දකුණු ආසියාවේ වේගවත්ම කොල්ලො හතර දෙනා ගෙන් පොඩි ම කොල්ලා අපේ සන්දීප

අප විසින් වපුරන දේ තමයි අනාගතේ අපගේ අස්වැන්න බවට පත් වන්නේ.

අද අප ගේ ක්‍රිස්බෝ next champ තුලින් කතා බහට ලක්වන්නේ මීගමු මාරිස්ට්ලාවෙන් බිහි උන තවත් ධාවන ශූරයෙක් ගැනයි. ඔහු නමින් චානුක සන්දීප්.

සන්දීප් ඔබගේ ලබා ගත් ජයග්‍රහණය ගැන කතා කලොත්,

වයස අවුරුදු 15දී තමා මම මුලින්ම පළාත් තරග ජයග්‍රහණය කළේ. ඉන් අනතුරුව 2015 සිට 2017 දක්වා සෑම සමස්ථ ලංකා තරගයේදීම 100මී  ඉසව්ව මම ජයග්‍රහණය කරා.

මෙවැනි ජයග්‍රහණ ඔබට අත් කර ගැනීමට සහ ඔබගේ ක්‍රීඩා ගමනට සහයෝගය දුන් අය මතක් කරොත්?

මුලින්ම ගිය පාසලෙන් මට බෙහෙවින් උදව් කරන චාන්දනී  මිස්. ඉන් පසුව මෙම පාසලට ඇතුලත් වීම සදහා කලින් සිටි විදුහල්පති වන මර්වින් බ්‍රදර් ගොඩක් උදව් කරා.

මගේ පුහුනුකරුවන් වශයෙන් පිලිප් සර්.
මගේ muscles ක්‍රියාකාරිත්වය සදහා අජිත් සර් මට විශාල සහයෝගයක් ලබා දෙනවා.

ඊට අමතරව පාසලේ ක්‍රීඩා භාර ආචාර්යවරුන් වන සුසන්ත සර්, ටෝනි සර්, සිල්වා සර්, සුරංජිත් සර් හා තාරුක සර්ගෙන් නොමද සහයෝගයක් ලැබෙනවා.

ක්‍රීඩාව හා ඉගෙනීම සන්දීප් කොහොමද කලමණාකරනය කරගන්නෙ?

සතියට දින පහක සවස් වරුව ක්‍රීඩාව සදහා වෙන් කරලා තියෙනවා.  ඉතිරි සියලුම දවස්  ඉගෙනීමේ කටයුතු සදහා වෙන් කරලා තියෙනවා.

ඔබ විසින් වාර්තා කරපු හොදම කාලය කොපමණද?

2017 සමස්ථ ලංකා තරගාවලියේ 100මී ඉසව්වේදී 10.8 කාලයක් වාර්තා කරා. එයයි මගේ හොදම කාලය.

ඔබගේ ක්‍රීඩා කටයුතු වලට නිවසෙන් ලැබෙන සහයෝගය කොහොමද?

තාත්තා තමා මට වැඩිපුර උදව් කරේ.හැම වෙලාවෙම මාව පාසලට ගෙනත් දැම්මා. පුහුනුවීම් තියෙන්නෙ කොහෙද කියලා පුහුනුකරු කිව්වම තාත්තා තමා මාව එක්කන් යන්නෙ.තාත්තා හැම උදව්වක්ම  කරනවා.

ඔබගේ ක්‍රීඩා දිවියේ අනාගත බලාපොරොත්තු මොනවද?

මගේ ලොකුම බලාපොරොත්තුව 2020 වර්ශයේ ඔලිම්පික් තරගාවලියට මුහුණ දී මාගේ උපරිම දක්ශතා පෙන්වීම. ඒ වගේම ඉදිරියේදී  පැවැත්වෙන අනෙක් තරගාවලි වලට සහභාගී වීමට හා ජයග්‍රහණ ලබා ගැනීම තමයි බලාපොරොත්තුව.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x