මගේ රට වෙනුවෙන් කරන්න පුලූවන් උපරිමය කරන්වා – ඔමායා උද්‍යාංගනි

අවිවාදයෙන්ම ඇය ශ්‍රී ලංකාවේ අනාගත ඔලිම්පික් තරු පොකුරේ තාරකාවක් වන බව අපට විශ්වාසයි, ඇයගේ දක්ෂතා දැනටමත් එය සනාථ කර අවසන්, ක්‍රීඩාවට මෙන්ම ඉගෙනීමට එකසේ දක්ෂතා දක්වන ඇය ඔමායා උද්‍යාංගනි, මේ ඇය අප හා යෙදුන කෙටි පිලිසදරයි.

ඔබගේ නම
ඔමායා උද්‍යාංගනි

ඔබගේ පාසැල
වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය

ඔබ දක්ෂතා දක්වන ක්‍රීඩා ඉසව්ව වන්නේ
මලල ක්‍රීඩා

ඔබගේ ක්‍රීඩා ජිවිතයට පාසලෙන් ලැබෙන සහය පිලිබදව සදහනක් කලොත්
ලොකු සහයෝගයක් ලැබනවා, පුහුණුකරු වන කුලතුංග සර්ගෙන් වගේම ක්‍රීඩා අංශයේ ආචාර්ය මණ්ඩලයේන්ද හොද මගපෙන්විමක් ලැබනවා, එ වගේම විදුහල්පතිතුමියගේත් , පාසලේ ආචාර්ය මණ්ඩලයේත්,පාසලේ ආදි ශිෂ්‍ය සංගමයෙනුත් මගේ ක්‍රීඩා ජීවිතයට ලොකු සහයෝගයක් ලැබනවා.

පදිංචිව සිටින්නේ?
අම්පාර ප්‍රදේශයේ

ඔබගේ පවුල ගැන පොඩි විස්තරයක් කලොත්
තාත්තා,අම්මා,අක්කා,නංගි,මල්ලිලා දෙන්නයි,තාත්තා තමයි මාව ක්‍රීඩාවට යොමුකළේ,එයාගේ ආසාව හින්දයි ක්‍රීඩාව තෝර ගත්තේ ,අම්මගෙන් ලොකු ආශිර්වාදයක් ලැබනවා මගේ ක්‍රීඩා ගමනට,ඒ වගේම අක්කත් මං වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා,නංගි ,මල්ලිලා දෙන්නගෙනුත් මට සහයෝගය ලැබනවා

අද වෙනකොට ලබාගත්ත ජයග්‍රහණ ගැන සදහන් කලොත්
# 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ 2016 (ඉන්දියාව)
• 4*400m දෙවෙන ස්ථානය
• 400m තෙවන ස්ථානය

# 17 වන ආසියානු කණිෂ්ඨ ක්‍රීඩා උලෙළ 2016 (වියට්නාමය)
• 400m හයවන ස්ථානය

# දෙවෙන ආසියානු පාසල් ක්‍රීඩා උලෙළ 2015 (චීනය)
• 400m දෙවෙන ස්ථානය
• මිශ්‍ර සහය දිවිම දෙවෙන ස්ථානය
• කාන්තා කණ්ඩායම තෙවන ස්ථානය

# ජාතික කණිෂ්ඨ වාර්තාව 400m බාලිකා තත්පර 54.51(2015). (මේවන විට වාර්තාව අලුත් කර ඇත)

# සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළ 2015
• 400m නව තරග වාර්තාවක් පිහිටුවීම,

# ජොන් ටාර්බට් ක්‍රීඩා උලෙළ 2015
• 400m හොදම කාලයට හිමි සම්මානය ලැබීම,

# ජොන් ටාර්බට් ක්‍රීඩා උලෙළ 2014
• 400m නව තරග වාර්තාවක් පිහිටුවීම,

# ජාතික මහා ක්‍රීඩා උලෙළ 2017
• 200m දෙවෙන ස්ථානය
• 400m තෙවන ස්ථානය

# ජාතික යෞවන ක්‍රීඩා 2017
• 400m ප්‍රථම ස්ථානය
• 200m දෙවෙන ස්ථානය
• 100m දෙවෙන ස්ථානය

# ජාතික මහා ක්‍රීඩා උලෙළ 2016
• 400m තෙවන ස්ථානය
• 4*100m තෙවන ස්ථානය

# 93 වන ජාතික ක්‍රීඩා 2015
• 200m තෙවන ස්ථානය

ඔලිම්පික් යන්න හම්බුනොත් මොකද කරන්නේ
මගේ රට වෙනුවෙන් කරන්න පුලූවන් උපරිමය කරන්වා,පුලුවන් උපරිම තරගයක් ලබාදීමට මහන්සි වෙන්වා.

ක්‍රීඩා කරනකොට තියෙන ගැටළු මොනාද?
ක්‍රීඩා පිට්ටනියේ ගැටලු තියෙනව, පුහුණුවීම් කිරිමට අපහසු මට්ටමේ පවතින්නේ .

මොනවද අනාගත බලාපොරොත්තු?
ක්‍රීඩාව වගේම අධ්‍යාපනයෙනුත් ඉහළට යන්න.

ඔමායා ඔබේ ක්‍රීඩා ජීවිතයටත් අධ්‍යාපන ගමනටත් ක්‍රිස්බ්‍රෝ අපි එකසේ සුභපතනවා, ඔබේ අනාගත බලාපොරොත්තු එලෙසම ඉටුවේවායි යන්න අපගේ පැතුමයි. ඔබට ජය

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x