චැම්ප් කෙනෙක් එක්ක චැට් එකක්
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට නැවුම් බලාපොරොත්තුවක්. මිනෝද් භානුක
February 18, 2020

ජීවිතය තුල සිදුවන අර්බුද, ඛේදවාචකයන් යම් අවස්ථා වල දී අපූරු විසදුම් වලට පාර පෙන්වනවා.
යම් පසුබෑමකට ලක් වෙලා තිබෙන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නැවුම් බලාපොරොත්තුවක් සමගයි අද අපගේ වැඩසටහන දිගහැරෙන්නේ.
ඔහු නමින් මිනෝද් භානුක.

මිනෝද්, ඔබගේ ක්‍රිකට් වල ආරම්භය කොහොමද?

මම මුලින්ම ඉගෙනුම ලැබුවේ කුරුණෑගල ජෝසෝ වාස් පාසලේ.  ඉන් පසුව එම පාසලේ සිටියදී කුරුණෑගල මලියදේව පාසලට මාව ගත්තා.
එතනින් පසුව තමා ක්‍රිකට් වලට මගේ ආගමනය සිදු වුනේ.

ඒ වගේම පොඩි කාලේ සිටම අසාවක් තිබ්බා ක්‍රිකට් ගැන. කවදාහරි ජාතික කණ්ඩායමට සෙල්ලම් කිරීමේ බලාපොරොත්තුවක් තිබ්බා.
ඉතින් මේ අවුරුද්දේ තමා ඒ බලාපොරොත්තුව ඉශ්ඨ උනේ.

මිනෝද්, යම් ක්‍රීඩකයකු  ජාතික කණ්ඩායමට තෝරා පත්කර ගැනීමට නම්  දක්ශතා පෙන්විය යුතුයි . ඒ සදහා ඔබ දක්වපු දක්ශතා මොනාද?

මුලින්ම 19න් පහල අවසාන අවුරුද්දේ මම ලකුණු 950ක් ලබා ගත්තා. ඉන් පසුව මම 19න් පහළ ජාතික කණ්ඩායමට තේරුණා.
ඉන් පසුව තමා මම තේරුම් ගත්තේ පියවරෙන් පියවර මේ ගමන මට යන්න පුලුවන් කියන බව.

19න් පහළ ලෝක කුසලානේ මතකයන් කතා කරොත් යමක්?

එම ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු අතරට මට එන්න පුලුවන් උනේ නෑ. මුල් තරග සෙල්ලම් කරන්න අවස්ථාව ලැබුණත්
මේ හේතුව නිසා අවසාන තරග සදහා මට අවස්ථාවක් ලැබුනේ නෑ.

ඉතින් ඉන් පසුව තමා මන් හොදම ආරම්භයක් ලබා ගන්නේ. පරාජයක් සිදු උනොත් මන් මොකක්ද කරන්න ඕනි කොහොමද මන් වැටුණු තැනින් නැගිටින්නෙ,
මම යම් කිසි පසුබෑමකට ලක් උනා නම්  එතනින් නැවත නැගිටින්න ඕනි මම ම නේද කියන හැගීමත් එක්ක නැවත ආරම්භයක් ලබා ගත්තා.

එතනින් පසුව තමා මම Club Season වලට සම්බන්ධ වෙලා ලකුණු රැස් කරලා පුහුණුවීම් කරලා තමා අද මේ තැනට ආවේ.

මෙම club matches වලදී ඔබ විසින් ත්‍රිත්ව ශතකයක් ලබා ගන්නවා එයින් ඔබ නැවත සියල්ලන්ගේම අවධානය ලබා ගන්නවා එහෙම නේද?

ඔව්. මම මුලින්ම ක්‍රීඩා කලේ SSC ක්‍රීඩා සමාජයට. එහිදී  පලමු අවුරුද්දේ මම තරග දෙකයි ක්‍රීඩා කරේ. එම තරග දෙකෙනුත්
දෙවන තරගයේදී ලකුණු 114ක් ලබා ගත්තා.

ඉන්පසුව අවුරුද්දේ මම ක්‍රීඩා කරලා ලකුණු 901ක් ලබා ගත්තා.

එම අවුරුද්දේ තමා මම ත්‍රිත්ව ශතකයක් හා ලකුණු  342ක් ලබා ගත්තේ. එය තමා SSC ක්‍රීඩා සමාජේ තනි ක්‍රීඩකයෙක් විසින් ලබා ගත්
වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස දැනට තියෙන්නේ.

ඉන්පසුව තමා imagine scode මුලින්ම ක්‍රීඩා කරලා ලකුණු අතර ආවට පස්සේ  ශ්‍රී ලංකා A  කණ්ඩායමට  කතා කරා. A කණ්ඩායමට  අවුරුදු  3ක් විතර ක්‍රීඩා කරා.
ඉන් පසුව අවුරුදු 4ක් SSC එකේ ක්‍රීඩා කරලා ගිය අවුරුද්දේ මම CCC කණ්ඩායමට ක්‍රීඩා කරන්න ගියා. එහිදි ද්විත්ව ශතකයක් සමග ලකුණු 780ක් ලබා ගත්තා.

මිනෝද් ජාතික කණ්ඩායමේ කඩුලු රැකීමේ අවස්තාව ලබා ගැනීමට ලොකු තරගකාරිත්වයක් තිබෙනවා.
මේ තරගකරිත්වය  හා ඒ සදහා ඔබට කල හැකි දේ ඔබ දකින්නේ කොහොමද ?

දැනට ජාතික කණ්ඩායම තුල සිටින්නෙ ඉතාමත් හොද කඩුලු රකින්නන්. මමත් ආසයි එම තත්වයට එන්න. ඒ සදහා මන් ඉතා හොදින් පුහුණුවීම් සිදු කරනවා.

ප්‍රසන්න ජයවර්ධන අයියා එක්ක තමා මන් පුහුණුවීම් කටයුතු කරන්නේ. ඔහු හැම මොහොතකම කියන්නෙ ඔබ ඔබව විශ්වාස කරන්න.
එලෙසම ක්‍රීඩා කරන අවස්ථාවේ තරගය තුල ඉන්න. පූර්ණ අවධානය තරගයට යොමු කල යුතුයි කියන එක .

ක්‍රීඩා ලෝකයේ අලුතින් බිහිවන ඕනෑම ක්‍රීඩකයෙක් තමන්ට පෙර පරම්පරාවක සිටි තමන් ආස කරන,අනුකරණය කරන
මම දවසක මේ ක්‍රීඩකයා වෙනවා කියන ක්‍රීඩකයෙක් ඉන්නවා. ඔබගේ ඒ තැන ඉන්න  ක්‍රීඩකයා කවුද?

ආසම කඩුලු රකින්නා Brad Haddin. ඔහුගේ භාවිතවන තාක්ශණය එක්ක ඔක්කොමත් එක්ක ඔහුට ආසයි.

කඩුලු රකින්නන් අතරින් අතරින් ආසම පිතිකරුවා කව්ද?
කුමාර් සංඝක්කාර

මිනෝද් සාමාන්‍ය ක්‍රීඩකයකු ලෙස නොව ක්‍රිකට් ක්‍රිඩකයෙක් ලෙස ජාතික කණඩායම නියෝජනය කිරීම ම  නොව
ඉන් ඔබ්බට ඔබගේ  තිබෙන ලොකුම බලාපොරොත්තුව කුමක්ද?

යම් දිනෙක ක්‍රිකට් ක්‍රීඩාවෙන් මම සමුගන්න දවස වෙනකොට,වගේම මන් වයසට ගිය කාලෙක ලංකාව තුලට සීමා නොවී ලෝකය තුල මිනිස්සු මිනෝද් භානුක කියන නම හරි ක්‍රීඩකයකු විදියට දකින ලෝකයාම ගරු කරන නමක් බවට පත්වෙන විදියට කටයුතු කරන්න ආසයි.

ක්‍රීඩකයෙක් කියලා කියන්නේ බොහෝ විට ලෝකය තුල කතා බහට ලක්වන චරිත. එහෙම චරිතයක් බවට පත්වෙන්න නම්
දක්ශතාවය සමග අපට විවිධ අයගෙන් ලැබෙන සහයෝගය විශාල හයියක් වන අවස්තා තිබෙනවා. මෙතෙක් දුර ආ ඔබගේ
මේ ගමනේ ඔබට සහය උනු අය ගැන මතක් කරොත්?

මුලින්ම මතක් කරන්න ඕනි,පිං දෙන්න ඕනි මගේ අම්මටයි,තාත්තටයි. ඒ දෙන්නා නිසා තමා මන් අද මෙතන ඉන්නේ.
ඒ වගේම මාව මලියදේව පාසලට ඇතුලත් කරන්න උදව් කරපු අනිල් සර්.

ඒ වගේම දීරසුවි සර් ඔහු තමා මාව වයස අවුරුදු 13න් පහළදී මාව භාර ගත්තේ. විශේෂයෙන් ම මතක් කරන්න ඕනි බුද්ධික ඇල්ලේපොළ මහතා.
ඔහු තමා ගොඩක්ම ඔලුව හැදුවේ කරන්න ඕනි මොකක්ද කියන එක පෙන්වලා දුන්නේ. එම අවුරුද්දේ මම ක්‍රීඩා කරලා ලකුණු 940ක් ලබා ගත්තා.

එලෙසම නම් වශයෙන් සදහන් නොකලත් වචනයකින් හෝ උදව් කරපු සියලු දෙනාට ස්තූතිවන්ත වෙන්න ඕනි.

Read More
පිට්ටනියේදී යාලුවට උදව් කරන්න ගිහින් අවසානයේ ඔලිම්පික් ගිය ජාතික ශුරයා
October 16, 2019

සමාජයේ ඇස නොගැටෙන දක්ෂ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් රටට හදුන්වා දීම උදෙසා Crysbro Next Champ ගෙන යන වැඩසටහනේ තවත් එක් අංගයක් තමයි ජාතික හා ජාත්‍යන්තර වශයෙන් රටට කීර්තියක් අත් කර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අත්දැකීම් ඔබත් සමග බෙදාගැනීම ඔවුන් ලබාගත් ඒ අත්දැකීම් අනාගතයේ ක්‍රීඩා ලොව භාරගැනීමට සිටින නවකයන්ට මනා පිටු වහලක් වේ යයි අපි විශ්වාස කරනවා.

ඉතින් අද අපත් සමග එකතු වන්නේ හෙල්ල විසි කිරීමේ ජාතික ශුර සුමේධ රණසිංහ

Read More