ඔලිම්පික් හීන 20ක වගකීම ක්‍රිස්බ්‍රෝ භාරගනී

2018 වසරේ crsbro next champ වැඩසටහන අරම්භකිරීමත් සමග මව්බිම පුරා විසිරී සිටින දක්ශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සමාජයට හදුන්වා දීමට අපට හැකි වූ අතර. ඒත් සමගම ඔවුන්ට තිබෙන දුශ්කර අභියෝග පිලිබදව ද අපිට මනා වැටහීමක් ඇතිවුණා. ඒ නිසාම ගිය වසරේ ජාතික ඔලිම්පික් කමිටුව හා අත්වැල් බැදගත් අපි තෝරාගත් දක්ශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගේ වගකීම භාරගත්තේ සෑම වසරකම ලක්ශ 200ක මුල්‍ය ආයෝජනයක් ඔවුන් වෙත පිරිනමමින්.

නමුත් මුල්‍ය හා තවත් විවිධ අග හිග කම් මැද ඔලිම්පික් හීනය පසු පස හබායන තවත් දක්ශ දරුවන් බොහෝ පිරිසක් ඔබේ අපේ සහයෝගය බලාපොරොත්තුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත්වනවා. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙනුත් යම් කිසි විදිමත් වැඩපිලිවෙලක් ආරම්භකිරීමේ වගකීමද අප භාරගත්තේ ක්‍රීඩාවට ආදරය කරන ශ්‍රී ලාංකික ආයතනයක් වශයෙන් අපෙන් විය යුතු යුතුකමක් වශයෙනි. ඒ අනූව Next Olympic Hope වැඩසටහන තව නොබෝ දිනකින් ඔබ අතට පත්වන අතර www.nextolympichope.com වෙබ් අඩවිය ඔස්සේ සහයක් ඇවැසි ඕනෑම ක්‍රිඩක ක්‍රීඩිකාවකගේ මූල්‍ය හෝ භාන්ඩ අවශ්‍යතා වෙනුවෙන් සහයෝගය ලභාදීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

එම සියලුම මුදල් ජාතික ඔලිම්පික් කමිටුවේ ගිණුමකට බැරවන අතර ඔවුන් විසින් එය අදාල ක්‍රීඩකයාට ලබාදෙනු ඇත. ඒ සියලුම තොරතුරු එම වෙබ් අඩවියේම ඔබේ දැනුවත් වීම සදහා ප්‍රචාරය කරනු ලැබේ.
එන්න අපි ඔවුන්ට සවියක් වෙමු මීලග ඔලිම්පික් සිහිනය සිහිනයක් නොව යතාර්තයක් කරගමු.

(Video Source : Ada Derana)

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x