වටිනා දේවල් සුලබ නැහැ ඒවා දුලබයි එමෙන්ම සොයා සොයාගැනීමද දුෂ්කරයි එතරම් දුෂ්කර වූවත් අපිට මෙම ව්‍යායාමයේ නිරත වෙන්නේ හෙට දවසට වටිනාකමක් දිය හැකි අද දවසේ අංකුර ලක්ෂණ පෙන්නුම් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයගන්නටයි අපි මේ වන විට එවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් ගැන කතා කරලා තියෙනවා, මේ තවත් එවැනි ක්‍රීඩිකාවක් ගැන තොරතුරුයි.
ඔබේ නම සඳහන් කලොත්
මගේ නම දුල්මි රුහංසා වීරක්කොඩි ,
ඔබගේ පාසල සහ ශ්‍රේණිය
මගේ ස්කූල් එක බම්බලපිටියේ Holy Family Convent එක මම Grade 10 වල ඉගෙනගන්නේ.
ඔබ ක්‍රීඩා කරන ක්‍රීඩා ඉසව් මොනවද?
මීටර් 100 , 200 සහ දුර පැනීමේ ඉසව් මම කරනවා
ඔබ පුහුණුවීම් පටන් අරන් දැන් කොපමණ කාලයක් වෙනවද?
ඇත්තටම Nursery එකේ ලාස්ට් year එකේ ඉදන් තමයි මන් practice පටන් ගත්තේ .ඒ ඉඳන් මේ වෙනකන් මම පුහුවීම් කටයුතු කළා ඇත්තටම මගේ පරණ පාසලෙන් තමයි මගේ හැකියාවන් එලියට ආවේ.
ඔබේ දක්ෂතා අතර හිටපු හොඳම වසර කුමක්ද?
2017 තමයි මගේ ක්‍රීඩා ජිවිතයේ හොඳම වසර බවට පත් වුනේ මම ඒ වසරේදී මීටර් 100 200 සහ දුර පැනීමේ ඉසව් 3න්ම වාර්තා තිබ්බ, ගිය අවුරුද්ද මැද වෙනකම් මගේ වාර්තා කඩලා තිබ්බේ නෑ .
ඔබේ ක්‍රීඩා ගමනට උදව් කරන්නේ කව්ද ?
මගේ අම්මයි තාත්තයි ඒ දෙන්නා නැත්තම් මම අද මේ තැන නැහැ නංගිත් මට උදව් කරනවා, ඒ වගේම ගරු දීපා කන්‍යා සොයුරිය ඒ වගේම හිටපු Athletic Incharge මිස් ඉන්දිකා, ශවිනි ඒ වගේම රෝයි සමන්ත සර්ව විශේෂයෙන් මතක් කරනවා ඒ වගේම මිස් ලලනා සහ ජයකොඩි සර්ව මතක් කරනවා.ඒ වගේම දිලාන් සුරාජ් මෙන්ඩිස්, සෙනවිරත්න සර් එයාලටත් ගොඩක් ස්තුතියි, ඒ වගේම නැන්දලා දෙන්නයි ලොකු අම්මවයි පුංචිවයි මතක් කරන්න ඕනේ මොකද එයාල මට ගොඩක් උදව් කරලා තියෙනවා
මොනාද ඔබගේ අනාගත බලාපොරොත්තු?
මුලින්ම මාව Next Champ විදියට තෝරගත්ත ක්රිස්බ්රෝ ආයතනයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා, මගේ අනාගත බලාපොරොත්තුව ලංකාවට ඔලිම්පික් මෙඩල් එකක් ගෙනත් දෙන එක.