මීටර් 800 සහ 1500 ඉසව් දෙකෙන්ම නව තරග වාර්තා තියන්න පුළුවන් වුණා – ගිහාන් තෙන්නකෝන්

ඔබ අද කරන දේ ඔබගේ අනාගත ජයග්‍රහණයන් සදහා නිසැක වශයෙන්ම බලපානවා මෙය ක්‍රීඩාවේදීද එසේමයි එම නිසයි අපි අද දවසේ සිටින යොවුන් ක්‍රීඩකයින් ගැන කතා කරන්නේ මොකද ඔවුන් තමයි අනාගත ජයග්‍රහණ ලබාදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බවට පත්වෙන්නේ.අපි මේ සුදානම් වන්නේ එලෙස අනාගත ජයග්‍රහණ ලබාදිය හැකි ක්‍රීඩකයෙක් ඔබ වෙත ඉදිරිපත් කරන්නයි.

ඔබේ නම
මගේ නම තාරක ගිහාන් තෙන්නකෝන්

ඔබේ පාසැල
මම රණබිම රාජකීය විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ වාණිජ අංශයෙන් අධ්‍යාපනය හදාරනවා.

“අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩා ජිවිතයද ජයග්‍රහණය කරන්න ඔහුට ශක්තිය තියෙනවා” රණබිම රාජකීය විද්‍යාලයේ ගරු විදුහල්පති ඩී .යූ චන්ද්‍රකුමාර මහතා

පදිංචිව සිටින්නේ
මම ඉන්නේ මහකන්ද ප්‍රදේශයේ.

ඔබ ක්‍රීඩා කරන ඉසව් ගැන සදහන් කලොත්
මම මීටර් 800 සහ 1500 ඉසව් වලට සහභාගිවනවා.

“උදේ 6ට පුහුණුවීම් පටන් අරන් 7.30 වෙද්දී මොහුව පාසලට පිටත් කරනවා” – පුහුණුකරු එම්.ජී අනිල් මහතා

මෙතෙක් කල් ලබාගත්ත ජයග්‍රහණ ගැන කතා කලොත්
ජාතික කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේ 18න පහල මීටර් 2000 බාධක දිවීම තරගයෙන් දෙවන ස්ථානය ලබාගත්තා
ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේ 18න පහල මීටර් 2000 බාධක දිවීම තරගයෙන් දෙවන ස්ථානය ලබාගත්තා
2019 මධ්‍යම පළාත් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 ඉසව්ව විනාඩි1යි තප්පර 56.06 ක කාලයක් වාර්තා කරලා නව තරග වාර්තාවක් පිහිටෙව්වා
ඒ වගේම මීටර් 1500ය තරගයේත් විනාඩි 4යි තප්පර 13.03ක කාලයක් වාර්තා කරලා නව තරග වාර්තාවක් පිහිටෙව්වා

ඔබගේ පවුලේ විස්තර
මගේ අම්මා තාත්තා ඒ වගේම අක්කා කෙනෙක් ඉන්නවා ඔවුන් මට ගොඩක් උදව් කරනවා ඒ වගේම ඉස්කෝලේ යාලුවෝ, විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ අපේ ආදී ශිෂ්‍යයින්ගෙන් ගොඩක් උදව් ලැබෙනවා.

“මගේ දරුවා මේ තත්වෙට ගෙනාපු සේරම දෙනාට මගේ හෘදයාංගම ස්තූතිය පුද කරනවා”- මව චම්පා දර්ශනී පෙරේරා

මේ අවස්ථාව ගැන මොකද හිතෙන්නේ
මෙවර නෙක්ස්ට් චෑම්ප් විදියට තෝරා ගත්තට ක්‍රිස්බ්‍රෝ ආයතනයට බොහොම ස්තුතියි මගේ අනාගත බලාපොරොත්තුව මීටර් 800 ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ඔලිම්පික් රන් පදක්කමක් ලබාදීමයි.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x