පාපන්දුව සිහිනය අතහැර ඔලිම්පික් සිහිනය පසුපස යන දිනුක – Dinuka Deshan

ජයග්‍රහණ කියන දේවල් ඉබේ පහල වෙන්නේ නෑ ඒවා දීර්ඝ කාලීන ක්‍රියාදාමයක ප්‍රථිපලයක් විදියටයි අපිට ලැබෙන්නේ ඔබට හෙට දවසේදී ජයග්‍රණයක් අසුරු සැනෙකින් ලබාගන්නට බැහැ ඒකට බොහෝ සෙයින් මහන්සිවෙන්නට ඕනේ ඒ වගේම බොහෝ සෙයින් කපවිමටද අවශ්‍යයි. අපි අද සුදානම් වෙන්නේ හෙට දවසේ එලෙස මහන්සියෙන් නෙලාගන්න පුළුවන් ජයග්‍රහණයක් වෙනුවෙන් අද දවසේ වෙහෙස වෙන කනිෂ්ඨ ක්‍රීඩකයෙක් ගැන තොරතුරු ඔබට කියන්නයි.

ඔබේ නම සඳහන් කලොත්?
මගේ නම දිනුක දේශාන්

ඔබේ පාසල?
මගේ පාසැල කළුතර සිරිකුරස විද්‍යාලය මම මෙවර අපොස උසස්පෙළ විභාගයට කළා අංශයෙන් පෙනී සිටියා.

ඔබේ ක්‍රීඩා ඉසව්ව?
මගේ ඉසව්ව මීටර් 400 ඉසව්ව

ඔබ මලල ක්‍රීඩා වලට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මම 2016 වසරේදී තමයි මලල ක්‍රීඩා වලට එන්නේ කෝච් කෙනෙක් හම්බුනා නිසා ඒ වෙනකම් මම පාපන්දු ක්‍රීඩාවේ තමයි නිරතවෙලා හිටියේ.

මේ ඉසව්වෙන් ඔබ ලබාගත්ත ජයග්‍රහණ ගැන සඳහන් කලොත්?
මම 2018 junior national meet එකේ 3rd place, ඒ වගේම ජෝන් ටාබට් 2nd place, ඒ වගේම 2019 All island මීට් එකේ 1st place.

ඔබගේ පුහුණුකරු ගැන සඳහනක් කලොත්.
මගේ පුහුණුකරුගේ නම ඩිලාන් සුරාජ් මෙන්ඩිස් ඔහු තමයි අද මාව මේ තැනට ගෙනාවේ සර්ට මව හම්බුනේ 10 වසරේදී වගේ එතන ඉදන් අවුරුදු 2ක් වගේ කෙටි කාලයක් ඇතුලත All island මෙඩල් එකක් කරා ගෙනියන්න සර් මට ගොඩක් උදව් කළා.

පවුලේ විස්තර ගැන කෙටි සටහනක් කලොත්?
අපේ ගෙදර ඉන්නේ මායි අයියයි අම්මයි තාත්තයි, අම්මයි තාත්තයි මට ගොඩක් උදව් කරනවා මට මේ තැනට එන්න.

අවසාන වශයෙන් මොනාද ඔබට කියන්න තියෙන්නේ මොනාද ඔබගේ අනාගත බලාපොරොත්තු?
මෙවර next champ විදියට මාව තෝරගත්තට ක්‍රිස්බ්‍රෝ ආයතනයට බෙහෙවින්  ස්තුතිය පුද කරනවා, මගේ අනාගත බලාපොරොත්තුව ලංකාවට ඔලිම්පික් පදක්කමක් ලබාදීමයි.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x