කන්තලේ මහවැලිපුර විදුහලේ කබඩි කණ්ඩායමට ක්‍රිස්බ්‍රෝ අනුග්‍රහය

ක්‍රිස්බ්‍රෝ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ මහවැලිපුර විදුහලේ කබඩි කණ්ඩායම සඳහා අනුග්‍රාහකත්වය දක්වමින් එම කණ්ඩායම සමස්ත ලංකා ජයග්‍රහණ වෙත රැගෙන යෑමට සමත් වී ඇත.

ක්‍රිස්බ්‍රෝ දැක්ම අනුව ග්‍රාමීය ආර්ථික, සමාජ සවිබලගැන්වීම යටතේ මහවැලිපුර විදුහලේ කබඩි කණ්ඩායම සඳහා වසර කිහිපයක සිට අනුග්‍රහය දැක්වීමට ක්‍රිස්බ්‍රෝ කටයුතු කරන ලදී. මෙම අනුග්‍රහය මත පසුගිය වසරේ සමස්ත ලංකා පාසල් කබඩි තරගාවලිය ජය ගැනීමට මහවැලිපුර යොවුන් ක්‍රීඩකයන්ට හැකි වූ අතර පාසල් මට්ටමෙන් ජාතික මට්ටම දක්වා ගමන් කිරීමට මහවැලිපුර විදුහලේ කබඩි කණ්ඩායමේ ක්‍රීඩකයන්ට හැකි ව තිබේ. පසුගියදා ක්‍රිස්බ්‍රෝ ජාතික ඔලිම්පික් කමිටුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙමින් ‘NOCSL-CRYSBRO NEXT CHAMP’. ශිෂ්‍යත්ව වැඩසටහන පසුගියදා දියත් කළ අතර ක්‍රීඩා කුසලතා සහිත ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම මෙම වැඩපිළිවෙළෙහි මුලික අරමුණ විය.

මෙම ගිවිසුමට අනුව ජාත්‍යන්තර තලයට ළඟා විය හැකි පරිසාධන මට්ටමක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනකු 2022 දී පැවැත්වෙන යොවුන් ඔලිම්පික් තරගාවලිය, ආසියානු තරගාවලිය, 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සහ දකුණු ආසියානු තරගාවලිය වැනි ක්‍රීඩා තරගාවලි ඉලක්ක කර ගනිමින් පුහුණු කිරීමට නියමිතය.

Source : Silumina

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x