පාසල් තරගයේදී මගේ අයියව මම පරාජය කළා එයාගේ ක්‍රීඩා ජිවිතයෙන් එයා එදාම සමුගත්තා

නිශාන් අපි මුලින්ම ඔබගේ ක්‍රීඩාවට අත්පොත් තැබුවේ කොහොමද කියන කාරණයත් සමග පටන්ගමු .

මම ක්‍රීඩකයකු විදියට ක්‍රීඩාවට අවතීර්ණ වන්නේඅනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ප්‍රදේශයේ මහාකනදරාව යන පාසලෙන්.

මුලින්ම මම වයස අවුරුදු 11න් පහල දී 75මී ධාවන තරගයට සහභාගී වෙලා ජයග්‍රහණය ලබනවා. ඉන් පසුව කෙමෙන් කෙමෙන් දුර ධාවනයට යොමු වනවා. වයස අවුරුදු 17න් පහල දී උතුරු මැද පලාත් තරගය 1500මී ඉසව්වෙන් ජයග්‍රහණය කරනවා.

ක්‍රීඩාවේ දිගු ගමන මන් ආරම්භ කරන්නෙ පොලිස් විශේෂ කාර්යය බලකායට සම්බන්ධ විමත් සමගයි.

පාසල් වියේදී එනම් 2007 වසරේදී ජාතික මහා ක්‍රීඩා උලෙළේ මැරතන් ධාවන තරගයේ ශූරතාව ලබා ගන්නවා.

ඔබට මෙම ක්‍රීඩා හැකියාව ලැබෙන්නේ පියාගේ ක්‍රීඩා ආභාශයත් සමග. ඔබගේ පියත් ජාතික මට්ටමේ ක්‍රීඩා ශූරයෙක්. ඒ පිළිබඳව මතක් කලොත් යමක්

මට කලින් මගේ සහෝදරී වගේම සහෝදරයත් ක්‍රීඩාවේ නිරත වනවා වගේම ජයග්‍රහණ ලබා ගන්නවා. අපේ නිවසේ සිට ගේට්ටුව ලගට 75මී ක ධාවන පථයක් තාත්තා හදලා තිබුණා. තාත්තා ඒකේ අයියා අක්කාව දුවවනවා. එත්නින් තමා මමත් මෙම ක්‍රීඩාවට ආසා කරන්නෙ.

මෙම ක්‍රීඩාව තුල මට අමතක නොවන සිදුවීමක් තියෙනවා මගේ සහෝදරයත් සමග. ඒ පාසලේ ආදි ශිෂ්‍ය සංගමේ ක්‍රීඩා උළෙලේ දී  අයියටයි මටයි එකම වයස් කාණ්ඩයෙන් 200×4 මී සහය දිවීමේ ඉසව්වට එකම ස්ථානයේ batton දෙක අරන දුවන්න යෙදෙනවා. එදින මන් අයියාව පරාජය කරනවා. ඒ අවස්ථාවෙන් පසුව අයියා ක්‍රීඩාවෙන් සමු ගන්නවා.

ඔබ මුලින්ම ජයග්‍රහණ ලබා ගන්නේ දුර ධාවන තරග ඉසව් වලින්. නමුත් පොලිස් විශේෂ කාර්යය බලකායට බැදීමත් සමග ඔබ මැදි දුර ධාවන තරග වලට යොමු වන්වා. එයට හේතුව කුමක්ද ?

මුල්ම අවධියේදී පියාගේ උපදෙස් අනුව දුර ධාවන තරග වල නිරත වන්නේ. පොලිස් විශේෂ කාර්යය බලකායට සම්බන්ධ වූවාට පසු මගේ ක්‍රීඩා ඉරියව්ව මගේ ක්‍රීඩා රිද්මය අනුව මට සුදුසු වන්නේ මැදි දුර ධාවන තරග කියන දේ මාගේ පුහුණුකරු ලෙස කටයුතු කරපු පොලිස් සැරයන් තුෂාර මහතා තීරණය කරනවා. ඒ අනුව මම 400මී හා 400මී කඩුලු පැණීම යන ඉසව් වලට යොමු වනවා.

ඔබගේ ක්‍රීඩා දිවියේ අවසාන බලාපොරොත්තුව කුමක්ද ?

මං හිතන්නේ ඕනෑම ක්‍රීඩාවක නිරත වන ඕනෑම ක්‍රීඩකයකුගේ බලාපොරොත්තුව ලෝක මට්ටමේ තරගාවලියකට සම්බන්ධ වීම. ආසියානු මට්ටමින් නොනැනවතී ඔලිම්පික් දක්වා යාම තමා බලාපොරොත්තුව.

එලෙසම මම දෙසැම්බර් මාසයේ පැවත්වෙන ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබලා තිබෙනවා. 2020දී කැනඩාවේ දී පැවැත්වෙන ලෝක ප්‍රවීණයන්ගේ තරගාවලියෙන් ජයග්‍රහණය ලබා ගැනීම තමා බලාපොරොත්තුව.

තවත් මගේ බලාපොරොත්තුව වශයෙන් තිබෙන කාරණයක් තමා මගෙන් පසු ක්‍රීඩ්කයකු බිහි කරන එක. මන් උගත් දේ නවකයින්ට ලබා දෙන එක..

ඔබට ක්‍රීඩාවෙන් මෙපමණ දුරක් එන්න. සහයෝගය දක්වපු අය මතක් කරමු අවසාන වශයෙන්..
මම පොලිස් විශේෂ කාර්යය බලකායට සම්බන්ධ වන්නේ 2007දී. එතැන් පටන් මේ දක්වා පොලිස් විශේෂ කාර්යය බලකාය මේ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ දක්වා මාව යොමු කරන්නේ.  ඉතින් මන් ස්තූතිවන්ත වනවා දැනට අපගේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියේජ්‍ය පොලිස්පති ලතීෂ් මහතාට. එලෙසම කටකුරුන්ද පුහුණු පාසලේ අධ්‍යක්ෂතුමා ඇතුලු කාර්ය මණ්ඩලයටත්,මාගේ ආදරණීය බිරිඳ ,මාගේ දෙමාපියන් හා මාගේ බිරිඳගේ දෙමාපියන් යන සියලු දෙනා මා සමග මේ දක්වා උදව් කරපු අයයි. මාගේ ස්තූතිය ඔවුන්ට මේ අවස්ථාවේ පුද කරන්න කැමතියි.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x