කවියෙක් නිසා ලෝක කෙළිබිම ජයගත් මාරියා මුටෝලා – Maria Mutola

ලෝකයේ විවිද කාල වල ක්‍රීඩා ලෝකයේ විවිද ඉසව්වලින් ක්‍රීඩකයින් බිහි වුනා නමුත් මේ ක්‍රීඩකයන්ගේ විශේෂත්වය වන්නේ තමන්ගේ ක්‍රීඩාවෙන් සමුගත්තත් තවමත් මෙම ක්‍රීඩකයන්ගේ නම් ක්‍රීඩා ලෝකයේ කතාබස් කිරීමයි. අද අපි කතා කිරීමට සුදානම් එලෙස තම නම රදවා විශ්‍රාම ගිය මදි දුර ක්ෂේස්ත්‍රයේ ක්‍රීඩිකාවක් පිළිබඳව ඔබ හමුවේ සටහන් කිරීමටයි.

මොසැම්බික් රාජ්‍යයේ කුඩා නගරයක 1972 වසරේ උපන් දැරියක් අසාමාන්‍ය ජවයකින් යුක්ත වුණා ඇය ක්‍රීඩාවට ඇලුම් කල අතර ක්‍රීඩා ඉසව් කිහිපයකටම යොමු වී සිටියා.එහෙත් ඉන් ඇය වඩාත්ම ප්‍රියකලේ පාපන්දු ක්‍රීඩවටයි නමුත් පාපන්දු කාන්තාවන් අතර එතරම් ප්‍රචලිත නොවූ බැවින් ඇයට ක්‍රීඩා කිරීමට සිදු වුයේ පිරිමි ළමුන් සමඟයි.ඔවුන් හා උරෙන් උර ගැටෙමින් ඔවුන්ගේ වේගයටම දිව යමින් ඇය ක්‍රීඩා කළා.

එහි ප්‍රතිපලයක් වශයෙන් ඇයගේ වේගය දරාගැනීමේ හැකියාව වැනි ගුණාංග වඩාත් වැඩි දියුණු වුණා.මොසැම්බික් හී වාසය කල කවියෙකු ඇයව දුටුවේ ඇයට යන්තම් අවුරුදු 15ක් පමණ වන විටයි. මෙම කවියා 1980 වසරේ ඔලිම්පික් උළෙලට සහභාගී වූ තමාගේ පුත්‍රයාට ඇයව හඳුන්වා දුන්නා. මරියා මුටෝලා නම් මේ අග්‍රගන්‍ය ක්‍රීඩිකාව බිහිවීම ඇරබෙන්නේ එතැනිනි 1993 වසරේදී ඇය තමන්ගේ පළමු ලෝක ශුරතා රන් පදක්කම දිනුවා 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් තරඟයේදී ඇය ඇගේ ඔලිම්පික් රන් සිහිනය සපුරා ගත්තා ඊට අමතරව ඇය 2001 සහ 2003 යන ලෝක ශුරතා රන් පදක්කම් දෙකම ජයග්‍රහණය කළා මාරියා මුටෝලා අදටත් සැලකෙන්නේ ලොව බිහිවූ මීටර් 800 ක්‍රීඩිකාවක ලෙසයි .

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x