චැම්ප් කෙනෙක් එක්ක චැට් එකක්
ලංකාවේ පුංචි උසේන් බෝල්ට්
February 8, 2021

තාම වයස අවුරුදු 16යි. 2019 වසරේ සමස්තලංකා මීටර් 100, 200, 400 ඉසව් 3නේම ප්‍රථම ස්ථානය ඒ විතරක් නෙමෙයි මීටර් 200, 400 ඉසව්වල නව තරඟ වාර්තා පිහිටවීමටත් සමත් වූ ලංකාවේ පුංචි උසේන් බෝල්ට්, කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ රවිඳු සිතුම් ජයසුන්දර.

රවිඳු සිතුම් ජයසුන්දර ක්‍රීඩකයා ක්‍රිස්බ්‍රෝ සහ ජාතික ඔලිම්පික් කමිටුව එක්ව දියත් කරන Next Olympic Hope වැඩසටහනට සුදුසුකම් ලැබූ ක්‍රීඩකයෙකු වන අතර ඔහු මීළඟ ඔලිම්පික් පදක්කමක ශ්‍රී ලංකා බලාපොරොත්තුවකි, රවිඳු , ඔබට අපේ උණුසුම් සුභ පැතුම්.

Read More
වැඩිම ඔලිම්පික් MQS අගය ලබාගත් අපේ වෙඩික්කාරිය. Amandika Amarasigha
February 5, 2021

වයස අවුරුදු 19යි, 2019 ජාතික විවෘත 10m Air Rifle තරඟාවලියේ රන් පදක්කමත් එම තරඟාවලියේම කනිෂ්ට අංශයේ රන් පදක්කමත් දිනාගත්ත.10m Air Rifle කනිෂ්ට අංශයේ ජාතික වාර්තාවටත් හිමිකම් කියන, දකුණු ආසියානු ලෝකඩ පදක්කමත් දිනාගත්ත. ලංකාව නියෝජනය කරමින් වැඩිම ඔලිම්පික් MQS ( Minimum Qualification Score ) අගය ලබාගත් අපේ වෙඩික්කාරිය. අමන්දිකා අමරසිංහ ( Amandika Amarasigha ).

අමන්දිකා අමරසිංහ ක්‍රීඩිකාව , ක්‍රිස්බ්‍රෝ සහ ජාතික ඔලිම්පික් කමිටුව එක්ව දියත් කරන Next Olympic Hope වැඩසටහනට සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවක් වන අතර ඇය මීළඟ ඔලිම්පික් පදක්කමක ශ්‍රී ලංකා බලාපොරොත්තුවකි, අමන්දිකා, ඔබට අපේ උණුසුම් සුභ පැතුම්.

Visit Her Profile : https://www.nextolympichope.com/ath…/amandhika-amarasinghe

Read More
ටයිකොන්ඩෝ දක්ෂයන් බිහිකරන අසහය පුහුණුකරු
November 17, 2020

බොහෝ වෙලාවක ක්‍රීඩා කරලියේ පදක්කම් දිනන්නේ ක්‍රීඩකයින් පමණයි නමුත් මේ ක්‍රීඩකයින්ට බොහෝ සෙයින් දායකත්වය ලබාදෙන ඔවුන්ගේ මේ පදක්කම් පිටුපස්සේ ඉන්න ලොකු පිරිසක් ඉන්නවා ඒ අතරිනුත් ප්‍රධානම භුමිකාවක් නියෝජනය කරන පිරිසක් සිටිනවා ඔවුන් සම්බන්ධයෙන් අවධානය යොමුවෙනවා ඉතාමත් අඩුයි ඒ නිසා අපි තීරණය කළා එවැනි පුද්ගලයින්ට අපේ වැඩසටහනෙන් අවස්ථාව ලබාදෙන්න. අද දවසේ අපි කතා කරන්න යන්නේ එවැනි පුද්ගලයෙක් ගැනයි.පහුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ටයිකොන්ඩෝ ඉසව් වලින් ශ්‍රී ලංකාව ඉතිහාසයේ පළමුවෙනි වතාවට රන් පදක්කම් 4ක් දිනාගැනීමට සමත් උනා මෙය පැහැදිලිවන විශාල ප්‍රගතියක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

මෙයට දායකත්වය දක්වපු ඒ පුහුණුකරුවා කවුදැයි ඔබ දන්නවද? අද අපි කතා කරන්න යන්නේ ඔහුත් සමගයි ලංකාවේ ප්‍රමුඛ පෙලේ පාසල් ගණනාවක ප්‍රධාන ටයිකොන්ඩෝ පුහුණුකරු ලෙස කටයුතු කරන ඔහු මේ ජයග්‍රාහී ගමන් මගේ මුහුණ දුන් අභියෝග හා ජයග්‍රහණ පිළිබඳවත් ඔහුගේ අනාගත බලාපොරොත්තු මොනවාද යන්නත් අපි මෙලෙස විමසා බලමු

Read More
පාසල් තරගයේදී මගේ අයියව මම පරාජය කළා එයාගේ ක්‍රීඩා ජිවිතයෙන් එයා එදාම සමුගත්තා
June 29, 2020

නිශාන් අපි මුලින්ම ඔබගේ ක්‍රීඩාවට අත්පොත් තැබුවේ කොහොමද කියන කාරණයත් සමග පටන්ගමු .

මම ක්‍රීඩකයකු විදියට ක්‍රීඩාවට අවතීර්ණ වන්නේඅනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ප්‍රදේශයේ මහාකනදරාව යන පාසලෙන්.

මුලින්ම මම වයස අවුරුදු 11න් පහල දී 75මී ධාවන තරගයට සහභාගී වෙලා ජයග්‍රහණය ලබනවා. ඉන් පසුව කෙමෙන් කෙමෙන් දුර ධාවනයට යොමු වනවා. වයස අවුරුදු 17න් පහල දී උතුරු මැද පලාත් තරගය 1500මී ඉසව්වෙන් ජයග්‍රහණය කරනවා.

ක්‍රීඩාවේ දිගු ගමන මන් ආරම්භ කරන්නෙ පොලිස් විශේෂ කාර්යය බලකායට සම්බන්ධ විමත් සමගයි.

පාසල් වියේදී එනම් 2007 වසරේදී ජාතික මහා ක්‍රීඩා උලෙළේ මැරතන් ධාවන තරගයේ ශූරතාව ලබා ගන්නවා.

ඔබට මෙම ක්‍රීඩා හැකියාව ලැබෙන්නේ පියාගේ ක්‍රීඩා ආභාශයත් සමග. ඔබගේ පියත් ජාතික මට්ටමේ ක්‍රීඩා ශූරයෙක්. ඒ පිළිබඳව මතක් කලොත් යමක්

මට කලින් මගේ සහෝදරී වගේම සහෝදරයත් ක්‍රීඩාවේ නිරත වනවා වගේම ජයග්‍රහණ ලබා ගන්නවා. අපේ නිවසේ සිට ගේට්ටුව ලගට 75මී ක ධාවන පථයක් තාත්තා හදලා තිබුණා. තාත්තා ඒකේ අයියා අක්කාව දුවවනවා. එත්නින් තමා මමත් මෙම ක්‍රීඩාවට ආසා කරන්නෙ.

මෙම ක්‍රීඩාව තුල මට අමතක නොවන සිදුවීමක් තියෙනවා මගේ සහෝදරයත් සමග. ඒ පාසලේ ආදි ශිෂ්‍ය සංගමේ ක්‍රීඩා උළෙලේ දී  අයියටයි මටයි එකම වයස් කාණ්ඩයෙන් 200×4 මී සහය දිවීමේ ඉසව්වට එකම ස්ථානයේ batton දෙක අරන දුවන්න යෙදෙනවා. එදින මන් අයියාව පරාජය කරනවා. ඒ අවස්ථාවෙන් පසුව අයියා ක්‍රීඩාවෙන් සමු ගන්නවා.

ඔබ මුලින්ම ජයග්‍රහණ ලබා ගන්නේ දුර ධාවන තරග ඉසව් වලින්. නමුත් පොලිස් විශේෂ කාර්යය බලකායට බැදීමත් සමග ඔබ මැදි දුර ධාවන තරග වලට යොමු වන්වා. එයට හේතුව කුමක්ද ?

මුල්ම අවධියේදී පියාගේ උපදෙස් අනුව දුර ධාවන තරග වල නිරත වන්නේ. පොලිස් විශේෂ කාර්යය බලකායට සම්බන්ධ වූවාට පසු මගේ ක්‍රීඩා ඉරියව්ව මගේ ක්‍රීඩා රිද්මය අනුව මට සුදුසු වන්නේ මැදි දුර ධාවන තරග කියන දේ මාගේ පුහුණුකරු ලෙස කටයුතු කරපු පොලිස් සැරයන් තුෂාර මහතා තීරණය කරනවා. ඒ අනුව මම 400මී හා 400මී කඩුලු පැණීම යන ඉසව් වලට යොමු වනවා.

ඔබගේ ක්‍රීඩා දිවියේ අවසාන බලාපොරොත්තුව කුමක්ද ?

මං හිතන්නේ ඕනෑම ක්‍රීඩාවක නිරත වන ඕනෑම ක්‍රීඩකයකුගේ බලාපොරොත්තුව ලෝක මට්ටමේ තරගාවලියකට සම්බන්ධ වීම. ආසියානු මට්ටමින් නොනැනවතී ඔලිම්පික් දක්වා යාම තමා බලාපොරොත්තුව.

එලෙසම මම දෙසැම්බර් මාසයේ පැවත්වෙන ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබලා තිබෙනවා. 2020දී කැනඩාවේ දී පැවැත්වෙන ලෝක ප්‍රවීණයන්ගේ තරගාවලියෙන් ජයග්‍රහණය ලබා ගැනීම තමා බලාපොරොත්තුව.

තවත් මගේ බලාපොරොත්තුව වශයෙන් තිබෙන කාරණයක් තමා මගෙන් පසු ක්‍රීඩ්කයකු බිහි කරන එක. මන් උගත් දේ නවකයින්ට ලබා දෙන එක..

ඔබට ක්‍රීඩාවෙන් මෙපමණ දුරක් එන්න. සහයෝගය දක්වපු අය මතක් කරමු අවසාන වශයෙන්..
මම පොලිස් විශේෂ කාර්යය බලකායට සම්බන්ධ වන්නේ 2007දී. එතැන් පටන් මේ දක්වා පොලිස් විශේෂ කාර්යය බලකාය මේ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ දක්වා මාව යොමු කරන්නේ.  ඉතින් මන් ස්තූතිවන්ත වනවා දැනට අපගේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියේජ්‍ය පොලිස්පති ලතීෂ් මහතාට. එලෙසම කටකුරුන්ද පුහුණු පාසලේ අධ්‍යක්ෂතුමා ඇතුලු කාර්ය මණ්ඩලයටත්,මාගේ ආදරණීය බිරිඳ ,මාගේ දෙමාපියන් හා මාගේ බිරිඳගේ දෙමාපියන් යන සියලු දෙනා මා සමග මේ දක්වා උදව් කරපු අයයි. මාගේ ස්තූතිය ඔවුන්ට මේ අවස්ථාවේ පුද කරන්න කැමතියි.

Read More
ක්‍රීඩාවෙන් බැසගිය අපේ ක්‍රීඩා තාරකාවිය.
March 23, 2020

ජීවිතේ ඇතම් තීන්දු තීරණ වලට අපට එරෙහි විය නොහැකි අවස්ථා තිබෙනවා. එවැනි හේතුවක් නිසා ලංකාවට අහිමි වූ ක්‍රීඩිකාව, ඇය සමන්මලී කොටදෙණිය. 

ඔබ ක්‍රීඩාවට අවතීර්ණය කෙසේද ?
අපේ කාල වල පැවතුනේ දිස්ත්‍රික්ක මට්ටමේ තරගාවලි. එහිදී වයස අවුරුදු 11න් පහළ දුර පැනීමේ ඉසව්වෙන් මම පලමු ස්ථානය ලබා ගැනීමත් සමග තමා ක්‍රීඩාවට අවතීර්ණය වුණේ.

බොහෝ ක්‍රීඩකයින්ගේ දක්ශතාවය හදුනා ගන්නේ ඔවුන්ගේ පුහුණුකරු විසින්. පුහුණුවීම් කරලා තමා ඔවුන් ක්‍රීඩාව ප්‍රගුණ  කරන්නේ.එලෙසම තවත් ක්‍රීඩකයින් පිරිසක් ඉන්නවා උපතින්ම ජාන මට්ටමින් හැකියාව පිහිටලා තියෙන අය. ඔබ මේ අතරින් කොහොම කෙනෙක් ද?

මම හිතන්නේ මට මේ හැකියාව ලැබෙන්නේ මගේ මවගෙන්. මගේ මව මලල ක්‍රිඩාව තුල නිරත නොවුනත් ඇය දක්ශ දැල්පන්දු ක්‍රීඩිකාවක්.ඇය තමා මාව ක්‍රීඩාවට  යොමු කලේ සහ මාව ක්‍රීඩා අමාත්‍යාංශයට රැගෙන ගොස් මාව දිරිගැන්වුයේ මුලින්ම අම්මා.

ඔබගේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරේ කව්ද ?

මගේ මුල්ම පුහුණුකරු වුණේ යෝගානන්ද සර්.  ඔහුගෙන් පසු මගේ පුහුණුකරු ලෙස එස්.එම්. ජී බණ්ඩාර සර්.  බණ්ඩාර සර් මට විශාල සයෝගයක් ලබා දුන්නා වගේම මාව යම් තත්වෙකට ගෙනාවේ බණ්ඩාර සර්.

ඉන් පසුව මම මර්වින් පෙරේරා සර් ලග පුහුණුවීම් වලට යොමු වෙනවා. ඔහු සමග පුහුණුව ලබ කාලයේ තමා මම සාක් ක්‍රීඩා උළෙලට සහභාගි වන්නේ.

පාසල් වයසේදීම ඔබ දකුණු ආසියානු තරගාවලියට දායක වනවා. මේ පිලිබඳ මතකය අවදි කලොත්?

ඔව් 1989 පකිස්ථානයේ ඉස්ලාම්බාද් නුවර තමා තරගාවලිය පැවැත්වුණේ. එහිදී සහය දිවිමේ ඉසව්වෙන් රිදී පදක්කම ලංකාවට ගෙනාව අපි.  මෙය තමා මගේ පළමු ජාත්‍යන්තර අත්දැකීම. එවිට මට වයස අවුරුදු 18යි. මා සමග සහය දිවීමේ ඉසව්ව නියෝජනය කරේ ජයනි නිලේපෙරුම, නිල්මා පීටර්සන් සහ ඉනේකා කුරේ.

ඔබතුමිය 100මී ඉසව්වෙන් පාසල් කාලයේදීම 12.1වැනි ඉතා හොද කාලයක් වාර්තා කරනවා. මෙවැනි මට්ටමක සිටියදී වයස අවුරුදු 19න් ක්‍රීඩාවට සමුදීම පිළිබඳව දැනෙන්නේ කොහොමද ?

එය විශාල අපරාදයක් කියලා දැනෙනවා. හිතෙනවා සහ අදටත් මම පසුතැවෙනවා ඒ තීරණය පිළිබඳව. නමුත් මගේ දෙමාපියන්ට විරුද්ධ වීමට තරම් ශක්තියක් මට තිබ්බේ නෑ. උසස්පෙළ කරන්න අවශ්‍ය නෑ මට මගේ ක්‍රීඩාවෙන් ඉස්සරහට යන්න ඕනි කියලා කියන්න
මට ශක්තිය තිබ්බේ නෑ. ඉතින් ඔවුන් දැන් ඇති කිව්වාම මම නතර වුණා.

මගේ පුහුණුකරු වන මර්වින් සර්ගේ බිරිඳ මට මුණගැසෙනවා. ඇය අදටත් පවසන්නේ මම ක්‍රීඩාව තුල සිටියා නම් මම තමා අද සුසන්තිකා වෙන්නේ කියන එක. මගෙන් පසුව තමා සුසන්තිකා ඔහු ලග පුහුණුවට පැමිණෙන්නේ.

බොහෝ දුරට දෙමාපියන් දරන මතය වන්නේ ක්‍රීඩාව  හා අධ්‍යාපනය දරුවන්ට සමබරව පවත්වාගෙන යා නොහැකියි කියන එක. ඒ හේතුව නිසා දෙමාපියන් දරුවන්ව ක්‍රීඩාවට යොමු කරන් නෑ. මේ දෙමාපියන්ට ඔබ දෙන පණිවිඩය මොකක්ද ?

ඔබ හරි . ගොඩක් දෙමාපියන් මූලිකත්වය දෙන්නේ අධ්‍යාපනයට. දරුවෙක් ක්‍රීඩාවට යොමු කරත් සාමාන්‍ය පෙළින් පසුව දරුවාව ක්‍රීඩාවෙන් ඉවත් කර ගන්නවා. ඒක බොහොම වැරදි. දරුවෙක් අංග සම්පූර්ණව වැඩෙන්න නම් ක්‍රීඩාව අත්‍යාවශ්‍යයි. ඒ පැතිකඩ වර්ධනය
කල යුතුයි. එයයි විය යුතු දේ.

අවසාන වශයෙන් ලංකාවේ අද ක්‍රීඩාව තිබෙන තත්වය පිළිබඳව ඔබගේ මතය කුමක්ද ?

ලංකාව තුල ඉන්නවා දක්ශ ක්‍රීඩකයින්. නමුත් ඔවුන්ට නිසි මග පෙන්වීමක් නෑ, ඔවුන්ට සහය වෙන්න,ඔවුන්ව ඉදිරියට යොමු කරන්න නිසි පුද්ගලයෙක් නෑ . එයයි ප්‍රධාන හේතුව අද ලංකාව තුල ක්‍රීඩාව මේ තත්වයේ පවතින්න .

ඒ වගේම අපේ ලංකාවේ ක්‍රිකට් වලට ලැබෙන සහයෝගය මලල ක්‍රීඩාවට ලැබෙන් නෑ. අපේ කාලයේ බොහෝ ක්‍රීඩකයින් බිහිවුණේ කොළඹ ආශ්‍රිතව  නමුත් දැන් ක්‍රීඩකයින් බිහිවන්නේ ගමෙන්. ඔවුන්ට අපට වඩා විශාල ශක්තියක් සහයෝගයක් ලැබිය යුතුයි. එවිට ලංකාවේ ක්‍රීඩාවේ තත්වය මෙයිට වඩා හොද වෙයි.

Read More