මේ Crysbro Nextchamp ශිෂ්‍යත්ව වැඩසටහන තම පදක්කම් අස්වනු නෙලන කාලයයි, එමෙන්ම අද දිනය Crysbro Nextchamp ක්‍රීඩා වැඩසටහනට මූලිකත්වය ගත් Crysbro ආයතනය හා ජාතික ඔලිම්පික් කමිටුවටත් අමතක නොවන දිනයක්, ඒ වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක කරමින් යන Crysbro Nextchamp ශිෂ්‍යත්ව වැඩසටහනේ ශිෂ්යත්වලාබිනියක් වන අපේ නෙත්මි අහිංසා, ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ එදා මෙදා තුර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලෙකදී ලබාගත් පළමු පදක්කම අප මව් බිම වෙනුවෙන් හිමිකර දීමට මීට සුළු මොහොතකට පෙර වීම නිසා.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මල්ලවපොර කාන්තා 57kg බර පන්තිය යටතේ තරග වැදුණු නෙත්මි අහින්සා තම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට මීට මොහොතකට පෙර සමත්වුණා. ඒ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවති තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Irene SYMEONIDIS පරාජයට පත්කරමින්. නෙත්මි හමුවේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාව ලකුණු 10-0ලෙස පරාජයට පත්වුණා.

18හැවිරිදි නෙත්මි අහින්සා දිනාගත් ලෝකඩ පදක්කම මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව දිනාගත් සිව්වන පදක්කමයි. පහුගිය කාලය පුරාවටම නෙත්මි හංගේරියාවේ තම පුහුණුකරු වන සුරංග මහතා හා අනෙකුත් ක්‍රීඩිකාවන් සමඟින් පුහුණුවීම් කටයුතු වල නිරත වුණා. අප මේ අත්විඳින්නේ ඔවුන් කරන ලද ඒ කැපවීමේ ප්‍රතිපලයි. මේ ජයග්‍රණය පිටුපස සිටින ඇයගේ පුහුණුකරු ඇතුළු සියලුදෙනාට සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අපගේ ස්තුතිය මෙලෙස පුදකරමු.
Subscribe
0 Comments
Categories
Latest Posts
NOC SRI LANKA – CRYSBRO NEXT CHAMP” initiates Phase II
August 25, 2023
නාලන්දාවේ සුසාල්ගෙන් චෙස් වාර්තාවක්
October 10, 2022
එක රැයකින් මුළු රටක්ම ආදරයයෙන් වැළඳගත් ලොවක් දිනූ නමක් “නෙත්මි අහිංසා”
September 7, 2022