පාපන්දු ලෝකයට පෙම් බැන්ඳ බ්‍රසීලයේ bullet man – Roberto Carlos

බ්‍රසීලය කියලා කියන්නේ ලෝකයට ඇති විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයින් බිහි කරපු රටක්. ලෝක ශුරතා ගණනාවක් තමන්ගේ රටට අරන් ගිය ක්‍රීඩකයෝ මේ බ්‍රසීලයෙන් බිහිවෙලා තිබෙනවා. ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩකයන්ගේ නාමාවලියට එනම් fifa 100 ලැයිස්තුවට ඇතුලත් වෙච්ච බ්‍රසීල ක්‍රීඩකයෙක් පිළිබඳවයි අපි අද දවසේ කතා කරන්න යන්නේ.

බ්‍රසීලයේ සාවෝ පවුලෝ නුවර දුගී පවුලක උපන් පිරිමි දරුවෙක් පාපන්දු ක්‍රීඩාවට බෙහෙවින් පෙම් බැන්දා, බ්‍රසීලයේ බොහෝ දරුවන් මෙන් ඔහුද පාපන්දු ක්‍රීඩා කලේ වීදි වලයි. මව හා පියාගේ දරිද්‍රතාවය නිසා ඔහුට කුඩා වියේදීම රැකියාවක් කිරීමටද සිදුවුණා. කෙසේවෙතත් ඉඩකඩ ලැබෙන සෑම අවස්ථාවකදීම ඔහු පාපන්දු ක්‍රීඩා කළා .මේ නිසාම ඔහු තුල වේගයත් පාපන්දුව හැසිරවීමේ හැකියාවත් ඉතාමත් විශිෂ්ට වුණා, එය බොහෝ දෙනා කතාකරන තරමේ දක්ෂතාවක් බවටද පත්වන්නට වුණා. මේ හේතුවෙන්ම වයස අවුරුදු 14 වන විට කුඩා ක්‍රීඩා සමාජයක ක්‍රීඩා කිරීමට මේ ක්‍රීඩකයාට අවස්ථාව හිමි වුණා. ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයට ගත් මෙම ක්‍රීඩකයා පසු කලෙක ක්‍රීඩා තරඟ වලදී බොහෝ දෙනාගේ අවදානය දිනාගැනීමට සමත් වුණා ඒ නිසාම වයස අවුරුදු 19 වන විට Roberto Carlos නම් මේ ක්‍රීඩකයාට බ්‍රසීල ජාතික කණ්ඩායමේ දොරටුව විවර වුණා.

1998 පාපන්දු ලෝක කුසලානයේදී බ්‍රසීලයට අනුශුරතවයත් 2002 වසරේදී ශුරතාවයත් දිනා දෙන්නට Roberto Carlos සිදු කරන්නේ අනගි මෙහෙවරක්. පාපන්දු පිටියේදී ඔහුගේ වේගය නිසාවෙන්ම ඔහුව හැඳින්වුයේ bullet man ලෙසින්. ලොව එදා මෙදා තුල බිහිවූ හොඳම පාපන්දු ක්‍රීඩකයින් 100 දෙනා අතරට ඇතුලත් වීමෙන් Roberto Carlos තමා කෙතරම් විශිෂ්ටයෙකුදැයි ලෝකයට පෙන්වා දී තිබෙනවා.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x