරීමේ දී අපේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් විශාල වශයෙන් ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා ඒ වගේම ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය විශාල වශයෙන් ඉහළ යනවා මේ අවස්ථාවේ ශරීරය යථා තත්ත්වයට පත්වීමට අවශ්‍ය සැපයුම් සිදු නොකළොත් ඊළඟ දිනයේ දී ශරීර යෝග්‍යතාවය නිසි ලෙස පවත්වා ගැනීමට අපහසු වෙනවා. ඒ වගේ ම ශරීරය පහසුවෙ ම ආබාධ වලට ලක්වීමේ හැකියාව ද පවතිනවා.

එම නිසා ඔබ මහන්සියෙන් ව්‍යායාම් කරනවා මෙන්ම ශරීරය නැවත යථා තත්ත්වයට පත් කිරීමට ඔබේ අවධානය අද සිට යොමු කිරීමෙන් අබාධ රහිත සෞඛ්‍ය සම්පන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් බිහි කිරීමට මහත් රුකුලක් වනු ඇත.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x