අනාගතේ බිහිවන ක්රීඩා තරු සොයා යන ගමනක් තමයි ක්රිස්බ්රෝ නෙක්ස්ට් චෑම්ප් වැඩසටහන කියන්නේ.
අද අපි කතා කරන්නේ මලල ක්රීඩාවට තවත් ආයෝජනයක් ගැනයි. ඔහු නමින් දිනේශ් දිල්ශාන් ප්රනාන්දු. මොහු අපට හමුවන්නේ හලාවතින්..
දිනේෂ් ඔබ ගැන කෙටි හැදින්වීමක් කලොත්,
මගේ නම දිනේෂ් දිල්ශාන් ප්රනාන්දු
ඔබ ඉගෙන ගන්නා පාසල වන්නේ
මම ඉගෙනුම ලබන්නේ හලාවත ශාන්ත මරියා පිරිමි විදුහලේ.
ඔබ ක්රීඩා කරන ඉසව් ගැන සදහන් කලොත්
මගේ ක්රීඩා ඉසව්ව වන්නේ හෙල්ල විසිකිරීම.
ඔබ මෙම ක්රීඩා ඉසව්වෙන් ලබා ගත් ජයග්රහණයන් මොනාද?
දැනට මගේ වාර්තාවන් දෙකක් තිබෙනවා. ජෝන් ටාබට් මලල ක්රීඩා උළෙලේ 14න් පහළ 40.70 ලෙස හා 15න් පහළ 55.91 ලෙස. ඒ වගේම 2018 සමස්ථ ලංකා පාසල් ක්රීඩා තරගාවලියේ දී තුන්වන ස්ථානය ලබා ගත්තා. 2019 පලාත් තරග වලින් දෙවන ස්ථානය ලබා ගත්තා.
ඔබට මෙලෙස ජයග්රහණ කරා යාමට පාසලෙන් නිවසෙන් වගේම පුහුණුකරුගෙන් විශාල සහයොගයක් ලැබෙනවා ඇති.
ඒ පිලිබඳ යමක් සදහන් කලොත්,
ඔව් මට සියලු දෙනාගෙන්ම විශාල සහයෝගයක් ලැබෙනවා. අම්මා තාත්තාට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. ඒ වගේම පාසලේ විදුහල්පතිතුමා ඇතුලු සියලු ගුරු මණ්ඩලයෙනුත් විශාල සහයෝගයක් ලැබෙනවා මගේ පුහුණුකරු තමා සුපුන් සර්. සර් විශාල කැපකිරීමක් කරනවා මගේ ක්රීඩාව වෙනුවෙන්.
ඔබගේ අනාගත බලාපොරොත්තුව කුමක්ද?
ලංකා මාතාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් ගේන්න තමා ලොකුම බලාපොරොත්තුව.