තවත් කෙනෙක්ගේ හීනයක් තමන්ගේ හීනයක් කරගෙන ඒ වෙනුවෙන් කැපවෙන්න හැමෝටම බැහැ නමුත් අපේ ජීවිතේ එවැනි චරිත කිහිපයක්ම අපට හමුවෙනවා ඒ එක චරිතයක් තමයි අපේ ආදරනීය ගුරුවරුන්. තම ශිෂ්‍යන්ගේ හීන තමන්ගේ හීන කරගෙන ඒ වෙනුවෙන් කැපවෙන ආදර්ශමත් ගුරුවරයෙක් එහෙමත් නැත්තම් ක්‍රීඩා පුහුණුකරුවෙකු අපට මුණගැහුණා ඒ තමයි මාතර කඹුරුපිටිය ක්‍රීඩා නිලධාරියෙකු වශයෙන් සහ බොක්සිං පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කරන ප්‍රදීප් ජයසිංහ මහතා.
ඔහු යටතේ පුහුණුවීම් ලබන නෙත්මි නිම්තෙරා ක්‍රීඩිකාව Next Olympic Hope වැඩසටහනට සුදුසුකම් ලැබූ ඉතාමත් දක්ෂ ක්‍රීඩිකාවක් වන අතර ඇයගේ පුහුණුවීම් කෙරෙහි ප්‍රදීප් ජයසිංහ මහතා කරන කැප කිරීම අපි මෙසේ අගයන අතර මීළඟ ඔලිම්පික් පදක්කමේ හිමිකාරිය හෝ හිමිකරු බිහි කිරීමට ඔබට හැකියාව ලැබේවායි සුවහසක් ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් අපි ප්‍රර්ථනා කරන්නෙමු.
Subscribe
0 Comments
Categories
Latest Posts
NOC SRI LANKA – CRYSBRO NEXT CHAMP” initiates Phase II
August 25, 2023
නාලන්දාවේ සුසාල්ගෙන් චෙස් වාර්තාවක්
October 10, 2022
එක රැයකින් මුළු රටක්ම ආදරයයෙන් වැළඳගත් ලොවක් දිනූ නමක් “නෙත්මි අහිංසා”
September 7, 2022