ජාතික මලල ක්‍රිඩා ශුරතාවලියට අදාල තවත් තරග කිහිපයක් අදියර වශයෙන් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමය පවසයි. පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ජාතික මලල ක්‍රිඩා ශුරතාවලිය පැවැත්වීමට හැකියාව ලැබුනේ එක් අදියරක් පමණි.
ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට පෙර මෙරට මලල ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සුදුසුකම් ලැබීම සදහා මෙරට පැවැත්වෙන අවසන් මලල ක්‍රිඩා තරගාවලිය ජාතික ශුරතාවලියයි.
මේ දක්වා ඔලිම්පික් ක්‍රිඩා උළෙල සදහා මෙරට නියෝජනය කරමින් මලල ක්‍රිඩා ඉසව්වෙන් තරග වැදීම සදහා සුදුසුකම් ලබා සිටින්නේ නිලානී රත්නායක ක්රිඩිකාව පමණි. මේ අනුව තවත් ක්‍රිඩක-ක්‍රිඩිකාවන් කිහිපදෙනෙකුට අවස්ථාව උදාකිරීම සදහා ජාත්‍යන්තර තරගාවලි කිහිපයකට සහභාගි කරවීමට ද අවධානය යොමුවී ඇතැයි ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමය පවසයි.
Subscribe
0 Comments
Categories
Latest Posts
Crysbro Next Champ wins Bronze at SLIM DIGI Awards 2.1
February 18, 2022
Athletes Skills Development Programme 2021
December 29, 2021
රත්නපුර පුංචි සටන්කාමියා තරින්ද
May 20, 2021