ක්රීඩා පිටියේ ඇතැම් අවස්ථාවල අපිට නොහික්මුණු ක්රීඩකයෝ හම්බවෙනවා, නිතරම අඩ දබර කරගන්න කිසිම ඉවසීමක් නැති ක්රීඩකයෝ, නමුත් අපි නොකළ යුතු කරුණක් වන්නේ අඩ දබර කරගන්න වගේම ඔවුන් ක්රීඩාවටද එකසේ දක්ෂයි. අද අපි කතා කරන්න යන්නේ එවැනි ක්රීඩකයෙක් ගැන මේ පකිස්ථාන ක්රිකට් ක්රීඩකයෙක් .
දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පකිස්ථාන ක්රිකට් ලෝලී පව්ලක් වාසය කලා, අයියා මලෝ නිතර ක්රිකට් ක්රීඩාවේ නිරත වුවත් වඩා දක්ෂතා පෙන්වුයේ බාලයයි. වේගයෙන් පන්දුවට පහර දුන් මේ දරුවා තරමක් අවේගශීලි අයෙක්ද වුණා.
1970 වසර වන විට 13 වන වියේ පසු වූ මේ දරුවා පකිස්ථානයේ ක්රිකට් නායක අබ්දුල් කාදර්ගේ නෙත ගැටෙනවා ඔහුගේ පිතිකරණය දුටු පළමු වතාවේම කාදර් එහි විශේෂත්වයක් දුටුවා ඒ සමගම ඔහු මේ ක්රීඩකයා පකිස්ථානයේ දශකයේ සොයාගැනීම වනු ඇතැයි ප්රකාශයක්ද නිකුත් කළා.
ඒ ප්රකාශයට සාධාරණයක් කරමින් වයස අවුරුදු 19දී මේ තරුව පකිස්ථානයේ ජාතික කණ්ඩායමට එක් කරන ලද මෙම ක්රීඩකයා තමන්ගේ පළමු ඉනිමේදීම ලකුණු 165ක් ලබාගන්නවා. පිටිය තුල කොතරම් අඩ දබර කරගනු ලැබුවත් ජාවෙඩ් මියැන්ඩාඩ් නමැති මෙම ක්රීඩකයා ක්රිකට් පිටියේ විශිෂ්ට ක්රීඩකයෙකු ලෙස හඳුන්වනු ලබනවා.