‘NOCSL- Crysbro Next Champ’ වෙතින් ක්‍රීඩා ශිෂ්‍යත්ව

ක්‍රිස්බ්‍රෝ ජාතික ඔලිම්පික් කමිටුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙමින් දියත් කරනු ලැබූ “NOCSL- Crysbro Next Champ” ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ තෝරා ගනු ලැබූ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උළෙල පසුගියදා ශ්‍රී ලංකා ඔලිම්පික් නිවහනේදී පැවැත්වීය. ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේශ් සුබ්‍රමනියම්, මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා සහ ක්‍රිස්බ්‍රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර අමෝරේස් සෙලර් යන අය ප්‍රධාන ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට සහභාගී වූහ. ක්‍රිස්බ්‍රෝ සමාගම සහ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව මගින් දීපව්‍යාප්තව ක්‍රීඩාවෙන් දක්ෂතා දක්වන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකු තෝරා ගනිමින් ඔවුන් ජාත්‍යන්තර පදක්කමක් මට්ටම තෙක් ඔසවා තැබීම මෙම මාහැඟි ජාතික වැඩසටහනේ අරමුණ වී ඇත.

ක්‍රිස්බ්‍රෝ සමාගමේ 50 වැනි වසරට සමගාමීව දියත් කළ මෙම ජාතික වැඩපිළිවෙළ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව සමඟ එක් වෙමින් දීපව්‍යාප්තව සිටින දක්ෂතා සහිත පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර පදක්කමක් හිමිකර ගන්නා තෙක් ඔවුන්ව රැකබලා ගන්නා මෙරට ක්‍රියාත්මක දැවැන්තම ශිෂ්‍යත්ව වැඩසටහන ලෙස හැඳින්විය හැකිය.

Source : silumina

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x