ඔබ අත් නොහරින්නේ නම් ඔබ පරාජිතයෙකු ද නොවේ – බකීලගේ කතාව

ඔබ සිතන්න සිතන්න ඔබ ධාවන තරගයකට සහභාගි වීමට යනවා හදිසියේම ඔබට දැනෙනවා ඔබගේ ගමන් මල්ලේ ඔබගේ පාවහන් යුගලය නොමැති බව තරගය ආරම්භ වීමට ඉතාමත් ආසන්නයි ඔබ කුමක් කරයි ද ඇතැම් විට ඔබ මානසිකව කඩා වැටෙයි, ඇතැම්විට තරගයට සහභාගි නොවී ඉදී, තරගයට සහභාගි වුණත් දිව යාමට ඔබට ධෛර්යක් නොතිබේවි, පාවහන් යුගලය නොමැති වීමේ කාරණය ඔබට එලෙස බලපෑම් කරාවි.

ඔබ සිතන්න කිලෝමීටර් හතළිස් දෙකක දුරක් මැරතන් ධාවනයේ යෙදීමට නියමිත ක්‍රීඩකයෙකුට ඉහත අත්දැකීමට මුහුණ පෑමට සිදුවුයේ යැයි ඔබ සිතන්නේ කුමක් සිදු වන්නට ඇතිද?

ඔව් එලෙස ක්‍රීඩකයෙක් තරග වැදුනා, වෙන කොහේදිවත් නෙමේ ලොව උත්කර්ෂවත්ම ක්‍රීඩා ඉසව්ව වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙදී.

Barefoot runner පාවහන් යුගලක් නොමැතිව ඔලිම්පික් මැරතන් ඉසව්ව ජයග්‍රහණය කළ ලොව පළමු වෙනියා ඔහුගේ ධෛර්යයෙන් අප ඉගෙන ගත යුතු බොහෝ පාඩම් තිබෙනවා ඒ නිසා අපි අද කතා කරන්න යන්නේ Barefoot runner ගේ කතාවයි.

1931 වසරේ ඉතියෝපියාවේ උපත ලබන කුඩා දරුවෙකු දුර දිවීම කෙරෙහි අසාමාන්‍ය  ප්‍රියතාවක් දක්වන්නකු වනවා වෙහෙසකර සහ දුෂ්කර ක්‍රීඩා සඳහා ප්‍රිය තාවයක් දැක්වූ ඔහු 1952 වසරේ දී  එරට යුද හමුදාවට බැදෙන්නේ සාමාන්‍ය සෙබළකු ලෙස යි.

නමුත් එවකට එහි පුහුණුව සඳහා පැමිණි ස්වීඩන් ජාතික පුහුණු කරුවෙකු මේ ක්‍රීඩකයන්ට යාමට දුර ගමනක් ඇති බව තේරුම් ගන්නවා එහි ප්‍රතිඵලය  1954 වසර වන විට මොකෝ මැරතන් ධාවකයෙකු ලෙස පුහුණුව ඇරඹීමයි 1960 රෝම ඔලිම්පික් තරඟය සඳහා සුදුසුකම් ලබන මෙම ක්‍රීඩකයා රෝමයට යන්නේ කෙසේ හෝ රන් පදක්කමක් දිනා දිනා ගැනීමට අරමුණු ඇතිවයි. නමුත් තරගය ආරම්භයේ වතම පාවහන් යුගලක් පැළඳ තරගයට පිවිසි අබීබේ බිකිලා නම් මේ ක්‍රීඩකයාට අපහසුතාවයකට මුහුණ දීමට සිදු වෙනවා.එනම්  මෙම පාවහන් යුගල දෙපා මත සිරවී අධික වේදනාවක් ඇති වීමයි මෙම පාවහන් යුගලය පැලැඳීමෙන් තමා ට ඉදිරියට යෑමට නොහැකි බව තේරුම්ගත් බිකිලා පාවහන් යුගල නොමැති ව කිලෝමීටර් හතළිස් දෙකක් තරග වැදීමට තීරණය කරනු ලබනවා. රත්වූ මහපාරේ කටුක බව පසෙකට දමමින් කිලෝ මීටර් හතළිස් දෙකක් ධාවනයේ යෙදුන මෙම ධෛර්යවන්ත මිනිසා අවසානයේ තම පළමු ඔලිම්පික් රන් පදක්කම ලබා ගනිමින් තරගය අවසන් කරනවා එහි විශේෂත්වය වන්නේ ඔහු ලබා ගත් කාලය නව ලෝක වාර්තාවකට ද හිමිකම් කීමයි.

තරඟය අවසානයේ අපූරු අප්‍රිකානු නර්තනය ඉදිරිපත් කළ බිකීල පවසන්නේ තමන්ට මෙම නිරුවත් දෙපයින් තවත් කිලෝමීටර දහයක් වුව ද ගමනේ යෙදිය හැකි බවයි. පාවහන් නොමැති ව 1960 ඔලිම්පික් රන් පදක්කම ජයග්‍රහණය කළ බිකිලා පාවහන් සහිතව 1964 ඔලිම්පික් ඉසව්ව ද ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා ඒ ඔලිම්පික් ඉතිහාසයේ පිට පිට දෙ වරක් මැරතන් ඉසව්ව ජයග්‍රහණය කළ ලොව එකම ක්‍රීඩකයා බවට පත් වෙමින්.

ක්‍රීඩකයෙකු ලෙස ඔබට අභියෝග පැමිණෙන්නේ කුමන මොහොතක දැයි ඔබත් මමත් දන්නේ නෑ නමුත් කුමන අභියෝග පැමිණිය ද ජයග්‍රහණය කළ බිකිලා ඔබට කියා දෙන්නේ ඔබ අත් නොහරින්නේ නම් ඔබ කිසිදා පරාජිතයකු ද නොවන බවයි.

 

 

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x