රත්නපුර පුංචි සටන්කාමියා තරින්ද

තරින්ද මන්දාර, මේ පුංචි සටන්කාමී ක්‍රීඩකයා රත්නපුර පැල්වාඩිය ප්‍රදේශයෙන් මව්බිමට දායාද වූ අගනා මිණි කැටයකි. තවමත් ලාබාල ක්‍රීඩකයෙකු වුවත් ඔහු ජාතික මට්ටමේ ක්‍රීඩකයන් සමඟ උරෙනුර ගැටෙමින් තම පුහුණුවීම් කටයුතු සිදු කරනු ලබයි. 2019 වසරේ පාසල් ටයිකොන්ඩෝ ශුරතාවලියේ හොඳම ක්‍රීඩකයා සම්මානය දිනාගත් තරින්ද එම වසරේදීම ‘Team sparring Korean Ambassador’s cup’ ශුරතාවයද දිනාගනු ලැබීය එමෙන්ම 2018 වසරේ තායිලන්තයේ පැවති 8වන Tirak International Taekwondo ශූරතාවයට සහ කොරියාවේ පැවති ලෝක ටයිකොන්ඩෝ යොවුන් කඳවුරටද සහභාගී වූ තරින්ද ඉන් ජාත්‍යන්තර අත්දැකීම් රැසක් තම ක්‍රීඩා දිවියට ලබාගන්නා ලදී. ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස තම අත්දැකීම් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ බෙදාගනිමින් තම වෘත්තීය අරම්භකිරීමට අදිටනින් පසුවන තරින්දගේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව මාතෘභූමිය ඔලිම්පික් රන් පදක්කමකින් වර්ණවත් කිරීමයි, ඒ සඳහා ඔහු තම උපරිම කැපවීමෙන් පුහුණුවීම් කටයුතුවල නිරතවන අතර Crysbro සහ ජාතික ඔලිම්පික් කමිටුව ඔහුට ශක්තියක් වීමට නිරතුරුව ඔහු හා සමඟ සිටින බව සතුටින් දැනුම් දෙමු.

එමෙන්ම තරින්ද යනු Crysbro සහ ජාතික ඔලිම්පික් කමිටුව එක්ව දියත් කරන Next Olympic Hope වැඩසටහනට සුදුසුකම් ලැබූ තවත් එක් ඔලිම්පික් බලාපොරොත්තුවකි. ඔහේගේ ඉදිරි ක්‍රීඩා ජයග්‍රහණයන් වෙනුවෙන් සුවහසක් ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් අපේ සුබ පැතුම් මෙලෙස එක් කරන්නෙමු.

profile : https://www.nextolympichope.com/athlete/tharinda-premakumara

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x