අවුරුදු 28කට කලින් පැනපු පිම්ම තවමත් නොබිදුනු ලෝක වාර්තාවක් වෙච්ච හැටි

අවුරුදු 20කටත් වඩා බිඳ නොවැටිච්ච ක්‍රීඩා ලෝක වාර්තා තියෙන්න පුලුවන්ද? එහෙම තියෙන ලෝක වාර්තා ඉතාමත් අල්ප ප්‍රමාණයක් තියෙනවා. එහෙම ලෝක වර්තාවක හිමිකාරයෙක් ගැන අද අපි කතාකරන්න සූදානම් වෙනවා. ඔහු එදා පැනපු ඒ පිම්ම අදටත් කාටවත් පනින්න බැරි වෙලා තිබෙනවා. මේ ඔහුගේ කතාවයි.

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ උපන් කුඩා දරුවෙකු කුඩා කල සිටම දඟ කාරයෙක් වුනා. සෙල්ලමට බර මේ විසේකරයාගේ විනෝදාංශය වුනේද අරුම පුදුම ක්‍රියාවක්. පාසලේදී මේ දඟ කාරයා උස පැනීමට මෙන්ම බාස්කට් බෝල් ක්‍රීඩාවට යොමු වුනා. දිගු දෙපා ඔහුව ඉහල උසකට රැගෙන ගියත් ඔහුට වාසනාව පෑදුවේ වෙනත්ම ඉසව්වක්. මුල සිටම මීටර් 7ක් 8ක් ඉතාමත් පහසුවෙන් තරණය කල ඔහු 1988දී ඔලිම්පික් රිදී පදක්කමක් ඇමරිකාවට දිනාදෙන්නේ දුර පැනීමේ ඉසව්වෙන්. මේ එවකට ලොව දුරපැනීමේ ශුරයා වූ කාල් ලුවිස්ට පමණක් දෙවෙනි වෙමින්. මයික් පවෙල් නමැති මෙමෙ ක්‍රීඩකයා 1991දී අති විශේෂ පිම්මක් පනිනු ලබනවා. ඒ මීටර් 8.95ක දුරක් තරණය කරමින් එය නව ලෝක වාර්තාවක්ද වන අතර අවුරුදු 28ක් මුළුල්ලේ තවමත් නොකැඩී පවතින ලෝක වාර්තාවක්ද වනවා.1992 1993 ලෝක ශුරතා රන් පදක්කම් දෙකම දිනා ගත්තද මයික් පවෙල්කිසිදා ඔලිම්පික් රන් පදක්කමකට හිමිකම් කිව්වේ නැහැ. කෙසේ නමුත් ඉන් මයික් පවෙල් නම් මේ ඇති විශිෂ්ට ක්‍රීඩකයාගේ හැකියාව ප්‍රශ්න කල නොහැකි බවට මලල ක්‍රීඩා විචාරකයින් පේනවා දෙනවා.

3.3 4 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x