CRYSBRO Next Champ යනු කුමක්ද ?
CRYSBRO Next Champ ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ අනාගතය සරුකරලීමට ක්‍රිස්බ්‍රෝ ආයතනයේ සංකල්පයකට අනුව ආරම්භ වන්නකි. එදා මෙදා තුර ලංකාවේ විවිධ ක්‍රීඩා ඉසව් ඔස්සේ ජයග්‍රහණ ජාත්‍යන්තරව ලබා තිබුණද  ඔලිම්පික් මට්ටමෙන් තවමත්  ලබාගෙන ඇත්තේ  පදක්කම් දෙකක් පමණි. ලංකාව පුරාම මහා සමුදුරය,   ගංගා  ඇල දොළ  සැම තැනය  නමුත්  ඔලිම්පික් ජයග්‍රහණ  ලැබීමට  පිහිනුම්  ක්‍රීඩකයෙකු බිහිකිරීමට  තවමත්  අසමත් වී තිබේ. ලංකාවේ  ආදී  වාසීන්  දුණු  ඊතල වලින්  විදීමට  හැකි වුවත් ජානමය  වශයෙන් ඔවුනට  එම හැකියාව ලැබී තිබුනත්, ඔලිම්පික්  තරගයකට  අවසන් වටයට  හෝ ලංකාවෙන්  දුන්නෙන්  විදීමේ ක්‍රීඩකයෙක්  යැවීමට  නොහැකි වීම කාගේ වරදද?.   දූගී  අප්‍රිකානු  රටවල්   දිගුදුර මැරතන්  ඔලිම්පික්  පදක්කම් නිරන්තරයෙන්  ලැබුවද  ලංකාවෙන්  අවසන්  20 දෙනා  අතරට  යැවීමටවත් තවමත් හැකියාවක්  ලැබී නැත.  සුසන්තිකා  ජයසිංහ  ගෙන්  පසුව කෝ අපට  නව  පදක්කම්  ජය  ගත  හැකි  ක්‍රීඩකයන්. වරද  රජයේ  පමණක්ද  ක්‍රීඩාවන් වලට අනුග්‍රහය දැක්විය හැකි ලංකාවේ ආයතන කොපමණ තිබේද  නමුත් ඒ අතරින් ශ්‍රී ලාංකීය හැගීම පෙරදැරිව  තමන්ගේ  ලාභය  රට  වෙනුවෙන් ආයෝජනය  කරන ආයතන ඇත්තේ අතලොස්සකි  ඒ අතරිනුත්  බොහොමයක් ආයතන  තම ආයෝජනය  ඔස්සේ බලාපොරොත්තු  වන්නේ  ක්‍රිකට්, රගර් වැනි ක්‍රීඩා ප්‍රධාන ධාරාවේ  ක්‍රීඩා සදහා පමණි. නමුත්  ක්‍රිස්බ්‍රෝ සාමාගම  තම  ශ්‍රී ලාංකීය බව සැමට පසක් කරමින්  මතු බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් රටට හදුන්වා දීම උදෙසා Crysbro Next Champ වැඩසටහන  රටට හදුන්වා  දී ඇත. 
මෙය හුදෙක් රුපවාහිනී  වැඩසටහනක්  පමණක් නොව මහා යාන්ත්‍රණයකි. ක්‍රීඩක ක්‍රීඩිකාවන්  රටට හදුන්වා  දීම   ප්‍රවීණ  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ  දැනුම  නව පරපුර වෙත  ගෙනයාම,  ක්‍රීඩක  ක්‍රීඩිකාවන්ගේ ශාරීරික  හා  පෝෂණ දැනුම ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ  සාර්ථකත්වයන්ට  හේතු  වූ  ජීවන තොරතුරු,  නව ක්‍රීඩා දැනුම, රටපුරා සිදුවන ක්‍රීඩා තරග පිළිබද පුවත්, සති අන්තයේ ජාතික රුපවාහිනියේ චැනල් අයි  නාලිකාවෙන්  සෑම සෙනසුරාදා දිනකම  රාත්‍රී 9:30 ට Crysbro Next Champ නමින් වැඩසටහනක්  විකාශය වන අතර  වාර්ෂිකව  Crysbro Next Champ  සම්මාන  උළෙල  නමින්  සම්මාන  උළෙලක්ද සංව්‍ධනාය කොට ඇත.  උදාහරණ ලෙස Men’s 100 M Next Champ of the year සම්මානය / 400 Meters  කාන්තා Next Champ  of the year සම්මානය / High jump Men Next Champ of the year සම්මානය / Javelin throw Woman Next Champ  of the year  සම්මානය / Best Batsman Next Champ of the year සම්මානය ආදී වශයෙන් සම්නමාන 30 කට වඩා ප්‍රධානය කිරීමට ඇත. අති උත්කර්ෂවත් අයුරින් පවත්වා සම්මාන ලබා දීමට අමතරව  Crysbro Next Champ  FaceBook  පිටුව හරහා ආර්ථික ප්‍රශ්න හෝ උදව් ලබාදිය යුතු මට්ටමේ සිටින ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට  ජනතා සහයෝගයෙන් මුල්‍යමය  හෝ  ක්‍රීඩා භාන්ඩමය උපකාර  ලබාදීමත්  සිදුවේ. අනාගත ක්‍රීඩා  පරපුරේ ශක්තිය බවට  Crysbro Next Champ පත්  වීම වැඩි ඈතක නොවන බව කිව යුතුය.
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x